ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) විසින් 2020 පළමු කාර්තු දෙක සඳහා ගුණාත්මක සේවාව (QoS) පදනම් කරගනිමින් සිදු කරන ලද සමීක්ෂණයට අනුව පාරිභෝගික සේවා නිර්නායක සඳහා ඉහළ කාර්යසාධනයක් අත්කර ගැනීමට එයාර්ටෙල් ලංකා සමාගම සමත් වී ඇත- පසුගිය වසරේදී කොවිඩ්-19 වසංගතයේ පළමු රැල්ලත් සමඟ රටේ සිදු වූ ලොක්ඩවුන් කාලපරිච්ඡේදය තුළ සැමටම නිවෙසේ සිට රාජකාරි කිරීමේ පරිසරයකට මාරු වීමට සිදු වූ අතර එම කාලය තුළදීම එයාර්ටෙල් මෙම ඇගයීමට පාත්‍ර වීම කැපී පෙනෙයි.
මෙම ඇගයීම පිළිබඳව අදහස් දක්වන එයාර්ටෙල් සමාගමේ කළමනාකාර අධ්යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී, අශීෂ් චන්ද්‍රා මහතා “එයාර්ටෙල් සමාගමේ අප සැමවිටම උත්සාහ කරන්නේ අඛණ්ඩ සේවා සංස්කෘතියක් පවත්වා ගෙන යෑමටයි- ජාත්‍යන්තර මට්ටමේ පාරිභෝගික සේවාවක් සමඟින් අපගේ පාරිභෝගිකයින්ගේ ජීවන රටා වඩාත් උසස් කිරීම අපගේ අරමුණයි- නව සාමාන්‍යකරණයට හැඩ ගැසෙන අතරම මෙම ගුණාත්මක සේවාව ජාත්‍යන්තර තලයෙන් ඔබ්බට රැගෙන යාමට කැපවූ කණ්ඩායමක් නොසිටින්නට මෙම ඉලක්කය අඛණ්ඩව පවත්වා ගැනීමට හා තව තවත් සාර්ථක වීමට අපට නොහැකි වනු ඇත-” යනුවෙන් පැවසුවේය-











