නිට්ටඹුව – කළගෙඩිහේන හන්දිය අසළදී සිදුවූ රිය අනතුරකින් ගම්පහ දිසා රථවාහන කොට්ඨාසයට අනුයුක්තව සේවය කරන පොලිස් පරීක්ෂකවරයෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.
අදාළ පොලිස් නිලධාරියා ධාවනය කළ යතුරුපැදිය මාර්ගයේ අනාරක්ෂිතව නවතා තිබු බවුසරයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය.
බවුසරයේ රියදුරු මේ වන විට අත්ඩංගුවට ගෙන ඇති අතර අනතුරින් බරපතළ තුවාල ලැබු පොලිස් පරීක්ෂකවරයා වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.
36 හැවිරිදි ඔහු නුගදෙණිය – ලෝලුවාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පසුගිය සතියේ රාජගිරිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින්ද පොලිස් නිධාරියෙක් ජීවිතක්ෂයට පත්විය.










