• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

96 අර්ජුන ලෝක කුසලානය ගනිද්දී ප්‍රභාකරන් උතුරේ ගහපු මැච් එක

March 22, 2021
in Exclusive
Reading Time: 6 mins read
A A
96 අර්ජුන ලෝක කුසලානය ගනිද්දී ප්‍රභාකරන් උතුරේ ගහපු මැච් එක
Share on WhatsAppShare on Facebook

‘හිරකාරයන්ට බුරියානි දුන්නා, මල් වෙඩි දැම්මා, උඩට වෙඩි තිබ්බා, එදා රෑ කාටවත් ගැහුවේ නැහැ. සුසෙයිගෙ ගෙදරට නායකයො ආවා.‘

මේක පටන්ගන්න හොඳම තැන. වෙන්නෙ ආර්. එල්. ජයසිංහ කියන හිටපු යුද හමුදා මේජර්වරයෙක් දාලා තිබ්බ ෆේස්බුක් කමෙන්ටුවකින්.

එදා ලෝක කුසලාන තරගය තියෙන දවසේ ඔවුන් ඉන්නෙ යුද්ධයේ. ඒ සඳහනේ හැටියට අලිමංකඩ. අලිමංකඩ වටකරගෙන තිබිලා තියෙන්නෙ යුද්ධයෙන්. ‘අපි මාර්තු දාහත් වැනිදා ජෙනරේටරේකින් මැච් එක බැලුවා. කොටි ගැහුවෙ නැහැ…’ ඔහු එහෙම කියනවා. මේ කතාවත් එක්ක අපි උත්සාහ කළා ඇත්තට එක්දහස් නවසිය අනූහයේ මාර්තු මාසෙ දාහත් වැනිදා උතුරෙ මොකද වුණේ කියලා. ඇත්තට හමුදාවෙ කෑම්ප්වල නං වුණේ ඕක. හැමෝම එකතුවෙලා මැච් එක බැලුවා. උතුරෙත් – දකුණෙත් එක වගේම. එතකොට එල්.ටී.ටී.ඊ. කඳවුරුවල මොකද වුණේ. ඒක හොයන්නම ඕනෑ කියලා කෙනෙක් අහන්න ඉඩ තියෙනවා. ඒත් අපි හිතනවා ඒක එහෙමයි කියලා. ඒ නිසා අපි හෙව්වා.
මුලින්ම අපි කියන්නෙ එල්.ටී.ටී.ඊ. හිර කඳවුරුවල දුක් වින්ද මිනිස්සු අපිට කිව්ව කතාව. මේ කතාව අස්සෙ තියෙන හැඟීම මොකක්ද කියන එක තීරණය කිරීම සම්පූර්ණයෙන්ම ඔබට බාරයි. අපේ අකුරුවලට ජාති, කුළ, ආගම් බේද නැහැ.

‘එදා උන් අපිට කිව්වා අද රෑ මැච් එක කියලා. ඒක අපි දිනනවා කියලත් කිව්වා. ඒත් අපිට දින වකවානු ගැන අදහසක් තිබ්බෙ නැහැ. රටේ ලෝකෙ වෙන්නෙ මොනවද කියලවත් දැනගෙන හිටියෙ නැහැ.

හැබැයි උන් එදා රෑ සෑහෙන වෙලාවක් එළියට ආවේ නැහැ. අපි ඔය කියන තැනට කියන්නෙ රජබේස් කියලා.
මැච් එක ඉවර වෙනකොට රජබේස් එකේ හිටපු එවුන් මල්වෙඩි පත්තු කළා. උන් අහසට වෙඩි තිබ්බා. රෑ කෑමට ගම්බුකෝ බුරියානි, කුකුල් පලුත් එක්ක. එදා උන් කෑගැහුවා. අපි දින්නා කියලා.

ඒක එක කතාවක්…

රාසයියා වැඩ කරලා තියෙන්නෙ පොට්ටුඅම්මාන් එක්ක. …. තියෙන ‘සයනයිඩ්’ හංගපු කැළලත් එක්ක ඔහු තවමත් ඉන්නවා. එදා පොට්ටු අම්මාන්ලා එක්ක කරපු, කියපු දේවල් අද ඔහු කිසිම ප්‍රශ්නයක් නැතිව එළිපිටම කියනවා.
‘ඒ යුද්ධෙ ඉවරයි’ කියන සතුටත් එක්කද, නැත්තං, ‘අපි පැරැදුණා’ කියන දුකත් එක්කද කියන්න මම දන්නේ නැහැ. මේ හාදයා කියන විදියට නම් අනූපහේ මාර්තු දාහත එල්.ටී.ටී.ඊ. කඳවුරේ මතක සිටින දවසක්. මේ කතාව ඔහුගෙන් අහපු ගමන්ම කිසිම අමතක වීමක් නැතිව ඔහු ටක්ගාලා උත්තර දුන්නා.

