සපුගස්කන්ද රත්ගහවත්ත ප‍්‍රදේශයේදී අද අත්අඩංගුවට ගත් ‘අයිස්’ මත්ද්‍රව්‍ය කිලෝ 100කට ආසන්න ප‍්‍රමාණයේ මහමොළකරු ලන්ඩනයේ සිටින කුඩු ලාල්ගේ බවට අනාවරණය වී තිබේ.
පැකට් 91 ක් ලෙස තිබියදී මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සොයාගත් බවත් මීට පෙර අත්අඩංගුවටගත් සැකකරුවකුගෙන් ලද තොරතුරු මත මෙම සොයාගැනීම කළ බවත් අජිත් රෝහණ මහතා පැවසීය.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මීට දින දෙකකට පෙර මෝදරදී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ග‍්‍රෑම් 100 බැගින් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බවත් එහි දිගුවක් ලෙස ජාඇල ප‍්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 13 ක් සමඟ කාන්තාවන් දෙදෙනකු ඇතුළු සැකකරුවන් හයදෙනකු ඊයේ (11) අත්අඩංගුවට ගත් බව ඔහු පැවසීය.
ගතවූ දිනක් තුළ එකම මත්ද්‍රව්‍ය ජාලයක් සතුව තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 114 කට ආසන්න ප‍්‍රමාණයක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
එම සැකකරුවන්ගෙන් ලද තොරතුරු අනුව කළ විමර්ෂණයේ ප‍්‍රතිඵලයක් ලෙස මෙම කිලෝ 100 කට අධික අයිස් මත්ද්‍රව්‍ය තොගය සොයාගත් බව ද ඔහු කීය.











