සිංහරාජ වනාන්තරය ආශ්‍රිතව ගස් කැපූ සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කරයි.
විශේෂ කාර්ය බළකායේ (STF) මෙහෙයුමකින් අනතුරුව සිංහරාජ වනාන්තරය ආශ්‍රිතව ගස් කැපූ එම සැකකරුවන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා වන සංරක්ෂණ නිලධාරීන් වෙත භාර දී ඇති බව ඒ මහතා කීය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙවන් පරිසර හානි කිරීම් අවම කිරීමට අවශ්‍යය වැටලීම් සහ අදාළ නීතිමය කටයුතු අඛණ්ඩව සිදු කරන බවයි.










