නෙළුම් පොකුණේ ඊයේ පැවැති විවාහක රූ රැජින තෝරන උත්සවයේදී තමන්ට අසාධාරණයක් වූ බව පවසමින් පළමුව කිරුළ හිමිකරගත් පුෂ්පිකා ද සිල්වා මහත්මිය කුරුදුවත්ත පොලිසියේ පැමිණිල්ලක් කොට ඇති බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් ඇය අද දිනයේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වා සියලු තොරතුරු අනාවරණය කිරීමට සූදානමින් සිටින බවද පැවසේ.
ඊයේ පැවැති විවාහක රූ රැජන තරගයේදී පළමුව පුෂ්පිකා ද සිල්වා මහත්මිය ජයග්‍රහණය කළද පසුව ඇය දික්කසාද වී ඇති බව සදහන් කරමින් එම කිරුළ නැවත ගලවා දෙවන ස්ථානය දිනූ තරගකාරියට පැළදීමට සංවිධායකයන් පියවර ගෙන තිබිණ.










