පස්සර ලුණුගල මාර්ගයේදී ගමන් කළ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් මාර්ගය අයිනේ ගිලා බැසීම හේතුවෙන් ප්‍රපාතයට පෙරළිමේ අවදානමක් මතුව තිබිණ.
මේ දිනවල එම මාර්ගය පිළිසකර කෙරෙමින් පවතින අතර ඇතැම් ස්ථාන ඒ හේතුවෙන් පටු ස්වාභාවයක් ගෙන තිබේ.
ඒ අනුව බස් රථ රියැදුරා මාර්ගය අයිනටම බස් රථය ගැනීම හේතුවෙන් මෙසේ එම බස් රථය ගිලා බැස තිබිණ.
පසුව වහා ක්‍රියාත්මක වූ මාර්ග සංවර්ධනය කිරීමේ යෙදී සිටි සේවකයන් බස් රථය මාර්ගයට ගැනීමට පියවර ගෙන තිබිණ.










