• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගේමක් ගහලා ඩඩ්ලි ආණ්ඩුව වට්ටයිද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

March 20, 2021
in Exclusive, Gurudawa, Uncategorized
Reading Time: 4 mins read
A A
ගේමක් ගහලා ඩඩ්ලි ආණ්ඩුව වට්ටයිද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

ගෝඨාභය සහ ඩඩ්ලි සිරිසේන හොඳ මිතුරන්ය. 2015ට කලින් එවකට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහ ලේකම් ධුරය දරපු මෛත්‍රිපාල තමන්ගේ දුක්ගැනවිලි මහින්දට දැනුම් දුන්නේ ඩඩ්ලි සහ ගෝඨාභයගේ මේ මිත්‍රකම හරහාය. ඒ කාලයේ සිටම බැසිල් මෛත්‍රිපාලව මායිම් කළේ නැත. මේ නිසා මෛත්‍රිපාල තමන්ගේ ප්‍රශ්න මහින්දට කිව්වේ ගෝඨාභය හරහාය. මෛත්‍රිපාලගේ ලොකුම ප්‍රශ්නය තිබුණේ මර්වින් සිල්වා සමඟය. ගෝඨාභයටත් මර්වින් සිල්වාව රිස්සුවේ නැති නිසා ඩඩ්ලි හරහා දෙන්නා අතර හොඳ ඇයිහොඳයියක් තිබුණි.

මෛත්‍රි 2015 ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ජයගත් පසු මේ මෛත්‍රි – ගෝඨා – ඩඩ්ලි සම්බන්ධය ගෝඨාභයගේ වාසියට කැරැකුණි. 2015ට කලින් ඒ සම්බන්ධය කැරැකුණේ මෛත්‍රිගේ වාසියටය. මෛත්‍රි ජයගත් විගස ගෝඨාභයව අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් දියත් වූ අතර ඒ වේලාවේ ගෝඨා මෛත්‍රිගේ සරණ පැතුවේය. ඒ ඩඩ්ලි හරහාය. මෛත්‍රිව හමුවෙන්න ගෝඨාභය ගියේ ඩඩ්ලි සමඟය. අවසානයේ කවුරුවත් බලාපොරොත්තු නැති දෙයක් සිදු විය. ඒ 2015 මහ මැතිවරණයට දින නියම වෙද්දී මෛත්‍රි සහ මහින්ද හමුවීමය. මේ හමුව සූදානම් කළේ ඩඩ්ලි සහ ගෝඨාභයය. මහින්දට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් නාම යෝජනා දීමත්, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ඡන්ද සටන මහින්දට බාර දීමටත් තීරණය වුණේ ඒ හමුවේදීය.

මෛත්‍රිගේ පියා ඩඩ්ලිට ඩඩ්ලි කියා නම දැම්මේ ඩඩ්ලි සේනානායකට ගෞරවයක් වශයෙන්ය. ඒත් මෛත්‍රි වගේම ඩඩ්ලිත් යූ.ඇන්.පී.කාරයන් නොවීය. ඔවුන් වමට බර වාමාංශිකයන් විය. මෛත්‍රි දේශපාලනය පටන්ගත්තේ ඩාර්ලි පාරේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ පුස්තකාලයෙන්ය. ඔහු එතැනින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහ ලේකම් තෙක් ගමනක් ගියේය. ඩඩ්ලිත් සහල් බිස්නස් එකට බැහැල ලංකාවේ නොම්මර එකේ සහල් බිස්නස්කාරයා වෙන්න ගමනක් ගියේය. මෛත්‍රි 2015 විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා වෙන්න තීරණය කරන විට ඩඩ්ලි හිටියේ විදේශගත වෙලාය. තමන් කියන තෙක් පොළොන්නරුවට නොයන ලෙස ඔහු ඩඩ්ලිට උපදෙස් දුන්නේය. ඩඩ්ලි මාධ්‍යයට කතා කරන්න ගොස් කට වරද්ද ගනී යැයි මෛත්‍රි බය විය.

