• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලෝකෙම පුදුම කරමින් ලග්ගල මහ කැලේ විසූ සුදු හාමුදුරුවන්ගේ ආශ්චර්යය ගැන පළමු හෙළිදරව්ව

March 31, 2021
in Exclusive
Reading Time: 5 mins read
A A
ලෝකෙම පුදුම කරමින් ලග්ගල මහ කැලේ විසූ සුදු හාමුදුරුවන්ගේ ආශ්චර්යය ගැන පළමු හෙළිදරව්ව
Share on WhatsAppShare on Facebook

සරලභාවය සහ අල්පේච්ඡත්වය සැහැල්ලු ජීවිතයකට මඟ කියනවා කියන එක තමයි බුදු දහමේ මූලික සංකල්පය. ඒත් වර්තමානය බෞද්ධයන් ඒදේ තමන්ගේ ජීවිතයට අදාළ කර ගෙන තියෙන්නේ කොයි විදියටද කියන එක ප්‍රශ්නයක්. ගිහි බෞද්ධයෝ විතරක් නෙවෙයි ඇතැම් ස්වාමීන් වහන්සේලා කරන කියන දේ දැක්කමත් අපිට ඒ ප්‍රශ්නය පැන නැඟෙනවා.

හැබැයි ඒ සංකල්පය ඒ විදියටම ක්‍රියාත්මක කරන ඇතැම් ස්වාමීන් වහන්සේලාත් නැතිවම නෙවෙයි. හැමදේම අත්හැරලා වනගතව ජීවත් වෙන එවැනි ස්වාමීන් වහන්සේලා ඕනෑ තරම් අපේ රටෙත් වැඩ වාසය කරන බව අපි අහලා තියෙනවා. ඒ වගේම විදේශ රටවල ඉඳලා ඇවිත් වනගතව බවුන් වඩන භික්ෂූන් වහන්සේලාත් අපේ රටේ වැඩ වාසය කරනවා.

එවැනි හිමිනමක් පිළිබඳව කතා කිරීමේදී අපේ මතකයට මුලින්ම එන්නේ ඩෙන්මාර්කයේ ඥානදීප හාමුදුරුවෝ කිව්වොත් ඒකේ වැරැද්දක් නැහැ. වසර ගණනාවක් පුරා වනගත දුෂ්කර ජීවිතයක් ගත කළ උන්වහන්සේ පසුගියදා අපවත් වුණා. ඒ වෙද්දිත් උන්වහන්සේ ගත කළේ ඉතාම කර්කශ ජීවිතයක්.

හැබැයි අපි අහලා තියෙන විදියට උන්වහන්සේ නිතරම හිටියේ ඉතාම සතුටින්. ඒ උන්වහන්සේ ජීවත් වූ ආකාරය නිසා. ඒ හින්දා උන්වහන්සේගේ ජීවන ගමන ගැන තොරතුරු ටිකක් සොයා ගෙන යන්න අපි තීරණය කළා. ඩෙන්මාර්කය වැනි බටහිර දියුණු රටක ඉපදිලා සියලු සැප සම්පත් අත්හැරලා ලංකාවේ වගේ රටකට ඇවිත් බුදුරජාණන් වහන්සේ ඉගැන්වූ මඟ ඒ ආකාරයෙන් අනුගමනය කළ ඥානදීප ස්වාමීන් වහන්සේ සියලුම බෞද්ධයන්ට ආදර්ශයට ගත හැකි උතුම් චරිතයක් කියලයි අපිට හිතෙන්නේ.

