• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ප්‍රභාකරන්ටත් ගහලා පොලිසියේ කොන්ද කෙළින් කළ ASP එරික් කව්ද? පොලිසියේ කොන්ද කඩා එරික් මාරු කළ ඇමැති කව්ද?

March 28, 2021
in Exclusive
Reading Time: 6 mins read
A A
ප්‍රභාකරන්ටත් ගහලා පොලිසියේ කොන්ද කෙළින් කළ ASP එරික් කව්ද? පොලිසියේ කොන්ද කඩා එරික් මාරු කළ ඇමැති කව්ද?
Share on WhatsAppShare on Facebook

චන්ද්‍රිකා ආණ්ඩුවේ බලය බිද දමා 2001 වසරේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ රනිල් වික්‍රමසිංහ 2002 වසරේදී නෝර්වේ රජයේ මැදිහත්වීමෙන් එල්.ටී.ටී.ඊ.ය සමග සටන් විරාම අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන්නේ යුද්ධය නිමාකර සාමකාමීව පරිසරයක් රට තුළ ස්ථාපිත කිරීමේ අරමුණ ඇතිවය. දීර්ඝ කාලීන සාමයකට අත දිගුකිරීමක් සදහා රජයේ හමුදාවන් කඳවුරුවලට සීමාකිරීමට එම ගිවිසුමට අනුව රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව පියවර ගන්නා විට එල්.ටී.ටී.ඊ.ය අමු අමුවේ ගිවිසුම කඩකරමින් හැසිරෙන්නට වූයේ අපේ වීරෝදාර හමුදාවන්ට සිය පශ්චාත් භාගය පවා විදහා පාමිනි. එයින් සීමා නොවූ එල්.ටී.ටී.ඊ.ය අපේ හමුදා විරුවන්ගේ ඉවසීම බියගුළුකමක් සේ සලකා කඳවුරුවලට ගල්මුල් ප්‍රහාර පවා එල්ලකරන්නට ගත්තේය. ඒ හමුදා කඳවුරු සිය ගම්බිම්වලින් ඉවත්කර ගන්නා ලෙසට සිවිල් ජනතාව පළිහක් ලෙස යොදා ගෙන උද්ඝෝෂණ සහ විරෝධතාද සංවිධානය කරමිනි. ඊට එරෙහිව ක්‍රියාත්මක වීමට ආරක්ෂක අංශවලට ඉඩක් නොවන්නේ ඉහළ නියෝග අතපය බැඳ දමා තිබුණු බැවිනි.