‘අපිට නම් ටී.වී. තිබ්බේ නැහැ. අපි හිටියෙ මරදංකේලිවල. සුසෙයිගෙ කඳවුරට ළඟ තැනක. එදා සුසෙයිගෙ ගෙදරට ලොකු ලොකු අය ආවා. ඒ කියන්නෙ ප්‍රභාකරන්ලා නෙවේ. දෙවැනි කට්ටිය. ඔය කිට්ටුලා වගේ අය.
හැමතැනම හිටන් කොල්ලො එක තැනකට සෙට්වෙලා රේඩියෝවකින් මැච් එක ඇහුවා. ඒ ඇහුවෙ මොකෙන්ද කියලා දන්නෙ නැහැ. ඒ කියන්නෙ දැනල් එක.

හැබැයි ඔක්කොමල්ලා එකතු වෙලා මැච් එක ඇහුවා. එහෙ විකට් එකක් යන කොට හූ කිව්වා. කෑ ගැහුවා. කවදාවත් එහෙම නිදහසක් නැහැ. මිල්ලර් වෙනුවෙන් තියෙන සැමරුම දවසෙ වගෙයි අපිට දැනුනෙ. ඒත් මෙහෙම නිදහසක් නැහැ.

ලංකාව මැච් එක දිනුවට පස්සෙ කට්ටිය සතුටු වුණා. කෑගැහුවා. සමහර අය ළඟටවත් ආපු නැති අය හිටියා. එයාලා මැච්වලට ආස නැහැ. ඒත් එදායින් පස්සෙ හුඟාක් අය මැච්වලට ආසා වුණා. ලංකාව දිනුවා.

ඒ ඔහු කියන්නෙ මරදන්කෝලිවල සුසෙයිගෙ කෑම්ප් එකේ තත්ත්වය.

හැබැයි මේ කතාවෙන් අපි දැනුණ ප්‍රධානතම දේවල් කිහිපයක් තියෙනවා. ඉන් එකක් වුණේ එදා දෙපැත්තක් හැදිලා කාකොට වැටුණු මිනිස්සු කිසිම කොන්දේසියකට, පොරොන්දුවකට යටත් නොවී එක දේකටවත් නිහඬ කරන්න, ක්‍රිකට්වලට පුළුවන් වුණා.

යාපනේ මාර්කට්ටුවෙ රාජකාරි කරන අපේ හිතවතෙක් මේ කියන කෙනාව සම්බන්ධ කරලා දුන්නෙ. ඔහු නම ලියන්න එපා කිව්වෙ හේතු කිහිපයක් නිසා. ඒ හේතුත් නොලියා මේ හාදයගෙ නමත් නොලියා කතාව විතරක් ලියන්න තීරණය කළා.

‘අපි ඒ කාලෙ හිටියෙ ‘ටංගො-4’ කියන එල්.ටී.ටී.ඊ. කඳවුරේ. ඒකෙ නායකයා කැප්ටන් අලගන්. අලගන් කියන්නෙ හරිම දරුණු කෙනෙක්. ඒ වගේම ප්‍රභාකරන්ට හිටපු විශ්වාසවන්තම අයගෙන් කෙනෙක්. ඒ නිසාම තමයි මේ වගේ ලොකු කෑම්ප් එකකට එයාව දැම්මෙ.

අනූ හයේ ලංකාව වර්ල්ඩ් කප් ෆයිනල් එකට තේරිලා කියලා හැමෝම දැනගෙන හිටියා. ඒ කාලෙ වෙන කොට ක්‍රිකට් උණු හැමෝටම තිබුණා. හැමෝගෙම ෆේවරිට් මුරලි. ඒත් සමහරු සනත්, අරවින්දට ආස අයත් හිටියා.

