එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතාගේ ඩීල් ගැන මුළු ගාල්ල දිස්ත්‍රික් ජනතාවම දන්නා බව මනුෂ නානයක්කාර මන්ත්‍රීවරයා හෙළිකරයි.
සමගි ජන බලවේගය ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන නානයක්කාර මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ දැනටත් පොදු ජන පෙරමුණ ආණ්ඩුවත් සමග තිබෙන ඩීල් ගැනත් 2010දී ඔහු පරාජය වුවාට පසු එවකට තිබූ මහින්ද රාජපක්ෂ රජයක් සමග දැමූ ඩීල් ගැනත් ගාල්ල දිස්ත්‍රික් ජනතාවට හොඳ අවබෝධයක් තිබෙන බවය.
2010 දී ගාල්ල දිස්ත්‍රික් ජනතාව ඔහුව පරාජය කොට තමාව ජයග්‍රහණය කෙරෙව්වේ රාජපක්ෂවරු සමග ඔහුගේ තිබෙන ඩීල් නිසා බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
ඉස්සරත් ඒ වගේම දැනුත් එක්සත් ජාතික පක්ෂය ඇතුළේ තිබෙන තොරතුරු රාජපක්ෂවරු සමග හුවමාරු කර ගන්නේ කෙසේද යන්න ප්‍රසිද්ධ රහසක් බවද මන්ත්‍රීවරයා අනාවරණය කරයි.
බොහෝ කලක පටන් එක්සත් ජාතික පක්ෂ රජයක අගමැති වීමේ සිහිනයකින් වජිර අබේවර්ධන මහතා පෙළෙන බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
ඩීල් දේශපාලනය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන වජිර අබේවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂයේ වත්මන් සභාපතිවරයා ද වේ.