පහර දීමක් හේතුවෙන් එක් පුද්ගලයකුට මැහුම් 15ක් දමා කළුබෝවිල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් තිබියදී පහරදුන් සැකකරුවන් නිදහස් කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පානදුර උතුර පොලිසිය ඉදිරිපිට පිරිසක් දැඩි විරෝධතාවක නිරත වූහ.
මෙහිදී එම පිරිස පෙන්වා දුන්නේ වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයාට දුරකතන ඇමතුමක් පැමිණි බවත්, පසුව හෙතෙම එම ස්ථානයෙන් පිටව ගිය බවත්ය.
නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවන්නේ නම් තමන්ට නීතිය අතට ගැනීමට සිදුවනු ඇති බවද ඔවුන් එහිදී සදහන් කර තිබිණ.