එදා කැප්ටන් අලගන් ළඟ හිටපු අයවත් දාගෙන ගියා, අතඇරලා දාලා ගියපු ගෙදරකට. ඒ ගෙදර අයිති වෙලා තිබුණෙ මම හිතන විදියට ඤාණප්‍රකාශ් කියලා කෙනෙක්ට. මේ විදියට අතඇරලා දාපු ගෙවල් ගොඩක් එල්.ටී.ටී.ඊ. එක පාවිච්චි කළා. ඒ කාලෙත් යාපනේ ලොකු ගෙවල් තිබ්බා. ඒ ගෙවල් බඩුත් එක්කම දීලා ගියා කියනවා. ඒ ගෙවල්වලින් එකක තිබ්බා කළු-සුදු ටී.වී. එකක්. මම හිතන්නෙ ඒ ඤාණප්‍රකාශ්ගෙ ගෙදර. ඤාණප්‍රකාශ් කියන්නෙ එහෙ කැම්පස් එකේ හිටපු සර් කෙනෙක්.

කොහොම හරි එයාගෙ ගෙදර ඉඳං මැච් එක බැලුවා. හැමෝම හිටියෙ හරිම සතුටෙන්. එහෙං ගහයි, මෙහෙං ගහයි කියලා එදා බයක් තිබ්බෙ නැහැ. මම ඒ ඇයි කියලා දන්නෙ නැහැ. මැච් එක දිනුවට පස්සෙ සතුටින් හිටියෙ හැමෝම. වෙන කරපු විශේෂ දේවල් නං මතක නැහැ. ඒත් කාටවත් අඩුවක් නැතිව ‘ලංකාව දින්නා’ කියන සතුට තිබ්බා. ලෝක කුසලානෙ ගන්න ඒවා අරවා මේවා ඔක්කොම ඇස් දෙකෙන් දැක්කා.

එදා ඒ ජයග්‍රහණයත් එක්ක මුළු රට රතිඤ්ඤා සද්දෙන් පිරිලා ගියා. ඒත් ඒ සද්දෙ උතුරට ඇහෙන්න නැතිව ඇති කියලයි අපි හිතාගෙන හිටියෙ. මොකද රට දෙකට බෙදන්න යුද්ධ කරපු එවුන්ට. මේ රට ගැන කැක්කුමක් තිබ්බාය කියලා අපිට මොන හේතුවක් හින්දවත් විශ්වාස කරන්න බැහැ.
‘ශ්‍රී ලංකාව’ කියන ජාතික කොඩිය යටතෙ තරගවදින කවුරු වුණත්, ‘අපේය…’ ‘මගේය…’ කියලා හිතන්න පුළුවන් නම්, ඒ හැමෝම මේ රටට මොන විදියක හරි ආදරයක් තියෙන මිනිස්සු කියන එකයි අපේ හැඟීම. එදා යුද්ධයක් අස්සෙත් මිනිසුන්ව එක්සත් කරන්න පුළුවන් වුණු ක්‍රිකට් අද තියෙන තැන එතැනද කියලා ප්‍රශ්නයක් තියෙනවා.

‘ක්‍රිකට්වල ආගම් භේදයක් තියෙනවා…’
‘ක්‍රිකට් ටීම් එකේ නායකයා වෙන්න කේක් එකක් අරං ගෙදරට ගියා…’
‘අර ඉස්කෝලවල අයව විතරයි ගන්නෙ…’

මේක මේ විදිය වුණත් පහුගිය කාළෙ තිබුණු එල්.පී.එල්. එකේදී යාපනේ පිලට යාපනෙන් කොල්ලො ආවා. ඒක සතුටු වෙන්න ඕන කාරණාවක්. මේක ඒ වෙනුවෙන් සතුටු වෙන්න ඕන දවසද නැද්ද කියන එක තීරණය කරන එක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට බාරයි.

මේ ගැන අපිට යාපනේ මාර්කට් එකේ ඉන්න හිතවතා රූබන් තව කතා ටිකක් කිව්වා. ඒකත් ලියලම මේක ඉවර කරන්න හිතුවා. හැබැයි නෝනාවරුණි, මහත්වරුණි, මේ උත්සාහය ලෝකෙ හිටපු කුරිරුතම ත්‍රස්තවාදී සංවිධානය සාධාරණීකරණය කරන්න නෙවේ. අපිට ඕනෑ වෙන්නෙ ක්‍රිකට්වලට සාධාරණයක් ඉෂ්ඨ කරන්න. ඇත්තටම ඒක සාධාරණයක් නෙවේ. ක්‍රිකට් කියන්නෙ මහ පුදුමු දෙයක් කියන එක කියන්න අවුරුදු විසිපහක් ගිය තැන අපි තවම ඒ අසිරිමත් රාත්‍රිය සිහිපත් කරනවා.

