නාගරික ප්‍රදේශ වල මෙන්ම ග්‍රාමීය ප්‍රදේශ වලද පාසල් සිසුන් මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවීම මේ වනවිට විශාල ගැටලුවක් බවට පත්වී තිබේ. මත්ද්‍රව්‍ය භාවිතය යනු මෙම සිසුන්ට පාසල් හැරයාමට මෙන්ම සෞඛ්‍ය, පවුල් හා සමාජයීය ගැටලු රාශියකට මුහුණ දීමට හේතු වන සාධකයකි. මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවීමේ සම්භාවිතාව අවම කරන පරිසරයක් නිර්මාණය කිරීමේදී පාසල් සිසුන් දැනුවත් කිරීමට අමතරව, මත්ද්‍රව්‍ය භාවිතය නිසා සිසුන්ට ඇතිවන බලපෑම් සම්බන්ධයෙන් ගුරුවරුන් හා දෙමාපියන් නිසි පරිදි දැනුවත් කිරීමද අත්‍යවශ්‍ය වෙයි.
ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය භාවිතය අවම කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන ප්‍රමුඛතම රාජ්‍ය ආයතනය වන අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සමග එක්වී, මත්ද්‍රව්‍ය අවභාවිතය වැළැක්වීමේ ව්‍යාපෘතියක් පාසල් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට ජෝන් කීල්ස් පදනම පියවර ගෙන තිබේ. ජෝන් කීල්ස් පදනම යනු ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ ප්‍රජා සත්කාර අංශය වන අතර, එහි අවධානය යොමුවන එක අංශයක් වන ‘සෞඛ්‍යය‘ යටතේ මෙම සත්කාරය ක්‍රියාවට නංවා ඇත. මෙම නියමු ව්‍යාපෘතිය යටතේ මේ වනවිට ගුරුවරුන් පුහුණු කිරීමේ වැඩමුළු 2ක් පවත්වා තිබේ. කොළඹ අධ්‍යාපන කලාපයේ පවත්වන ලද වැඩමුළුවට පාසල් 41ක් නියෝජනය කරමින් ගුරුවරුන් 45 දෙනෙකු සහ විදුහල්පතිවරුන් 3 දෙනෙකු සහභාගි වූ අතර, ශ්‍රී ජයවර්ධන අධ්‍යාපන කලාපයේ පැවති වැඩසටහනට පාසල් 50ක් නියෝජනය කරමින් ගුරුවරුන් 60 දෙනෙක් සහ විදුහල්පතිවරුන් දෙදෙනෙක් සහභාගි වූහ.