ගිහි ජීවිතයේදී ජෙනී රොබට් ජූන් ලෙස හැඳින්වූ උන්වහන්සේ උපත ලබා ඇත්තේ 1944 වසරේදී. ඩෙන්මාර්ක් ජාතිකයෙකු ලෙස හැඳින්වුවත් රොබට් ජූන්ගේ උපත ප්‍රංශයේදී සිදුව තිබීමත් විශේෂ කාරණයක්. පසුව ඩෙන්මාර්ක් ජාතිකයෙකු බවට පත් වීමට ඔහුට සිදුව ඇත්තේ දෙවැනි ලෝක යුද්ධය අතරතුර සිදුවූ සංවේදී කාරණයක් හේතුවෙන්.
වෛද්‍යවරයෙකු වූ ඩෙනීගේ පියාට සේවය සඳහා ජර්මන් ජාතික සිරකරුවන් රඳවා තැබූ සිර කඳවුරකට යෑමට සිදුව තියෙනවා. ඒ තම බිරිඳ සහ කුඩා පුතු ප්‍රංශයේ තනි කරමින්. එහිදී ඩෙනීගේ පියාට තවත් වෛද්‍යවරයෙකු වූ ඩෙන්මාර්ක් ජාතිකයෙකු හමු වී තියෙනවා.

ලෝක යුද්ධය ඉතා තදින් ක්‍රියාත්මක වූ එම යුගයේදී එම වෛද්‍යවරුන් දෙදෙනා අතර ඇති වී තිබෙන පොරොන්දුව පුදුමාකාර එකක්. තමන්ගෙන් එක් අයෙකුගේ ජීවිතය අහිමි වුවහොත් අනෙක් තැනැත්තාගේ පවුලේ අයවත් රැක බලා ගන්නා බවටයි ඔවුන් දෙදෙනා එකිනෙකාට පොරොන්දු වෙලා තියෙන්නේ.

කෙසේ හෝ අවසානයේ ඩෙනීගේ පියා මියයනවා. යුද්ධය අවසානයේ තම මව්රටට ගිය අනෙක් වෛද්‍යවරයා තම මිතුරාට වූ පොරොන්දුව ඉටු කරමින් ඩෙනී සහ ඇයගේ මව ඩෙන්මාර්කයට ගෙන්වා ගන්නවා. කුඩා කාලයේදීම ඥානදීප හිමියන් ඩෙන්මාර්ක් ජාතිකයෙකු බවට පත්ව ඇත්තේ ඒ ආකාරයෙන්.

ඩෙන්මාර්කයේ හැදී වැඩුණු ඩෙනී තරුණයාට වයස අවුරුදු විසිහතරේදී ගිහි ජීවිතය පිළිබඳ කලකිරීමක් ඇති වෙනවා. ඒ ඇති වුණු කලකිරීම නැති කර ගන්න ඔහු එන්නේ පෙරදිගට. ඒ උතුම් බුදුදහම සොයා ගෙන.

ඒ වන විට බුදුදහම සම්බන්ධයෙන් බටහිර ලෝකයේ ඉතා ප්‍රසිද්ධියට පත්ව තිබූ ගාල්ල රජ්ගම පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනය තමයි ඔහු තමන්ගේ නවාතැන ලෙස තෝරා ගන්නේ. ටික කාලයක් එහි ගිහි පිංවතෙකු ලෙස කාලය ගත කළ ඩෙනී තරුණයා පැවිදි දිවියට ඇතුළත්වීමට තීරණය කරනවා. ඒ අනුව 1969 සැප්තැම්බර් 29 වැනිදා ඥානදීප හිමි නමින් උන්වහන්සේ පැවිදි දිවියට ඇතුළත් වෙනවා.

එවකට මෙරට වැඩ වාසය කළ මහා සඟරුවනක් වූ කඩුගන්නාවේ ඥානාලෝක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ තමයි ඥානදීප යන නාමය උන්වහන්සේට දී තිබෙන්නේ. ඊට වසර එකහමාරකට පසු බුරුම ජාතික අති පූජ්‍ය ඤාණීන්ද හිමිපාණන්ගේ උපාධ්‍යාත්වයෙන් පොල්ගස්දූව සෙනසුනේදීම උන්වහන්සේ උපසම්පදාව ලබා තියෙනවා. ඥානදීප ස්වාමීන් වහන්සේ උපසම්පදාව ලබා ගත් දිනය 1971 මාර්තු 22 වැනිදා ලෙසයි දැක්වෙන්නේ.

