පොලිසියේ කොස්තාපල් තනතුරින් ඉවත් වී මත්කුඩු බෙදාහැරීමේ ජාවාරමට එක්වූ තැනැත්තෙකු කුඩුත් සමගම අත්අඩංගුවට ගැනීමට ගාල්ල පොලිසිය කටයුතු කොට ඇත.
මෙම පුද්ගලයා වසර 14ක් පමණ පොලිස් සේවයේ නිරතව සිට ඇති අතර පසුව රාජකාරියට වාර්තා නොකොට දකුණේ ප්‍රබල පාතාල නායකයකු බව කියන පොඩි ලැසී සමග සම්බන්ධ වී ඔහුගේ මත්ද්‍රව්‍ය ජාවාරම කරගෙන ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
මෙම ජාවාරමෙන් හෙතෙම මසකට ලක්ෂ 50ත්, 80ත් අතර ආදායමක් උපයන බව පොලිසිය අනාවරණය කරගෙන තිබේ.
පොලිසියට ලැබුණු ඔත්තුවක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කොට ඇති අතර අත්අඩංගුවට ගැනීමේදී ඔහු සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 23යි මිලිග්‍රෑම් 960ක් තිබී ඇති බවදු ඔත්තුවක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කොට ඇති අතර අත්අඩංගුවට ගැනීමේදී ඔහු සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 23යි මිලිග්‍රෑම් 960ක් තිබී ඇති බවද දැනගන්නට ඇත.










