• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

කන්‍යාවියො 7ක්; ඒක අමාරු වැඩක්

March 17, 2021
in Holiday
Reading Time: 2 mins read
A A
කන්‍යාවියො 7ක්; ඒක අමාරු වැඩක්
Share on WhatsAppShare on Facebook

සිරිපාදේ යනකොට මස්කෙලිය ලක්ශපාන හරියේදි අපූර්ව රූප මවන කන්‍යාවියන් 7 දෙනාගේ අඩවිය ලංකාවේ කදු තරණය කරනබොහෝ දෙනෙක්ගේ හීනයක් කියලා කිව්වොත් මං වැරදි නෑ. රහස් ගොඩක් හංගගෙන ඉන්න සප්තකන්‍යාවියන් තරනය සත්තකින්ම තරමක් අසීරු තරණයක්.

සිරීපාද රක්ශිතයේ මනස්කාන්ත කදු පංතියක් වන සප්ත කන්‍යා මුහුදු මට්ටමේ සිට මීටර් 1569 ක උසින් සබරගමු හා මධ්‍යම පලාත් සීමා මායිමේ පිහිටා ඇත. ඉතා ඉහල ජෛව විවිධත්වයකින් හා බොහෝ වේලාවක් මීදුමෙන් වැසිනු ගුප්ත බවකින් පිරි අලියා කොටියාගහන මනරම් නොයිදුල් වනාන්තර පරිසරයකින් සමන්විතය.

සප්තකන්‍යා ගැන කියවෙද්දීම ඔලුවට එන්නේ ලංකාවේ එතෙක් මෙතෙක් සිදුවුන දරුනුතම ගුවන් යානා අනතුර වන ෘක්‍ මාර්ටින් 08 ගුවන් අනතුර. මගීන් 182ක් හා ගුවන් කාර්්‍ය මන්ඩලේ 09 දෙනෙක් සමග ඉන්දූනීසියාවෙන් මක්කම බලා ගමන් ගත් ගුවන් යානය යාන්ත්‍රික දෝශයක් හේතුකොටගෙන මෙහි දෙවන හා තෙවන කදු මුදුන් අතර ගැටී 191 දෙනෙක් මරණයට පත් උන අවාසනාවන්ත සිදුවීම. එම ගුවන් අනතුරෙන් මිය ගිය අය සිහි කරනු වස් ගුවන් යානයේ රෝදයක් අදටත් මස්කෙලිය නගර මධ්‍යයේ දැක ගන්න පුලුවන්.

අටුවා ටීකා ඇති. දැන් අපි ගමන් විස්තරේ පටන් ගමු. සෑහෙන්න කාලෙක ඉදන් තිබ්බ හීනයක්. 2021 අවුරුද්දෙ නම් කොහොම හරි යනවා කියන හීනේ තියාගෙන අපායට උනත් කතාකලොත් එන අපේ උන්ට කතා කරද්දි ගත් කටටම කිව්වේ “මොකද කියන්නේ 2021 ෆර්ස්ට් හයික් එක පටන්ගමුද සැරම එකකින්” කියලා.

ඔහොම ඇරඹුණු සාකච්ඡා කිහිපයකින් පස්සේ වැස්සත් බලලා මුල් කාර්තුවේම දිනයක් දාගත්තේ හීන මල්පැල ගැන්වෙන ලස්සන බලන්නත් එක්කම. සති ගනනක සූදානම් වීමකින් පස්සේ සෙට් එකම පුල පුලා බලාසිටි කන්‍යාවියන්ගේ පහස ලැබීම පිනිස මස්කෙලිය බලා පිටත් උනේ හිමිදිරියේ සීතලත් එක්කමයි. උදෑසන යාමයේ ගයිඩ් අයියාගේ ගෙදරට සැපත් වූ අපි හනි හනිකට අපි ගෙනාපු උදේ ආහාර අරගෙන, ගයිඩ් අයියා ලෑස්ති කරලා තිබ්බ දවල් ආහාරයත් බැදගෙන උදෙන්ම කන්‍යාවියන් හමුවෙන්න යන්න නමෝ විත්තියෙන් පටන් ගත්තේ.

