හමුදා සෙබලු වාහනය කරමින් තිබූ බස් රථයක කලුතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට පාදික මාරුව මතින් ගමන් කරමින් සිටි නිවුන් දරුවන් දෙදෙනකු ඇතුළු සිවුදෙනෙක් ගැටුමෙන් බරපතළ තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කළ බව කළුතර දකුණ පොලිසිය පවසයි.
තුවාල ලැබූවන් අතර කාන්තාවන් දෙදෙනෙකු පිරිමි ළමයෙකු සහ ගැහැණු ළමයෙකු වන බව දැනගන්නට ඇත.
මාතර සිට යාපනය දක්වා මුදා සෙබළුන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක ගැටීමෙන් මෙම අනතුර වී ඇති බව ද පොලිසිය කියයි.
එක් අයකුගේ තත්ත්වය බරපතළ බව ද රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.
තුවාල ලැබූවන් කළුතර අවට පදිංචිකරුවන් ය.
බස් රථය පැදවු රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
කළුතර දකුණ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනෙත් ශාන්ත මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.










