සාම්පූර් පොලිස් වසමේ ඉත්තිකුලම් වැවේ ඊයේ (27) දිය නෑමට ගිය දරුවන් තිදෙනෙකු අතරින් වයස අවුරුදු 15ක දරුවෙකුව කිඹුලෙකු ඩැහැගෙන යෑමේ සිද්ධියක් වාර්තා වූ බව පොලීසිය පවසයි.
සාම්පූර් පොලීසිය සඳහන් කළේ පොලිස් නිලධාරීන්, නාවික හමුදාව හා ප්‍රදේශවාසීන් එක්ව දරුවා සොයා ගැනීමේ මෙහෙයුම් සිදුකරන බවය.
මේ අතර ඊයේ හසලක ප්‍රදේශයේදී මහවැලි ගඟේ දිය නෑමට ගිය 43 හැවිරිදි පියෙකු සහ 13 හැවිරිදි ඔහුගේ පුතා අතුරුදහන් වී තිබේ.
පසුව පුත්‍රයාගේ සිරුර සොයාගෙන ඇති අතර පියා සොයා තවදුරටත් මෙහෙයුම් සිදුකරයි.










