• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෝඨා ‘ගම සමග පිළිසඳර’ පළමු වරට දකුණට අරන් එයි

March 13, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
ගෝඨා ‘ගම සමග පිළිසඳර’ පළමු වරට දකුණට අරන් එයි
Share on WhatsAppShare on Facebook

දකුණු පළාතේ “ප්‍රථම ගම සමග පිළිසඳර” වැඩසටහන ගාල්ල දිස්ත්‍රික්කයේ හික්කඩුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ දී අද (13) පැවැත් වේ. මෙය වැඩසටහන් මාලාවේ 14 වැන්නයි.

උදේ 10.00ට ඇරඹෙන ගැමි හමුව සඳහා ගලගොඩ, නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමේ ජනපද කණිටු විදුහල තෝරාගෙන තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග දිස්ත්‍රික්කයේ මැති ඇමතිවරු ප්‍රමුඛ මහජන නියෝජිතයෝ, අමාත්‍යාංශ ලේකම්වරු, විවිධ ආයතන ප්‍රධානීහූ සහ නිලධාරීහූ ඊට සහභාගී වෙති.

ජනාධිපතිතුමා “සෞභාග්‍යයේ දැක්ම” සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ඵලදායී, පුරවැසියෙක්, සතුටින් ජීවත්වන පවුලක්, ගුණගරුක, විනයගරුක, සාධාරණ සමාජයක් සහ සෞභාග්‍යමත් දේශයක් යන චතුර්විධ අරමුණු ජය ගැනීමේ ප්‍රතිඥාව ජනතාව හමුවේ තැබීය.

මේ පුළුල් පරමාර්ථය සපුරා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් 70%ක් පමණ වන ග්‍රාමීය ජනතාව මුහුණ දෙන ගැටළු නිවැරදිව හඳුනාගෙන කඩිනමින් ආමන්ත්‍රණය කළයුතු බව ජනාධිපතිතුමා විශ්වාස කරයි. ගැමි ජනතාව විවිධ වූ ආර්ථික, සමාජ ගැටළු සමුදායකින් දිගුකලක සිට පීඩා විඳිති. නිලධාරීන් කැටුව තමාම ගමට ගොස් ජනතා ගැටළු සියැසින් දැක ජනතාවට සවන් දී කඩිනමින් විසඳුම් දීමෙන් ග්‍රාමීය අංශයේ අභිවෘද්ධිය සැලසීම “ගම සමග පිළිසඳර” වැඩසටහනේ අවසන් ඉලක්කය වී තිබේ.

“ගම සමග පිළිසඳරේදී” හඳුනා ගන්නා ගැටළු ගැමියන්ගේම අදහස් සහ යෝජනා පාදක කර ගනිමින් රාජ්‍ය නිලධාරින්ගේ සහය ඇතිව බොහෝ විට එසැණින් විසඳනු ලැබේ. විසඳීමට කල්ගත වන ගැටළු පසුව ආමන්ත්‍රණය කරනු පිණිස සටහන් කර ගැනේ.  ප්‍රශ්නයක සියලු පැති විවිධ පාර්ශ්වයන්ගේ කෝණයෙන් බලා නිවැරදිව තේරුම් ගැනීමෙන් විසඳීම පහසු බවත්, කඩිනම් කළ හැකි බවත් ජනාධිපතිතුමා කියා සිටී.

“ගම සමග පිළිසඳර” වැඩසටහන 2020 සැප්තැම්බර් 25 දින බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් වෙලංවිට ගම්මානයෙන් ආරම්භ විය. ඉන් පසු මාතලේ, රත්නපුර, අනුරාධපුර, අම්පාර, පොළොන්නරුව, කළුතර, මොණරාගල, කෑගල්ල, මහනුවර, පුත්තලම, ත්‍රිකුණාමලය සහ කුරුණෑගල දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි වැඩසටහන් සංවිධාන කෙරිණ.

හෙට “ගම සමග පිළිසඳර” සඳහා තෝරාගෙන ඇති හික්කඩුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට සහ රත්ගම  ප්‍රාදේශීය සභාවට අයත් ගලබොඩ, නැගෙනහිර ග්‍රාම සේවා වසම අම්බලන්ගොඩ නගරයේ සිට කි.මි 7ක් දුරින් පිහිටා තිබේ. වසමේ විශාලත්වය අක්කර 444කි. පවුල් 1072කට අයත් 3711ක ජනගහණයක් එහි වෙසෙති.

ධීවර කර්මාන්තය, කෘෂිකර්මය, කුරුඳු සහ කොහු ලණු කර්මාන්ත ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ග වේ. ගලබොඩ සහ අවට ගම්මානවල ජනයා මුහුණපා සිටින පොදු ප්‍රශ්න දැනටමත් හඳුනාගෙන තිබේ.

සුනාමි ව්‍යසනයෙන් පසු නැවත පදිංචිවූවන්ගේ ඉඩම් ගැටළු, මත්ද්‍රව්‍ය සහ වෙනත් නීති විරෝධී ජාවාරම්, පාරම්පරික කළුගල් කර්මාන්තයට පවතින බාධක, පානීය ජල හිඟය, ධීවර වරාය සහ මෝය ආශ්‍රිත ගැටළු, සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍රයේ කාර්ය මණ්ඩල සහ යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවීම ඒ අතර ප්‍රධාන තැනක් ගනී.

SendShareShare
Previous Post

ඉන්දියාවේ ගින්න ප්‍රශ්නයක් නෑ: දෙවන වටයට අපට ඕන තරම් එන්නත් තියෙනවා

Next Post

විනුගේ Birthday ලැබුණු කෝටියක් වටින සුපිරි තෑග්ග

MORE NEWS

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

Load More
කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

චීන ජාතිකයෙකුගෙන් රුපියල් කෝටි 2ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතාගේ පුත් අනුද...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.