2015 ජනාධිපතිවරණයේදී මෛත්‍රිව ජනාධිපති කරන්න ඩඩ්ලිත් බෙල්ල දුන්නේය. ඒත් එක්සත් ජාතික පක්‍ෂයත් එක්ක ඔහුගේ සබඳතා එතරම් ශක්තිමත් නොවීය. ඔහුට සබඳතා තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමඟය. මේ නිසාම ගෝඨාගේත්, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත්‍රිවරුන්ගේත් දුක්ගැනවිලි මෛත්‍රී ළඟට රැගෙන ගියේ ඩඩ්ලිය. මුලින් 2019 ජනාධිපතිවරණයට මෛත්‍රි ඉදිරිපත් කොට ගෝඨාභයව ජනාධිපති අපේක්‍ෂක කරන්න ඩඩ්ලි සිතියම ඇන්දත් පසුව මෛත්‍රිට දිනන්න අමාරු බව තේරුම් ගෙන මෛත්‍රිගේ සහායෙන් ගෝඨාභය ජනාධිපති කරන වැඩේට ඔහු අතගැහුවේය. මෛත්‍රි ජනාධිපතිව සිටියදී ඔහු රනිල්ගේ ආණ්ඩුවට තදින් ගැහුවේය. ඒ ආර්ථිකය කනවා කියාය. රටේ ජනාධිපතිගේ එල්ලී ආර්ථිකය ඉවරයි යැයි කියද්දී මිනිස්සු තුෂ්ණිම්භූත වූහ.

ඩඩ්ලි කපටිය. ශූරය. යහපාලන ආණ්ඩුවේ වැරැදි නිසා රාජපක්‍ෂලා යළි බලයට ඒම වළක්වන්න ශක්‍රයාටවත් නොහැකි බව ඔහු හොඳින් තේරුම් ගත්තේය. ඔහු යහපාලන ආණ්ඩුවේ රාජපක්‍ෂලාගේ ගැලවුම්කාරයා විය. ඊටත් වඩා ගෝඨාභයට ජනාධිපති අපේක්‍ෂක ධුරය ගන්න මෛත්‍රිගේ හයිය අරන් දෙන්න ඔහු දිවා රෑ නොබලා ගේම් ගැහුවේය. ඩඩ්ලි නොහිටින්න ගෝඨාභය හිරේට ගිහින් ගොඩාක් කල්ය. එහෙම වුණා නම් ගෝඨාභය ජනාධිපතිවරණයට ඉල්ලයි කියා සිතිය නොහැකිය. මේ දේශපාලනය හරිම පුදුම දෙයකි. 2015 මෛත්‍රි විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක නොවුණා නම් මහින්දගේ පස්සේ රාජපක්‍ෂ පවුලෙන් ජනාධිපති වෙන්නේ නාමල්ය. ගෝඨාභයට ඒ චාන්ස් එක ලැබුණේ මෛත්‍රි ජනාධිපති වී ව්‍යවස්ථාව වෙනස් කළ නිසාය.

වරක් රාජපක්‍ෂ කෞතුකාගාරයේ මුදල් අවභාවිතයට ගෝඨාභයව අත්අඩංගුවට ගන්න යද්දී ඩඩ්ලි දෙරණ රූපවාහිනියට ඇවිත් කීවේ කෞතුකාගාරය හදන්න ගෝඨාභය ආණ්ඩුවෙන් ගත් මුදල තමන් අතින් ගෙවන්නම් කියලාය.

‘ගෝඨාභය රජ කාලේ හිටියා නම් අද ජාතික වීරයෙක්, මමත් හමුදාවේ හිටපු කෙනෙක්. මම දන්නවා ගෝඨාභයගේ වටිනාකම.’
(29.01.2019 – දෙරණ)
මේ ඩඩ්ලි කී කතාවය. 2018 මෛත්‍රි – රනිල් ඉවත් කොට මහින්දව අගමැති කරන විටත් ඩඩ්ලි තිරය පිටුපස ලොකු කාර්යභාරයක් කළේය. පාස්කු කොමිසම් වාර්තාව ගැන කතා කරද්දී ගෝඨාභය පාස්කු ප්‍රහාරයේ මුල වගකීම මෛත්‍රිට දැමීමට අදිමදි කරමින් මෛත්‍රිව බේරා කතා කළේ කෘතගුණ දන්නා නිසාද කියන්න දන්නේ නැත.

