එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන විසඳුම් ජාලය විසින් සිකුරාදා නිකුත් කරන ලද ලෝකයේ සතුටින් සිටින රටවල්වල වාර්තාවට අනුව 2021 වසරේ රටවල් 149ක් අතුරින් 129 වන ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබේ.
පින්ලන්තය ලෝකයේ ප්‍රීතිමත්ම රට ලෙස ශ්‍රේණිගත කර ඇති අතර එය අඛණ්ඩව සිව්වන වරටත් ඔවුන් හිමි කරගෙන තිබේ.
අසල්වැසි රටවල් අතර පාකිස්තානය 105 වන ස්ථානයත්, චීනය 84 වන ස්ථානයත්, ඉන්දියාව 139 වන ස්ථානයත්, බංග්ලාදේශය 101 වන ස්ථානයත් ලබා ඇත.
ලැයිස්තුවේ අඩුම සතුටින් සිටින රට ඇෆ්ගනිස්ථානයයි.