පස්ස පෙන්නූ කොටින්ගේ පස්සටම වෙඩි තියයි

අම්පාරේ කාංචනාකුඩා විශේෂ කාර්ය බළකා කඳවුර ඉදිරිපිටද මේ ආකාරයේම උද්ඝෝෂණයක් පැවැත්වෙන්නේ කඳවුරු භූමියට ගල්මුල් ප්‍රහාරයක්ද එල්ලකරමිනි. කඳවුරු භූමියේ ස්ථාපිත කර තිබුණු බුදු පිළිම වහන්සේට පවා එම ගල්මුල්වලින් දැඩි හානි සිදුවූවත් ඉහළ නියෝගයන්ට අනුව විශේෂ කාර්ය බළකායේ සෙබලු ඉවසාගෙන සිටියහ. මෙම උද්ඝෝෂණය මෙහෙයැවූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ගේ සැලසුම වූයේ කඳවුරට පහරදීමය. ඒ එම කඳවුර එම ස්ථානයෙන් ඉවත්කර ගන්නා ලෙසට කළ බලපෑම් අසාර්ථක වූ තැනය. මේ උද්ඝෝෂකයන් අතර සන්නද්ධ එල්.ටී.ටී.ඊ සාමාජිකයන් කිහිප දෙනෙක්ද සිටියහ.
එදා කාංචනාකුඩා කඳවුරේ ප්‍රධානියා ලෙස සේවයේ නිරතව සිටියේ පොලිස් පරීක්ෂක එරික් පෙරේරාය. ඔහු ඒ මොහොතේ ඉහළ අණ පිළිගනිමින් නිවටයෙක් ලෙස සිය සෙබලුන් සමග පසුබසින්නට සූදානම් වූයේ නැත. කඳවුරු භුමියට එක අඩියක් නොතබන ලෙසට උද්ඝෝෂකයන්ට සහ ඒ අතර සිටි එල්.ටී.ටී.ඊ.යේ සන්නද්ධ ක්‍රියාකාරීකයන්ට දැනුම් දුන්නේය. එරික්ගේ අණට ඔවුන් අවනත නොවීය. කඳවුරේ කම්බි වැට බිඳගෙන කඳවුරු භුමියට කඩාවැදුණේය. ඒ අයගේ ඉලක්කය වූයේ කඳවුරට ගිනි තබා හානි කිරීමය. ඒ බව ඉවෙන් මෙන් වටහාගත් එරික් කඳවුරු භුමියේ ආරක්ෂාව වෙනුවෙන් සිය සෙබලුන්ට වෙඩි තැබීමට අණ දුන්නේය. ඒ කඳවුරු භූමියට ඇතුළුවී සිටි හඳුනාගත් සන්නද්ධ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් ඉලක්ක කරමින එදා ඒ ප්‍රහාරයෙන් සන්නද්ධ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් කිහිප දෙනෙක්ම කඳවුරු භූමියේ මැරී වැටී සිටියේ ගිනි අවිද අතැතිවය. බොහෝ දෙනා සිතුවේ සාම ගිවිසුම එතැනින් හමාර වෙතැයි කියාය. එහෙත් එය එසේ නොවීය. ඒ සන්නද්ධ එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් කඳවුරු භුමියකට කඩාවැදී වෙඩි තැබූ බැවින් ප්‍රතිප්‍රහාර එල්ල කළ බවට පැහැදිලි සාක්ෂි ඉදිරිපත් කිරීමට එරික් පෙරේරාට හැකියාව ලැබුණු බැවිනි.

ප්‍රභාකරන් එරික්ට වැඩේ දෙන්න පස්දෙනෙක්ම දමයි

එම සිදුවීමෙන් ටික කලකට පසු බුද්ධි අංශ අනතුරු හඟවන්නේ එරික් පෙරේරා ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ලකිරීමට බෝම්බකරුවන් පස් දෙනෙක්ම යොදවා ඇති බවටය. එම බෝම්බකරුවන්ගෙන් කිහිප දෙනෙක්ම පසුව ආරක්ෂක අංශ අත්අඩංගුවටද පත්විය. ඒ අතර බෝම්බකාරියන්ද වූවාය.
ශ්‍රී ලංකා පොලීසියේ සිටි අති දක්ෂ ත්‍රස්ත විමර්ශකයෙක් වූ පොලිස් පරීක්ෂක නිලාබ්දීන්ගෙන් පසු පොලිස් නිලධාරියෙක් වෙනුවෙන් මෙතරම් බෝම්බකරුවන් පිරිසක් වෙන කිසිදු පොලිස් නිලධාරියෙක් වෙනුවෙන් එල්.ටී.ටී.ඊ.ය යොදවා තිබුණේ නැත. නිලාබ්දීන්ට වරක් ගල්කිස්ස පොලීසිය ඉදිරිපිටදී බෝම්බකරුවෙකුගේ ප්‍රහාරයක් එල්ලවූවත් තුවාල ලබා ඔහු දිවි ගලවාගත්තේ ජාතියේ වාසනාවකටය. අනතුරුව ඔහුව ඉලක්ක කර ඔහු සේවයේ නිරතව සිටි ගල්කිස්ස පොලීසියම පුපුරවා හරින්නට සුදානම් කළ බෝම්බ ලොරියක් පවා ආරක්ෂක අංශ සොයාගත්තේය. කෙසේ වෙතත් සාමයේ මුවාවෙන් එල්.ටී.ටී.ඊ.ය ශක්තිමත් වෙමින් බුද්ධි අංශ නිලධාරීන්ව දඩයම් කිරීමට පටන් ගැනීමත් සමග නිලාබ්දීන් රට හැර යන්නේ නිසි ආරක්ෂාවක් ඔහුට සපයන්නට බලධාරීන් අපොහොසත් වූ බැවිනි.