හැබැයි ඉස්සරහට එන්නේ ගෝඨාභයගෙයි, ඩඩ්ලිගෙයි මිත්‍රකමට එතරම් හොඳ කාලයක් නොවේ. ගෝඨාභය ආ විගස අත ගැහුවේ හාල් ප්‍රශ්නයටය. ඔහු පළමුවෙන්ම කඩා පැන්නේ හාල් වෙළෙඳපොළටය. ඒ හාල් මිල බස්සන්නටය. වෙනකක් තබා ගෝඨාභය පත්කළ පාරිභෝගික අධිකාරියේ සභාපති මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක ඩඩ්ලිගේ අරලිය හාල් මෝලට ගොස් සහල් මිල ගැන ප්‍රශ්න කළේය. හාල් මිල බස්සන්න මට බැහැ. ඕනෑ නම් මේ මෝල ආණ්ඩුවට පවරා ගන්න යැයි ඔහු අභියෝගයක් කළේය. ඒ අභියෝගයට ආණ්ඩුව වැටුණි. ගෝඨාගේ හමුදාව ඩඩ්ලිට බය වුණා යැයි සමාජ මාධ්‍යවල රස කතා පළ විය. ඇත්ත කතාව නම් ගෝඨාභයට නොව ශක්‍රයාටවත් අත ගහන්න බැරි විදියට ඩඩ්ලි ඔහුගේ සහල් අධිරාජ්‍ය හදාගෙන ඉවරය. හාල් නැතුව ලංකාවේ මිනිසුන්ට දවසක් ඉන්න බැරිය. අනෙක් අතට පොදුජන පෙරමුණේ ඡන්ද පදනම වූ ගමේ ගොවියාගේ ඡන්ද පදනමට ඩඩ්ලි නැතුවම බැරි මිනිහෙකි. ගොවියෝ ඉස්සර හිටියේ දේශපාලනඥයෝ එක්කය. දැන් ඉන්නේ ඩඩ්ලි එක්කය. සිරිසේන පවුලේ ගෑස් බස්සන්න රාජපක්‍ෂලා පොළොන්නරුවෙන් රොෂාන් රණසිංහව උඩට ගෙන ආවේය. රොෂාන් රණසිංහ බය නැතිව මෛත්‍රිටත්, ඩඩ්ලිටත් ගැහුවේය. හැබැයි ඡන්දෙ දින්නාට පසු ඔහුට ලැබුණේ රාජ්‍ය ඇමැති ධුරයකි. අද රොෂාන් රණසිංහ ඩඩ්ලිගේ ගජමිතුරෙකි.

පොදුජන පෙරමුණේ නිල සංකේතය පොහොට්ටුව වුණාට නොනිල සංකේතය කිරිබතය. ඔවුන් දේශපාලනය කරන්නේ කිරිබත්වලිනි. පසුව පොදුජන පෙරමුණ වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මේ කිරිබත් දේශපාලනය පටන්ගත්තේ 1993 ප්‍රේමදාස ඝාතනය වූ වේලාවේ දකුණේ හන්දිවල කිරිබත් උයලාය. යුද්ධය දින්නාමත් ඔවුහු හන්දි ගානේ කිරිබත් පිසූහ. 2015ට කලින් මහින්දගේ ආණ්ඩුව ලොකුම කිරිබත හදලා ගිනස් පොතට යන්න හැදුවේය. රාජපක්‍ෂලා දින්න හැම වේලාවේම ගමක් ගමක් ගානේ කිරිබත් ඉදුණි. දැන් ළඟ එන්නේ සිංහල අවුරුද්දය. රාජපක්‍ෂලා යළි බලයට ආ විට හරියට සිංහල අවුරුද්දක් සමරන්න බැරි විය. හේතුව කොරෝනාය. මෙවර අවුරුද්ද සමරන්න හැමෝම ලකලැහැස්ති වෙමින් සිටී. හැබැයි හාල් මිල අහස උසය. අවුරුද්ද වන විට සම්බා රුපියල් 200ට යයි කියා අනාවැකිත් කියයි. 2020 අවුරුද්දේ කොරෝනා නිසා උයාගන්න බැරි වූ කිරිබත් මේ පාර මිල නිසා උයාගන්න බැරි වුණත් මිනිස්සු ආණ්ඩුවේ අම්මා මතක් නොකළොත් පුදුමය.

මේ දවස්වල ටොයියන්ගේ මුහුණු පොතේ බයියන්ට ගහන්නේ කිරිබත් මතක් කරලාය. කොළඹ වරාය අදානිට දෙන කොට, සීනි වංචාවට, මුස්ලිම් දේහ වළලන්න අවසර දෙන කොට ටොයියෝ බයියන්ට කියන්නේ කිරිබත් කාපල්ලා කියලාය.

පොදුජන පෙරමුණට නැතිවම බැරි මේ කිරිබත පිසින්න හාල් හදන්නේ ඩඩ්ලිගේ මෝලේය. මේ ආණ්ඩුවේ ප්‍රධාන කොටස්කාරයෙක් වන මෛත්‍රිපාල ඩඩ්ලිගේ අයියාය.

‘ඩඩ්ලි ගෝඨාව ගේන්න මෛත්‍රිව හරවල ගහපු ගේමම ගෝඨාව ඉවර කරන්න හාල්වලින් ගහයිද..?’

ගෝඨා – ඩඩ්ලි එක්ක හැප්පෙන්න නොයන්නේ ඒ බව දැනගෙන විය යුතුය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

වාස්තුව ජීවිතය වෙනස් කරන හැටි

Next Post

මං කුඹුරු කොටන කතාව බොරු

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.