උපසම්පදාවෙන් පසු වසර කිහිපයක් ගත වනතුරුත් උන්වහන්සේ වැඩ වාසය කර ඇත්තේ පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේමයි. ඒ කාලය තුළ පාලි භාෂාව සහ ධර්මය ඉගෙන ගැනීමට උන්වහන්සේ කටයුතු කර තිබෙනවා.
ඒ කාලය වෙද්දි බටහිර සිට පැමිණ මහණ වී ඉතාම සරල ආකාරයෙන් කල් ගත කළ භික්ෂූන් වහන්සේ කිහිප නමක්ම මෙරට වැඩ වාසය කර තිබෙනවා. බූන්දල හුදෙකලා කුටියක වැඩ වාසය කළ ඉංග්‍රීසි ජාතික ඤාණවීර හිමිපාණන්, ඉංග්‍රීසි ජාතික ඤාණමෝලි හිමිපාණන් මෙන්ම ලක්දිව පුරා පිඬු සිඟා වඩිමින් වාසය කළ ජර්මන් ජාතික ඤාණවිමල හිමිපාණන්ගේද මඟ පෙන්වීම ලබා ගැනීමට ඒ යුගයේදී ඩෙන්මාර්කයේ ඥානදීප හිමිපාණන්ට වාසනාව උදා වෙනවා.
ඉංග්‍රීසි ජාතික ඤාණවීර හිමිපාණන්ගේ මඟ යමින් බූන්දල ප්‍රදේශයේ කුටියකදී හුදෙකලා ජීවිතය සඳහා අවශ්‍ය පුහුණුව ලැබීමට ඥානදීප හිමිපාණන් කටයුතු කරලා තියෙන්නේ ඉන් අනතුරුව. එහිදී පිණ්ඩපාතිකව ඒක විහාරිකව වැඩ වාසය කරමින් එම ජීවිතය ප්‍රගුණ කළ උන්වහනසේ ලග්ගල ඊරියගස්උල්පත ප්‍රදේශයේ වන වාසය සඳහා වැඩම කොට ඇත්තේ 1983 වසරේදීයි.

එතැන් පටන් අපවත් වන තුරුම උන්වහන්සේ වැඩ වාසය කළේ ලග්ගල අවට ප්‍රදේශවල. තමා උපන් බිම තරමටම ඒ ප්‍රදේශය උන්වහන්සේට හුරුපුරුදු වුණා. ඒ අවට ජනතාව උන්වහන්සේට පුදුමාකාර ගෞරවයක් දැක්වූවා.

උන්වහන්සේගේ කුටිය ඉදි වෙලා තිබුණේ මනුෂ්‍ය වාසයට තරමක් ඈතින්. අලියා, වලසා, දිවියා වැනි වන සතුන් තමයිඋන්වහන්සේ සමඟ නිතර ගැවසුණේ.

උන්වහන්සේ වැඩ වාසය කළ කුටිවල තිබුණේ වරිච්චි බිත්ති තුනක් පමණයි. එහි ඉදිරිපස ආවරණය ලෙස භාවිතා කළේ පැරැණි සිවුරක්. එහි වහල සකස් කර තිබුණේ ඉළුක් සහ පොල් අතු යොදා ගනිමින්. ගොම පිරිමදිමින් සකස් කළ ගෙබිම නිරන්තරයෙන්ම සීතල එකක් වුණා. එම කුටිය තුළ සකස් කළ ලී දඬු හරස් කොට ගත් ඇඳ මැස්සක තමයි උන්වහන්සේ සයනය කළේ. ඒත් ඒ අවම උපකරණ සමඟින් ගත කළ කාලය උන්වහන්සේ ඉතාම සතුටින් ගත කළ බව තමයි දැන ගන්න තියෙන්නේ. උන්වහන්සේව ඇසුරු කළ ගම්වාසීන් වගේම භික්ෂූන් වහන්සේලාත් ඒ ගැන සාක්ෂි සපයනවා.

