මුදල් හුවමාරු වැඩසටහනක් යටතේ ඇමරිකානු ඩොලර් බිලියනයක් ලබා ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශය ඉන්දියාව සමඟ සාකච්ඡා කිරීමට නියමිතය.
මෙම පහසුකම ලබා ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශයේ දූත පිරිසක් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සමඟ සාකච්ඡා ආරම්භ කිරීමට සූදානමින් සිටින බව මහා භාණ්ඩාගාර නිලධාරියෙක් පැවසීය.
එම මුදල වසරකින් ආපසු ගෙවීමට රජය සැලසුම් කර ඇති බව පැවසේ.
මෙම පහසුකම මීට පෙර ලබා ගැනීමට ඉල්ලුම් කළද එම ඉල්ලීම ඉන්දීය රජය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.
කෙසේ වෙතත්, නවදිල්ලිය නැවත මෙම පහසුකම ලබා දීමට එකඟ වී තිබේ.
මහ බැංකුවේ විදේශ සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන පහකට වඩා පහත වැටීමත් සමඟ මෙම පියවර ගෙන තිබේ.










