වැලිකඩ බන්ධනාගාරයෙන් දින දෙකක් තුළ ‘කොවිඞ් – 19’ ආසාදිත රැදවියන් 105 ක් හදුනාගෙන ඇති බව එම බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා පැවසීය.
මෙහිදී රැදවියන් පිරිසක් පී.සී.ආර්. පරීක්‍ෂණ සඳහා යොමුකර එම පරීක්‍ෂණ ප‍්‍රතිඵල අනුව මෙම පිරිස හඳුනාගෙන ඇති බවත් එම සියලූම ආසාදිතයන් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කළ බවත් චන්දන ඒකනායක මහතා පැවසීය.
වැලිකඩ බන්ධනාගාරයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී වෛද්‍ය ආර්. පී. කේ. චන්දන මහතා පැවසුවේ වැලිකඩ බන්ධනාගරයට උසාවිවලින් සහ සෙසු බන්ධනාගාරවලින් රැදවියන් ගෙන ඒම නැවත ආරම්භ කිරීම නිසා සෑම ප‍්‍රදේශකයකින්ම පුද්ගලයන් පැමිණිම අඛණ්ඩව සිදුවන බවත් රැදවියන් සංඛ්‍යාව වැඩි වෙත්ම වයිරසය පැතිර යෑම වේගවත් වන බවත්ය.
ජනතාව ‘කොවිඞ් 19’ අවදානම අමතක කරමින් සෞඛ්‍ය පුරුදු අමතක කරමින් සිටින බවත් එය එතරම් හොඳ තත්ත්වයක් නොවන බවත් වෛද්‍ය චන්දන මහතා කීය.