මේ කාලය පුරාවටම උන්වහන්සේ ජීවත් වී තියෙන්නේ දිළිඳු ගම්වැසියන්ගෙන් ලබා ගත් පිණ්ඩපාතයෙන්. දිනකට එක් වරක් උන්වහන්සේ පිණ්ඩපාතයේ වඩින තෙක් බලා සිටීම ගම්වාසීන්ගේ පුරුද්දක් බවට පත් වෙලා තිබුණා.
ඒ වගේම අධික වර්ෂා කාලයේදී පිටාර ගලන ඔය මැදින් පිණ්ඩපාතයේ වඩින උන්වහන්සේගේ සිවුරේ දිය බිඳක් හෝ නොගෑවෙන බවටත් අවට ගම්වාසීන් ප්‍රකාශ කරනවා. එමෙන්ම සාමාන්‍ය පුද්ගලයෙකුට පවා එගොඩ විය නොහැකි තරමට චණ්ඩ වූ දිය පහර මැදින් උන්වහන්සේ එගොඩ වූ ආකාරය විස්මයජනක බවටත් ගම්වාසීන් ප්‍රකාශ කරනවා. ආබාධයට ලක් වූ පාදය සහිතව උන්වහන්සේ කිසිදු අනතුරකින් තොරව මහා වනාන්තරයේ ගමන් කළ ආකාරයත් විස්මයජනකයි.

ලග්ගල ජීවත් වූ කාලය පුරාවටම උන්වහන්සේ කුටි කිහිපයක වැඩ වාසය කර තිබෙනවා. එකම කුටියක වැඩි කාලයක් ගත නොකිරීම උන්වහන්සේගේ පුරුද්දක්. ස්ථිර වාසස්ථානයක් නොමැති වීම යන සිතිවිල්ල ඒ හරහා උන්වහන්සේ ඇති කර ගන්න ඇති. ඊරියගොල්ල කුටියට අමතර පොත් ඇටවෙල, මොරතැන්න, ගලමුදුන, ලේල්ඔය, මඩුමාන, රඹුක්ඔලුව, පුවක්පිටිය, කුකුළාමල්පොත ආදී ලග්ගල අවට ස්ථාන රාශියක තාවකාලික කුටි ඉදි කර ගනිමිනුයි උන්වහන්සේ වැඩ වාසය කළේ.

මේ තරම් කාලයක් වනවාසීව ජීවත් වීම ඇත්තටම අදහාගත නොහැකි තරම් කාරණයක්. වනවාසී ජීවිතය ආරම්භයේදී උන්වහන්සේ මුහුණ දුන් සිදුවීමක් හේතුවෙන් උන්වහන්සේගේ ජීවිත කතාවේ විස්මය තවත් වැඩි කරනවා. 1993දී ලග්ගල වනවාසී ජීවිතය ආරම්භ කළ මුල් අවධියේදීම උන්වහන්සේ දරුණු අනතුරකට මුහුණ දෙනවා. ඒ කලබල වූ අලියෙකුට මැදි වීම හේතුවෙන්. එහිදී පාදයේ සිදුවූ අනතුරක් හේතුවෙන් මුළු රාත්‍රිය මුළුල්ලේම අලි රංචුවට මැදිවී මහ කැලයේ ගත කිරීමට උන්වහන්සේට සිදුව තියෙනවා. පිණ්ඩපාතය සඳහා පසුදා උදෑසන වැඩම නොකිරීම හේතුවෙන් උන්වහන්සේ පිළිබඳ සොයා බැලීමට කැලයට ගිය ගම්වාසීන් තමයි උන්වහන්සේව ප්‍රතිකාර සඳහා රැගෙන ගොස් ඇත්තේ.

