කීර්තිමත් සේවා යෝජකයෙකු ලෙස සිය නාමය තවදුරටත් තහවුරු කරමින් මෑතකදී අවසන් වූ 2020 ශ්‍රී ලංකා හොඳම සේව්‍ය සන්නාම සම්මාන උළෙලේදී සිය සමාගම මානව සම්පත් කළමනාකරණ අංශයේ ප්‍රකට කළ නවෝත්පාදන ප්‍රවේශය උදෙසා සම්මානයට පාත්‍ර වීමට එයාර්ටෙල් ලංකා සමාගම සමත් විය.
විවිධත්වය හා සමානාත්මතාවය අගය කරන මෙරට ප්‍රමුඛතම සමාගමක් ලෙස සිය නායකත්වය ඉදිරියටත් පවත්වා ගෙන යමින් ‘හොඳම සේව්‍ය සන්නාමය’ සඳහා එයාර්ටෙල් අඛණ්ඩව දෙවන වසරටත් සම්මානයට පාත්‍ර වීම මෙහිදී කැපී පෙනෙයි. මීට අමතරව මෙම සම්මාන උළෙලේදීම එයාර්ටෙල්හි නිපුණතා සංවර්ධන කළමනාකාරිනී ෂාරා රාජගුරු ‘වසරේ තරුණ මානව සම්පත් වෘත්තිකයා’(‘Young HR Professional of the Year’) සම්මානය දිනා ගැනීමට සමත් වූ අතර එමගින් වැඩ කිරීමට සුදුසු සේවා පරිසරයක් නිර්මාණ කිරීමට එයාර්ටෙල්හි ඇති අඛණ්ඩ කැපවීම තවදුරටත් පිළිබිඹු වෙයි.











