• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එරික්ගෙන් පසු දංකොටුව අද

April 10, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
එරික්ගෙන් පසු දංකොටුව අද
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා පොලීසියේ වාර්ෂිකව දස දහස් ගණන් නිලධාරීන්ට ස්ථාන මාරුවීම් ලැබුණත් එම ස්ථාන මාරුවීම්වලට එරෙහිව ජනතාව පෙළ ගැසෙන්නේ අතලොස්සක් නිලධාරීන් පමණි. සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා ඒ අතලොස්සක් අතර සිටියෙකි. දංකොටුව සහ වෙන්නප්පුව පොලිස් බලප්‍රදේශ දෙක භාරව කටයුතු කළ එරික් පෙරේරා තමන් එහි සේවය කළ කාලය තුළ පිරිසදු කළේ අපරාධකරුවන්ටත් නීති විරෝධි ජාවාරම්කරුවන්ටත් හිස ඔසවන්නට ඉඩක් නොතබමිනි. ඊට ඔහුට ශක්තියක් වූයේ ඔහු යටතේ ක්‍රියාත්මක වූ නිලධාරීන් පස් දෙනෙකුගෙන් සමන්විත විශේෂ පොලිස් කණ්ඩායමකි. එරික්ගේ මාරුවත් සමග එම නිලධාරීන් පස් දෙනාත් සීසීකට මාරුකර යැවෙන්නේ නැවතත් ඔවුන්ට එකට එකතුව වැඩක් කරන්නට ඉඩක් නොතබමිනි.

දේශපාලනඥයෙකුගේ ලියුමකින් එරික්ව දංකොටුවෙන් සහ වෙන්නප්පුවෙන් පන්නා දැමීමෙන් පසු පොලීසිය භාර ඇමතිවරයා පවසන්නේ එරික්ට එරෙහිව චෝදනා ඇති බැවින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බවත්, එතෙක් එම ස්ථාන මාරුව ලබාදුන් බවත්ය. එරික් සම්බන්ධයෙන් ඇති එකම චෝදනාව වන්නේ ඔහු දේශපාලන ගැත්තෙක් නොවී පොලීසියේ රාජකාරිය නීතියට අනුව අකුරට ක්‍රියාත්මක කිරීමය. ඔහු දේශපාලනඥයන්ගේ අණට කීකරුවෙමින් දංකොටුවේත් වෙන්නප්පුවේත් කසිප්පු ජාවාරම්කරුවන්ට නිදහසේ එම ඡාවාරම කරගෙන යන්නට ඉඩ දුන්නේ නම් අදටත් ඔහු සිටින්නේ එහිමය.

එරික්ගේ ස්ථාන මාරුවීමෙන් පසු ඒ හිඩැසට පත්කළ නිලධාරියා ගැන පොලීසිය භාර ඇමතිවරයා ඉන්නේ මහත් ආඩම්බරයෙනි. ඇමතිවරයා පවසන්නේ එරික්ට වඩා හොඳින් ඔහු රාජකාරියේ නිරතව සිටින බවය.

එරික් ඔහුගේ පොලිස් සේවා කාලය තුළ පගාව ගත් බවක් හෝ දූෂණයට අත වැනූ බවක් ඇසෙන්නට නැත. දංකොටුව සහ වෙන්නප්පුවේ සහකාර පොලිස් අධිකාරී පොලිස් අධිකාරීවරයා ලෙස ඔහු වැඩ භාරගැනීමෙන් පසු පොලීසි දෙකේ ස්ථානාධිපතිවරු, රථවාහන අංශයේ ස්ථානාධිපතිවරු සහ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරු කැඳවා තුන්වේලටම තමාට කන්න බොන්න දෙන්නැයි කීවේ නැත. එරික් ගැන දේශපාලනඥයන්ට ආඩම්බරයක් නැත්තේ ඒ නිසා විය හැකිය.

දංකොටුවේත් වෙන්නප්පුවේත් හොර අරක්කු ජාවාරම සහ නීතිවිරෝධී ක්‍රියා එරික් පෙරේරා පාලනය කළේ ඔහු යටතේ ක්‍රියාත්මක වූ නිලධාරීන් පස්දෙනාගේ විශේෂ කණ්ඩායම විසිනි. එරික්ගේ නික්ම යාමත් සමග දේශපාලන ආශිර්වාදයෙන් දංකොටුවේත්, වෙන්නප්පුවේත් ජාවාරම්කරුවන් කසිප්පු පෙරන්නට ගත්තේ ප්‍රසිද්ධියේය. ගෝඩා රා බවට පත්කරමින් මෙරට ප්‍රධාන පෙළේ ස්කාගාර වෙත අලෙවි කරන්නටද ගත්තේය. වසා දමා තිබුණු ගණිකා නිවාස සහ සම්බහන ආයතන නැවත විවෘත වන්නට ගත්තේය. ඊට එරෙහිව වෙන්නප්පුවේත්, දං‍කොටුවේත් පූජකවරු පෙරටුකරගත් ජනතාව මහ මගට බසින්නට සූදානම්වන විට පොලිස් බලධාරීන්ට සිදුවන්නේ කොළඹින් විශේෂ කණ්ඩායම් යවා මෙහෙයුම් කරන්නටය. ඒ අනුව පොලිස්පති යටතේ ක්‍රියාත්මක වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරීන් 50ක කණ්ඩායමක් සතියක් තිස්සේම රැඳී සිටින්නේ වෙන්නප්පුවේ සහ දංකොටුවේය. ඊට අමතරව හලාවත කොට්ඨාසය භාර පොලිස් අධිකාරීවරයා යටතේද නිලධාරීන් 72 ක් යොදා ඇත්තේ හය දෙනා බැගින් වූ කණ්ඩායම් 12 ක් ලෙසිනි. එම කණ්ඩායම් 12 ද මේ වන විට දංකොටුවේත් වෙන්නප්පුවේත් කසිප්පු ජාවාරම්කරුවන් සොයමින් මෙහෙයුම්වල නිරතවන්නේ එදා නිලධාරීන් 05 දෙනාගෙන් එරික් කළ කටයුත්තමය.

රුවන් වෙඩිවර්ධන

SendShareShare
Previous Post

යාපන නගරාධිපති සටන අත්නොහරී: කොළඹ නගර සභාවට පුළුවන් නම් යාපනයට බැරි ඇයි? (VIDEO)

Next Post

ආමි සුරංගගේ ඝාතනයට රට පැන්න පොලිසියේ නිශාන්ත සිල්වාගේ නම පැටලෙයි

MORE NEWS

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

Load More
තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

පිස්සු කුට්ටි ආරච්චි ඔයා කට පරිස්සම් කරගන්න සජිත් මහත්තයගේ මොළේ ගැන කතා කරන්න ඔයා කවුද සජිත් කරපු වැඩ එක්ක ඔයාට...

Read more
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.