එරික් අතුරුදන් වෙයි

එවන් තත්වයක් මත එරික් පෙරේරාගේ ජීවිතය පිළිබදවද ඇතිවන්නේ අවදානමකි. ඒ අවදානම ඔහු එතරම් නොතැකුවත් පොලිස් ප්‍රධානීන් තීරණය කරන්නේ ඔහුව විශේෂ කාර්ය බළකායෙන් ඉවත්කර කෙටි කලක් සඟවා තබන්නටය. ඒ අනුව එරික් පෙරේරා එකවරම විශේෂ කාර්ය බළකායෙන් අතුරුදන් විය. වසර කිහිපයකට පසුව ඔහු එකවරම මතුවන්නේ කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙසිනි. ඒ වන විට පවතින්නේ යුද්ධය දරුණු අවධියකය. ගුවන්තොටුපොළ පොලිස් ස්ථානාධිපති ලෙස එරික් නිහඬ සේවයක් ඉටුකරන්නේ ගුවනින් එන යන එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් හඳුනාගනිමින් ඒ අය කොටුකර ගැනීමට ආරක්ෂක අංශ වෙත සහය දක්වමිනි.

වත්තල ඇමැති එක්ක ඇරගනී

යුද්ධය අවසන් වන තුරුම ඔහු ගුවන්තොටුපොළ පොලීසියේ සේවය කරනු ලැබීය. අනතුරුව එරික් මතුවන්නේ මීරිගම පොලිස් ස්ථානාධිපතිවරයා ලෙසිනි. දේශපාලකයන් ඉදිරියේ නොනැමෙන කොන්දක් ඇති නිලධාරියෙක් ලෙස ප්‍රසිද්ධ එරික් නීතිය ගරුකොට සැලකූවෙකි. වංචාව පගාව හොර මැරකම්වලට එරික්ගෙන් ඉඩක් නැත. පොලීසියේ සිටින ආදර්ශමත් චරිත අතර එරික්ද ඉදිරියෙන්ම සිටියේය. දේශපාලන හයි හත්තිය ඇතිව මීරිගම පැත්තේ සිදුවූ වන විනාශයන් සහ පස් සහ වැලි ජාවාරම්වලට නැවතීමේ තිත තැබෙන්නේද එරික් නිසාය. ඒ නිසාම එරික් සමග දේශපාලනඥයන් ගැටුණු වාර ගණන අපමණය. ඒ නිසාම එරික් වත්තල පැත්තට විසිවිය. වත්තල පොලිස් ස්ථානාධිපතිවරයා ලෙසද එරික් නීතිය අකුරටම ක්‍රියාවට නැගුවේය. කසිප්පු සහ මත්කුඩු එරික්ට පේන්නට බැරිය. ඔහු කෙටි කාලයක් තුළ වත්තල පැත්තේ කසිප්පු ජාවාරම මෙන්ම මත්කුඩු ජාවාරමටද වැට බැන්ඳේය. යහපාලන ආණ්ඩුව බිහිවන්නේ මේ කාලය තුළදීය. එම ආණ්ඩුවේ ප්‍රබලතම ඇමතිවරයෙක් ජීවත්වූයේද ඒ පැත්තේය. පොලීසිය භාර ඇමතිවරයා ලෙසද ඔහු කලක් කටයුතු කළේය. එම ඇමතිවරයාත් එරික් පෙරේරාත් ගැටෙන්නේ කසිප්පු ජාවාරම සම්බන්ධයෙනි. ඇමතිවරයා පොලීසිය භාරව සිටියත් එරික් වැරදි නියෝග සහ උපදෙස් පිළිපදින්නට ගියේ නැත. ප්‍රසිද්ධ රැස්වීමකදී නිරපරාදේ පොලීසියට එම ඇමතිවරයා දෝෂාරෝපණය කරද්දී පවා ඔහු පොලීසියේ ගෞරවය වෙනුවෙන් ඇමතිවරයාට ප්‍රතිචාරය දක්වන්නේ ඇමතිවරයා පවසන්නේ කසිප්පුකාරයන් ආරක්ෂා කරන්නදැයි කියා එම රැස්වීමේදීම ප්‍රසිද්ධියේ ප්‍රශ්න කරමිනි. ඒ ඉහළ පොලිස් නිලධාරීන්ට නැති කොන්දක් ඔහුට තිබුණු බැවිනි.

