HNB ඇෂුවරන්ස් PLC සහ එහි පූර්ණ අනුබද්ධිත ආයතනයක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් ලිමිටඩ් (HNBGI) 2020 වසරට අදාළව ‘සේවය කිරීම සඳහා හොඳම රැකියා ස්ථානයක්’ ලෙස සහතික ලැබූ ශ්‍රී ලංකාවේ මුල්පෙළේ ආයතන 40 අතරට එක්වීමට අවස්ථාව හිමිකර ගත්තේය.
‘සේවය කිරීම සඳහා හොඳම රැකියා ස්ථානයක්’ ලෙස තේරී පත්වීම අපගේ සමාගම් දෙක සඳහාම ලැබුණු ඉතා සුවිශේෂී ඇගයීමක්. අපි එකම පවුලක් විදියට එකිනෙකාගේ සිතුම් පැතුම් සහ අවශ්‍යතා පිළිබඳව ඉතාමත් හොඳින් අවධානය යොමුකරන ආයතන සමූහයක්. මෙම ඇගයීම මගින් අපගේ ආයතනික දැක්ම හා මූලික සාරධර්ම සාක්ෂාත් කිරීම පිළිබඳව උදාහරණ සපයනවා වගේම අපගේ කාර්ය මණ්ඩලයේ සියලුමදෙනාගේ සුබසිද්ධිය උදෙසා අප ගන්නා උත්සාහය සාර්ථක බවත් සනාථ වෙනවා.” යනුවෙන් HNBA සහ HNBGI යන ආයතන දෙකෙහි ප්‍රධාන විධායක නිලධාරි ප්‍රසන්න ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.











