• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

2024 කඩාවැටෙන විපක්ෂයේ හීන (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

March 13, 2021
in Exclusive, Uncategorized
Reading Time: 4 mins read
A A
2024 කඩාවැටෙන විපක්ෂයේ හීන (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)
Share on WhatsAppShare on Facebook

විපක්ෂය මේ දවස්වල ඉන්නේ එක එක තාලයේ ලස්සන හීන දකිමින්ය. එහෙම දකින ලස්සන එක හීනයක් වන්නේ ගෝඨාභය 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ නෑ කියන එකය. ඒ නිසා 2024 ජනාධිපතිවරණයට පොහොට්ටුවට අපේක්ෂකයකු සොයා ගන්නට බැරි ලොකු අර්බුදයක සිටින බවට විපක්ෂය හීන දකිමින් සිටී.

විපක්ෂය දකින දෙවැනි හීනය වන්නේ විමල් ඇතුළු කණ්ඩායම ආණ්ඩුවෙන් කැඩී වෙනම කණ්ඩායමක් ලෙස විපක්ෂයේ වාඩිවෙතැයි කියාය. ඒ හරහා විමල් පමණක් නොව ශ්‍රීලනිපය ඇතුළු සන්ධානයේ සුළු පක්ෂද ආණ්ඩුවෙන් ඉවත්ව යනු ඇති බවට විපක්ෂය සිහින දකිමින් සිටී. එසේ වෙනම පැමිණ 2024 ජනාධිපතිවරණයට විමල් ඇතුළු සන්ධානය විපක්ෂයේ අපේක්ෂකයාට සහාය දක්වනු ඇති බවද විපක්ෂය මේ දකින හීනවලින් පෙනෙනවා වන්නට පුළුවන.

විපක්ෂය දකින තුන්වන හීනය වන්නේ ආර්ථිකය නන්නත්තාර වී මිනිස්සු කන්න බොන්න නැතිව පාරේ හිඟාකනවා වගේ එකකි. 2024 වන විට ලංකාව ඉතියෝපියාව තත්ත්වයට වැටී පාන් කියාගන්න බැරි තැනට පත්වනු ඇති බව විපක්ෂයට මේ හීනෙන් පෙනනවා ඇත.

විපක්ෂය මෙහෙම 2024 ගැන දවල් හීන මවද්දී විපක්ෂයට අමතකව ඇති එක දෙයක් තිබේ. ඒ මීටත් වඩා අමරු සහ අසීරු ආර්ථික, දේශපාලන අර්බුදවලට මේ රට මුහුණ දීලා තියෙනවා කියන එකය.

ඒකට හොඳම උදාහරණය 2001ය. 2001 වන විට ලංකාවේ ආර්ථිකය තිබ්බේ ඍණ තත්ත්වයේය. එල්.ටී.ටී.ඊ.ය උඩින් ඇවිත් කළ පහරදීම් හේතුකොටගෙන කටුනායක ගුවන් තොටුපොළ තිබුණේ වසා දමලාය. කිසිම සංචාරකයෙක් ලංකාව පැත්ත පළාතේ පස් පෑගුවේ නැත. වරායට ප්‍රහාර එල්ල කර තිබූ නිසා විදෙස් රටවල් කොළඹ වරායට තමන්ගේ වෙළෙඳ නෞකා එවන්න බිය විය. විදෙස් රක්ෂණ සමාගම්ද ලංකාවට එන නැව්වලට පවා රක්ෂණ අධිභාරයක් පැනවීමට පියවර ගත්තේය. මේ නිසා විදෙස් නෞකා ලංකාව පැත්ත පළාතක පැමිණියේ නැත.

මේ නිසා හැමෝම හිතුවේ ලංකාවට ආයෙමත් කන්න නැතුව 70-77 වගේ පෝලිම් යුගයක් පැමිණෙතැයි කියාය. මිනිස්සු හිස් මළු අතේ තියාගෙන පාන්දර දෙකේ තුනේ ඉඳන් කඩවල් ඉදිරිපිට ඇනතියන් ඉඳීවි යැයි කියාය. කන්න නැතුව ලංකාවෙ මිනිස්සු පාරට බැස කැරලි ගසන තත්ත්වයට එයි කියාය.