විශේෂයෙන් කියන්න ඕන මං 2020 අන්තිම හයික් එක ගිහින් මේ වෙද්දි මාස 04-05 ක් වගේ ගතවෙලා. මාස 05 ක් නිකන් කකාබිබී ගෙදරට වෙලා (කකා බිබී හිටියම ෆිට්නස් කොහොම ඇද්ද හිතාගන්න පුලුවන්නේ.) සෙට් එකේ අනිත් උන් ටිකත් මේවගේම තමා. මාස 04-05 කකා බිබී ගෙට වෙලා ඉදපු මං වගේම හොද ළමයි.

නිවසින් පිටත්ව තේවත්ත හරහා නැවතත් මහපාරට නැවතත් තේ වත්ත හරහා. ඔන්න අපේ ඇරඹුම. තේ වත්ත අවසානයේ නමෝ විත්තියෙන් රක්ශිතයට පිවිසෙන මොහොත. කැලේ බන්ඩාර දෙවියන්ගෙන් හා සුමන සමන්දෙවියන්ගේ ආශිර්වාද පතා කොළ අත්තක් එල්ලා මහ වනේට ඇතුල් උනේ අපගේ නොනිත් ආශාව සපල කරගැනීමේ බලාපොරොත්තුවෙන්මය.
විශේෂයෙන් කියන්න ඕන ගමේ මිනිස්සු මෙයට සමනල කන්ද වගේම ගෞරවයක් දෙනවා. ගයිඩාගේ පලවෙනි අවවාදය උනේ “මල්ලි කට වරද්දගන්න නම් එපා” කියන එක තමා.
එතැනින් ඇරඹුන ගමන පැය 2-3 ක් පමන පුරාවට ශීඝ්‍ර බෑවුමක් ඔස්සේ හතර ගාතෙන් විටෙක කඹේ එල්ලෙමින් වචනේ පරිසමාප්ත අර්තයෙන්ම අසීරු ගමන් මගක් ඔස්සේ පළමු කදු මුදුනට ලඟා විය. වනය ගැන අතොරක් නැතුව දැනගෙන සිටි ගයිඩ් අයියා හැකිතාක් අමාරු එහෙත් සුන්දරම වනපෙත් ඔස්සේ අපිව රැගෙන යන්න පුල පුලා බලා සිටින බව මෙහිදී අපට පසක් විය (හැමෝම යන මං පෙතේ නැතුව අසීරු නමුත් වඩාත් සුන්දර මාර්ගයේ, මතකගොන්නක් එකතු කරලා දෙන්න මේ වැඩේ නිසා පුලුවන් උනා)

ලොකු ලොකු ටාගට් නෑ තිබ්බ එකම අරමුන කොහොම හරි 05 වෙනි පීක් එකේ කොටු ගල මත කෑම්ප් කරනවා කියන එක. ගමන ගත්තම පළවෙනි මුදුන හා දෙවන මුදුන තරමක් විශාල නැග්මක් තියෙනවා.

පළවෙනි මුදුනට ලගා වූ අපි කෙමින් කෙමින් සීග්‍ර බෑවුම් ඔස්සේ දෙවන කන්‍යාවියගේ පහස ලබන්නට දෙවැන්නේ පාමුලට පැමින. නැවතත් දල නැග්මක් ඔස්සේ මීටර 200ක පමන උන්නතාංශක් ලගා කර මුදුනට ලගා විය.

දෙවැන්නෙන් තුනට සාපේක්ශව තරමක් පහසු නැග්මක්. සුප්‍රසිද්ධ සප්තකන්‍යා අනතුර සිදුවූ ස්තානය ඇත්තේද දෙවන හා තෙවනකදු මුදුන් අතරය. එම ස්තානයේ පිහිටා ඇති කුඩා බුදු පිළිමයේ ආශිර්වාදයද ලබා තුන්වන මුදුන බලා පිටත් විය.