‘එදා ඒ වෙලාවෙ අපිව කොටි යටත් කරගෙන හිටියා වගේ මතකයි. නිතරම වගේ එහෙ මෙහෙ ගියේ එල්.ටී.ටී.ඊ. එක. ඒ නිසා කවදාවත්ම අපි අපිට ඕනෑ විදියට හැසිරුණේ නැහැ. ඒත් එදා කෑම්ප්වල අහසට වෙඩි තිබ්බා කියනවා. හැම එකේම එහෙම වුණාද දන්නෙ නැහැ. හැබැයි අපේ කිට්ටුව නං එහෙම වුණාලු. එදා රෑ කොල්ලො පාටි දැම්මා. වෙනදට ඇවිත් ගහලා එළවනවා. ඒත් එදා එහෙම වෙලා නැහැ.

අදත් අපේ කට්ටිය නිතරම ඒක මතක් කරනවා. බොරු කියන්න ඕන නැහැ නෙ. යාපනේ වැඩිපුර ප්‍රසිද්ධ ෆුට්බෝල්. ඒක අදත් එහෙමනෙ. ඒත් වර්ල්ඩ් කප් එක දින්නා කියන්නෙ ඉතින් මාර වැඩක් තමා..’

කොහොම නමුත් මේ කතාවෙ අපූරුව තමයි ඔය ඔබ දන්නවා ලෝකෙ හිටපු අමානුෂිකම මිනිස්සු හිටිය ත්‍රස්තවාදී සංවිධානයක් තමයි ද්‍රවිඩ ඊළාම් විමුක්ති කොටි සංවිධානය කියන්නෙ. අහිංසක මිනිස්සු දහස් ගණනක් මරලා දාලා තමන්ගෙ ඉලක්ක හොයාගෙන ගිය අයයි මේකට නායකත්වය දුන්නෙ. තමන්ගෙ ප්‍රතිවාදීන්ට විතරක් නෙවෙයි එරෙහි වෙන හැම වෙලාවකම වගේ තමන් එක්ක එකටම වැටිලා හිටපු එකාට වඩා අමානුෂිකව වද දුන්න සංවිධානයක් ඒක. කාලයක් අපිත් එක්ක එස්.අයි. ශාන්තලාල් මහත්තයා කියපු විදියට, එල්.ටී.ටී.ඊ. එකේ හිටපු මහඑවුං, හිරකාරයො වුණාට දාන්න හදලා තිබුණෙ මිනි පෙට්ටියක් තරමේ වළවල්. ඒවයේ උඩට කටු කම්බි ගහලා තිබුණා. හිරභාරයට වෙන්නෙ සදාකාලිකවම වැතිරිලා ඉන්න. අඳින්න ඇඳුමක්වත් දෙන්නෙ නැහැ. එහෙම තමන්ගේ අයට පවා නරකම විදියට සලකණ ත්‍රස්තවාදීන්, හිරකාරයන්ට කුකුල්මස් පලුවක් එක්ක බුරියානි දෙන තැනට හීලෑ කරන්න පුළුවන් නම් ඇත්තටම ක්‍රිකට් කියන්නෙ ඉනාවක්. ඒ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් අපි ලබපු ලොකුම තෑග්ග එක්දහස් නවසිය අනූහයේ වීල්ස් ලෝක කුසලානය. හැබැයි මේ කියන්නෙ දෙදහස් දාහතරේ දිනපු ‘ටී-ටුවෙන්ටි’ කුසලානය පොඩියි කියල නෙවෙයි. ඒත් ලෝකෙම විශ්වාස කරන විදියට ලෝක කුසලානයේ අභිමානය තියෙන්නෙ ඕවර පනහෙ කුසලානයේ, මේ ලිපිය ලියන දවස් වෙනකොට ඒ අසිරිමත් දවසෙ ඉඳලා අවුරුදු විසිපහක් ගිහිල්ලා.

ස්තුතිය අර්ජුන රණතුංග ඇතුළු පිරිවරට. එදා අපි ඇත්තටම දින්නා.

ජීවන පහන් තිළීණ

SendShareShare
Previous Post

ආණ්ඩුව කියන මිල ගණන් චෙක් කරන්න සජබෙ නාරාහේන්පිට ආර්ථිකයට කඩා පනී (VIDEO)

Next Post

සිංහරාජෙ වැව් හදන චමල්ගේ කතාවට සමාජ මාධ්‍ය ඇවිලෙයි: චමල් උත්තර බඳී

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.