එහිදී උන්වහන්සේගේ ජීවිතයට කිසිදු අනතුරක් සිදු නොවීම ආශ්චර්යමත් ක්‍රියාවක් බවයි පසුදා උදෑසන කැලයට ගිය සියලුම දෙනාගේ අදහස වුණේ. එදින උන්වහන්සේගේ පාදයට සිදුවූ හානිය යළි කිසිදාක සුවපත් වුණේ නැහැ. ඒත් වන සතුන්ට මෛත්‍රිය වඩමින් වනාන්තරයේම ජීවත් වීමට උන්වහන්සේ ගෙන තිබූ තීරණය වෙනස් කිරීමට එය හේතු වුණෙත් නැහැ.

ලොව පුරා සියලුම බෞද්ධයන්ට ආදර්ශයට ගත හැකි ඩෙන්මාර්කයේ ඥානදීප හිමියන්ගේ ජීවිත කතාවේ තවත් විස්මයජනක දේ බොහොමයි. ඒ වගේම උන්වහන්සේ අපවත් වීමෙන් පසු සිදුවූ අදහාගත නොහැකි කරුණු කාරණාත් බොහොමයි. ඒ සියල්ලම ඇසින් දුටු සාක්ෂි වීමත් විශේෂ කාරණාවක්.

ඒ සියල්ල ගැන කතා කරන්න තවත් සතියක ඉඩ කඩ වෙන් කරමින් මේ සතියට අපි විරාමය තියනවා.

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

පස්සර ලුණුගල පාර මාරයාට අත වනයි: තවත් බස් එකක් ප්‍රපාතයට ඇලවී නූලෙන් බේරෙයි (VIDEO)

Next Post

චමල්ගේ කටින් පැන්න මොකද්ද මේ සිංහරාජේ වැව් දෙක

MORE NEWS

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

මෙහෙම දක්ෂකම් තියෙන නායකයෙක් වෙන පක්ෂෙක ඉන්නවාද? මේ විදිහට තමාගේ නායකයාව මාකට් කරන්න දන්නේ ප්‍රසාද් විතරමද? අනිත් අය නොකර ඉන්නේ ඉරිසියාවට? කුහකකමට? නැත්නම් දේශපාලනේ නොදන්න කමටද? VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර දිනලා සජිත් පැරදුණ හේතුව සජබ ගම්පහ මන්ත්‍රී ප්‍රසාද් හරියටම කියයි! මාලිමාව ඕන බොරුවක් ඇත්ත කරන විදිහ මෙන්න! අදටත් සජබය ඉන්නේ පසුපසින්! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරියයි පුත්‍රයායි මල්වතු-අස්ගිරි මහනාහිමිවරු හමුවෙයි! ලොකු ඉල්ලීමක් කරයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

Load More
සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මවට සමාජ මාධ්‍යවලින් පහර එල්ල කිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පාර්ලිමේන්තුවේදී විවේචනාත්මකව අදහස්...

Read more
මෙහෙම දක්ෂකම් තියෙන නායකයෙක් වෙන පක්ෂෙක ඉන්නවාද? මේ විදිහට තමාගේ නායකයාව මාකට් කරන්න දන්නේ ප්‍රසාද් විතරමද? අනිත් අය නොකර ඉන්නේ ඉරිසියාවට? කුහකකමට? නැත්නම් දේශපාලනේ නොදන්න කමටද? VIDEO I Sri Lanka Latest News

අනුර දිනලා සජිත් පැරදුණ හේතුව සජබ ගම්පහ මන්ත්‍රී ප්‍රසාද් හරියටම කියයි! මාලිමාව ඕන බොරුවක් ඇත්ත කරන විදිහ මෙන්න! අදටත් සජබය ඉන්නේ පසුපසින්! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේගේ බිරියයි පුත්‍රයායි මල්වතු-අස්ගිරි මහනාහිමිවරු හමුවෙයි! ලොකු ඉල්ලීමක් කරයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.