මෙම ස්තානයේ අදටත් රාත්‍රී කාලයේ ගුවන් සේවිකාවකගේ හොල්මනක් දැකිය හැකි බව ගමේ අයගේ විශ්වාසයි. මෙතැන්සිට මාර්ග දෙකක් වෙයි. එකක් බෑවුමක් ඔස්සේ දකුනු අතට දිවෙන පාර. අනෙක සුලු නැග්මක් සහිත වම් අතට දිවෙන පාර. ඔබට තෙවෙනි මුදුනට යාමට අවශය නම් තෝරාගත යුත්තේ වම් පස මාර්ගයයි . තුන් වෙනි මුදුන පෙනි පෙනී වටෙන් යන්න ලේසි පාර දකුනින්.

කාල වේලාව ඇති වෙන්න තිබ්බ නිසා පොඩ්ඩක් තුන්වෙනි කන්‍යාවිය තුරුලේ ගිමන් හැර, නැවතත් ගමන ආරම්භ කලේ හතර පහසොයා යෑමට. තුනෙහි මදක් වෙහස නිවාගත් නිසාමද කොහෙද එක හුස්මට 04 ඇදලා දැම්මේ ගානක් වත් නැතුව. කන්ඩායම දෙකඩ වී තිබුන නිසා හතරවෙනි කන්‍යාවියගේ තුරුලේද බොහෝ වෙලාවක් ගිමන් හරින්න සිදු උනා.

නැවතත් සුපුරුදු ගමනේ 04-05ට. පහේ හන්දිය ලෙස අපේ එකෙක් නම් දාපු හංදියේ සිට. මේ වන විට තව කන්ඩායමක් අපිට මුනගැසුනා. පහේ හන්දියෙන් 05 කදු මුදුනට යන්න ලස්සනට පාරතියෙනවා. ආවා වගේම කැලේ මැදින් දීර්ඝ නැග්මකුත් නෑ.

ඒත් අපේ ගයිඩා “මල්ලි මෙහමයි. ඔය පාරේ ලේසියෙන් යන්න පුලුවන් හැබයි ආවා වගේම තමා ඔහේ කැලෑව මැද්දේ යනවා. මෙලෝ රහක් නෑ. ඒත් උබලා ආපු එකේ පොටෝ කෑල්ලක් වත් ගහගන්න ඕනේ නේ. මෙහෙන් ගියානන් ලස්සන සයිට් එකක් අහුවෙනවා සිරා මොකෝ කියන්නේ යන්ද? ටිකක් අමාරුයි ”

අපේ ඉතින් කොහොමත් ඉත්තෑවා දුවනවානේ. ඊට අමතරව ඇඩ්වෙන්චර් ගතියටත් ආසා නිසා “හරි යමන්” ඔන්න අපේ උත්තරේ. සිරාවටම කියනවානම් ඒ ගියපු පාර සිරා. පට්ටම ලස්සනයි. කියපු තරම් ලොකු අමාරුවක් තිබ්බෙත් නෑ ඒ පාරේ.

කොටු ගලට පහල පොඩි ගල් තලාවට ගොඩ වෙලා පොටෝ ටිකකුත් අරන් පස්වෙනි කන්‍යාවිය තුරුලේ ගල් තලාව මත සීතලේ වෙව්ල වෙව්ලදැල්වූ ගිනිමැලේ රස්නෙට කූඩාරම් ඇතුලේ රැය පහන් කලේ පසුදා උදේම සන් රයිස් එක බලන අදිටනින්. පසෙකින් හත්වන මුදුනට මුවා වී පසෙකින් ශ්‍රීපාදේ හැටන් නල්ලතන්නි පාරේ ලයිට් ටිකයි මලුවේ ආලෝකයට නමස් කාර කරලා, අනෙක් පසෙන් පෙනෙන ගිනිගත්හේන, මස් කෙලිය නෝටර්න් බි්‍රජ් ලයිට් ටික බල බලා නිදි දෙව් තුරුලට ගියා.