දංකොටුව සුද්ද කර පාතාලයේ ඕලු මරාවත් අල්ලයි

වත්තල පිහිටි ඇවිදින මංතීරුවකට එකී ඇමතිවරයාගේ ආනුභාවයෙන් සංවිධානාත්මකව හානි කරන්නේද එකලය. ඒ අවස්ථාවේදී පවා එම ඇවිදින මන්තීරුවට හානිකළ අය අල්ලා කූඩුවට දමා නීතිපතිවරයාට ලිපිගොනු යවා නීතිය ක්‍රියාත්මක කරන්නට පවා එරික් පෙරේරා එඩිතර වන්නේ ඇමතිවරයාගෙන් එල්ලවූ දැඩි බලපෑම් හමුවේය. නීතිය දේවත්වයෙන් සලකා නීති විරෝධි ක්‍රියාවන්ට අනුබල නොදීම හේතුවෙන්ම ඇමතිවරයාට පවා එරික්ගේ එක මයිල් ගහකට හානියක් කරන්නට ඉඩක් නොවීය. ජාතික පොලිස් කොමිසම පවා එකල සිටියේ එරික්ගේ හයියටය. අවසානයේදී එරික් වත්තල පොලිස් ස්ථානාධිපති ධුරයට සමුදෙන්නේ සහකාර පොලිස් අධිකාරීවරයෙක් ලෙස උසස්වීමක් ලබාය. කෙටි කලක් සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරීවරයෙක් ලෙස සේවය කළ එරික්ට වෙන්නප්පුව හා දංකොටුව පැත්ත භාරදෙන්නේ ඒ ප්‍රදේශයේ ඇති කසිප්පු ජාවාරමත් මත්කුඩු ජාවාරමත් මැඩලන්නටය. එරික් දක්ෂ ලෙස සිය නිලධාරීන් මෙහෙයවා වෙන්නප්පුවත් දංකොටුවත් ශුද්ධ කරනු ලැබුවේ කසිප්පු ජාවාරම්කරුවන්ට හිස ඔසවන්නට ඉඩක් නොදීය. දේශපාලන හයි හත්තියෙන් වෙන්නප්පුවේ පාතාලයේ වධකාගාරයක් පවත්වාගෙන ගිය ඕලු මරා නැමැති මත්කුඩු ජාවමේ නිරතව සිටි පාතාල අපරාධකරුව පවා අල්ලා නීතිය හමුවට ඉදිරිපත් කරන්නේද එරික්ය.

ඇමැතිට එරික් වහකදුරු වෙයි

එරික්ගේ මේ හැසිරීම වත්මන් ආණ්ඩුවේ ප්‍රබල රාජ්‍ය ඇමතිවරයෙකුට එතරම් රිස්සුවේ නැත. ඔහු දිගින් දිගටම එරික්ට බලපෑම් කරන්නට වූයේ කසිප්පු වැටලීම් නතර කරන ලෙසය. ඒ එම ඇමතිවරයාගේ ආනුභාවයෙන් නැවතත් කසිප්පු ජාවාරම වෙන්නප්පුවේත් දංකොටුවේත් හිස ඔසවන්නට ගත්තද එරික්ගෙන් බුරුලක් නොවූ තැනය.