අපේ වෙලාව කියන්නේ වෙලාව. පට්ට, මීදුමක් නැති පැහැදිලි දවසක්. එක පැත්තකින් අපි පහු කරගෙන ආපු කන්‍යාවියෝ 04 අනෙක් පසෙන් රූස්සව 06-07.
ඉර උදාවත් එක්ක මස්කෙලිය නෝටර්න් පැත්ත අමුතුම ලස්සනක් නානා ප්‍රකාර විදි වලට පොටෝ ගහලා උදේ ආහාරයත් අරගෙන හිටපු තැන ටොපි කොලයක් වත් නොදා ගිනි මැලේත් නිවලා 06 වෙනි කදු මුදුනට පිටත් උනා. මේ වෙද්දි වතුර මට්ටම සෑහෙන්න අවසන්. තියෙන වතුර ටික අරපිරිමැස්මෙන් පාවිච්චි කරන අදිටනින්. ගමන පටන් ගත්තා.

ක්‍රමයෙන් 06 ට ලගා උන අපි හය මුදුනේ බෑග් තියලා හතට යන්න පටන් ගත්තා. ඒ වල බර නිදහස් නිසා සාපේක්ශව වැඩි වේගේකින් ගමන් අරඹා ඉතා අසීරුතම මාර්ගයක් ඔස්සේ සත්වැනි කන්‍යාවියගේ පහස ලබන්නට අමතක කරේත් නෑ.
නැවතත් සුපුරුදු මග ඔස්සේ 6 ට පැමින සයවැන්නෙන් ඇරඹෙන මග ඔස්සේ ගම්මානය බලා පිටත් උනා.

මධ්‍යහ්න 12ට පමන පහලට බැසීම ආරම්භ කල අපි බට පදුරු කටු කැලෑ ඔස්සේ පස්වරු 4-4.30 පමන වන විට 04 කනුවටසැපත් උනේ අතරමග හමූ උන දිය ඇල්ලෙන් ගමන් විඩාව මෙන්ම පිපාසාවද නිමාගෙනය. ගෙනිච්ච කිසිම දෙයක් ඉතුරු කරන්නේනැතුව අඩිසටහන් පමනක් ඉතුරු කරලා. කන්‍යාවියන් ගේ නොයිදුල් බව ඒ ආකාරයෙන්ම ආරක්ශා කරලා හත් දෙනාගේම පහසලබා ගමට ලගා උන අපි බැකත්‍්රපි ිැඩැබ යසකකි පුද්ගලික තේ වත්ත ඔස්සේ තවත් කිලෝමීටර්2 ක් පමන ගමන් කර අපගේ බස්රතයට ගොඩ විය.

නැවතත් ප්‍රේමේ අයියාගේ නිවසට ගොස්. පීල්ලෙන් නා පිරිසිදු වී, ප්‍රේමේ අයියාගේ මෑනියන්ගේ ඉගුරු යහමින් දැමූ ප්ලේන්ටියද බී කොළඹ රටට සැපත් වූයේ මතක ගොන්නක් එකතු කරගෙන.
සැයු: ගමන පටන් ගත්ත තැන ඉදන් ආපහු බහින තෙක් පොඩි දිය සීරාවක් හැරෙන්න වතුර නම් හම්බෙන්නේ නෑ. ඇති තරම් වතුර රැගෙන යන්න.
සජිත් අලවත්ත

SendShareShare
Previous Post

එදා සහ අද විවාහයේ හැංගුණු රහස්

Next Post

හම්බන්තොට වරාය ලෝකෙට තෙල් බෙදීම අරඹයි

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.