බලපෑම් කළා යැයි කියා එරික්ව නතර කිරීමට රාජ්‍ය ඇමතිවරයාට හැකියාවක් නොවීය. මේ තත්වය මත එරික්ව වෙන්නප්පුවෙන් සහ දංකොටුවෙන් එළවා දැමීම හැර කසිප්පුකාරයන් වෙනුවෙන් කළ හැකි වෙනත් විකල්පයක් රාජ්‍ය ඇමතිවරයාට නොවීය. ඒ අනුව ඔහු එරික්ව වෙනත් පැත්තකට මාරු කර යවන ලෙස කියන්නට හැකි සෑම අයෙක්ටම කීවේය. එරික් කවුරුන්දැයි ඒ සෑම අයෙක්ම දැන සිටි බැවින් ඒ ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් නොවීය. කසිප්පුකාරයන් ඉදිරියේ දේශපාලනඥයා ඒත් එක්කම පීචන් විය. මේ තත්වය මත ප්‍රාදේශිය සංවර්ධන කමිටු රැස්වීමකදී රාජ්‍ය ඇමතිවරයා දැඩිව දෝෂාරෝපණය කරන්නට වූයේ මහා පරිමාණයේ කසිප්පුකාරයන් අල්ලන්නේ නොමැතිව අහිංසකයින් පමණක් අල්ලන බවටය. පොඩි මිනිහට පොලීසිය හිරිහැර කරන බවට චෝදනා පවා කරන්නට ගත්තේ මහා පරිමාණයේ කසිප්පුකාරයන්ගෙන් පොලීසිය පගා ගන්නා බවට මතයක් ගොඩ නගමිනි.

එරික් කට අරී

ඒ අවස්ථාවේ එම සංවර්ධන කමිටු රැස්වීමේ රැඳී සිටි එරික් කටපියාගෙන සිටියේ නැත. ඇමතිවරයාගේ කනේ ඇඟිලි ගහ ගන්නටම කියන්නට ඇති දේ කීවේ කසිප්පුකාරයන්ගේ සාක්කුවේ සිටින්නේ කවුරුන්දැයි කියාය. ඒත් එක්කම එරික්ට අත්පොළසන් නාදයක් එල්ලවන්නේ ඇමතිවරයා තවත් පීචන් කරමිනි. තමාගේ ආත්ම ගරුත්වය වෙනුවෙන් ඔහු දැඩි තීන්දුවක් ගන්නේ ඒත් එක්කමය. ඒ සිය නිවසේදී 28 දෙනෙක් සමග පවත්වන සාකච්ඡාවකින් අනතුරුවය. ඒ අනුව ඇමතිවරයා ඉහළ දේශපාලන බල අධිකාරියකට දැනුම් දෙන්නේ එරික් පෙරේරා තවදුරටත් වෙන්නප්පුවේ සහ දංකොටුවේ තබා ගන්නේ නම් තමා දේශපාලනයෙන් සමුගන්නා බවටය. මේ අවස්ථාවේදී රටේ පවතින දේශපාලන වටාපිටාව හමුවේ එරික්ට වඩා දේශපාලන බල අධිකාරියට එකී දේශපාලනඥයාගේ සේවය අති මහත්ය. එබැවින් එරික්ට සිදුවන්නේ දේශපාලන උදහසට හසුවී පොලිස් මූලස්ථානයට ස්ථානමාරු වන්නටය. ඒ ඉකුත් සතියේදීය. එය එතැනින් හමාර වන්නේ නැත. එරික්ට හයියක් වෙමින් කසිප්පු ජාවාරම්කරුවන් හඹා ගිය දූෂණ මර්දන ඒකකයේ තරුණ නිලධාරීන් හය හත්දෙනාටද උතුරටම මාරුවීම් දුන්නේය. ඒ මතට තිත තියනවා වෙනුවට තිතට මත තැබීමටය.

රුවන් වෙඩිවර්ධන

SendShareShare
Previous Post

මම සැලුණේ නැහැ – වැටුණෙත් නැහැ; තවත් ඉදිරියට යනවා

Next Post

කොවිඩ්-19 එන්නත්කරණය ඩිජිටල් ක්‍රමයට

MORE NEWS

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

විවිධ වගාවන් පෙන්වමින් කිසිදු ආයතනයකට මහජනතාවගෙන් මුදල් එකතු කිරීම කළ නොහැකි බවත්, එය නීති විරෝධී බවත් මහබැංකුව පවසයි.Sri Lanka Latest...

Read more
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.