හැබැයි එහෙම වුණේ නැත. ඒ වෙලාවෙ ලංකාවේ පිහිටට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත්, ලෝක බැංකුවත් ආවේය. එම ආයතන දෙක ලංකාවේ ආර්ථිකය ගොඩනැගීමට අවශ්‍ය මාර්ගෝපදේශ ලබාදුන්නේය. මුදල් ලබාදුන්නේය. ඒකෙන් ලංකාව වැටෙන්න ගිය අමාරුවෙන් ගොඩ ආවේය.

මේ විදිහටම 1998දීත් ලංකාවට බරපතළ ආර්ථික අර්බුදයකට මුහුණදීමට සිදුවිය. ඒ මුළු ලෝකෙටම බලපෑ භයානක ආර්ථික අවපාතය මුල්කරගනය. ඒ ලෝක ආර්ථිකයේ බලපෑමෙන් මිදීමට ලංකාවට නොහැකි විය. ඒ වෙලාවේත් බලයේ හිටියේ මහින්දලාගේ ආණ්ඩුවක්ය. හරියට දෙකොන පත්තුවෙන විලක්කුවක් වගේ එක පැත්තකින් ලෝක ආර්ථික අර්බුදය එද්දී අනෙක් පැත්තෙන් කොටින් එක්ක යුද්ධ කරන්නටත් ආණ්ඩුවට සිදුවිය.

ඒ කාලෙත් අද වගේම රටවල්වල ආර්ථිකය ගැන පුරෝකථන දෙන ජාත්‍යන්තර ආයතන වන මූඩීස්, ෆිච් රේටින්, ස්ටෑන්ඩඩ් ඇන්ඩ් පුවර් වගේ ආයතන අනාවැකි පළකළේ ලංකාවේ ආර්ථිකය බලාගෙන ඉද්දී බිමට කඩන් වැටෙනවා යැයි කියාය. අද වගේම එදත් විපක්ෂය මේ ජාත්‍යන්තර ආයතනවලින් දුන් වට්ටෝරු ඒ විදිහටම ගිල ආණ්ඩුව අද වැටෙනවා, හෙට වැටෙනවා යැයි කියමින් පම්පෝරි ගැසූහ. හැබැයි ඒ ආයතන කියපු කිසි දෙයක් මේ මහපොළොවේ සිදුවූයේ නැත. ඒ අමාරු තැන් හොඳින් කළමනාකරණය කරගෙන ආණ්ඩුව ඉස්සරහට අරගෙන යන්නට එදා මහින්දලාට හැකි විය.

එදා වගේම අදත් සිද්ධ වෙන්න යන්නේ ඒකය.

ඒ නිසා 2021 අන්තිම වෙද්දී රටේ ආර්ථිකය බින්දුවටම වැටෙයි කියල හීන දකින විපක්ෂයට, 2024 වෙද්දී පාන් කියාගන්න බැරි තැනට රට වැටෙනු ඇති බවට හීන දකින විපක්ෂයට ඒ හීන කවදාවත් හැබෑ වෙනවා දකින්න ලැබෙන්නේ නැත. මොකද ඊට බලපාන ප්‍රධාන හේතු දෙකක් මේ වන විටත් ගොඩනැඟී අවසානය.

පළමු හේතුව වන්නේ 2025 වෙනකොට වැඩකටයුතු අවසන් වීමට නියමිත කොළඹ වරාය නගර ව්‍යාපෘතියය. එදා මෙදාතුර ඉතිහාසයේ දැවැන්තම ආයෝජන ව්‍යාපෘතිය ලෙස සැලකෙන්නේ මෙම වරාය නගර ව්‍යාපෘතියය. ඒ හරහා ලංකාවේ ඩොලර් බිලියන ගණනින් ආයෝජන සිදුවීමට නියමිතය. රැකියා ලක්ෂ ගණන් නිර්මාණය වීමට නියමිතය. මේ රටේ ආර්ථිකයේ විශාලතම පිම්ම පැනීමට නියමිතව තිබෙන්නේ මෙම වරාය නගරයේ වැඩ අවසන් වීමත් සමඟය. ඒ විදිහට බලද්දී මේ රටේ ජනතාවට වරාය නගරයේ විශ්මකර්මය ඇස්වලින් දැකබලා ගැනීමට ලැබෙන්නේ 2024 ජනාධිපතිවරණය කටමුල තියාය.

අනෙක් අතට විපක්ෂය සිතාගෙන සිටින්නේ කොරෝනා අර්බුදය හේතුකොටගෙන රටේ ආර්ථිකය නන්නන්තාර වේ යැයි කියාය. නමුත් ජාත්‍යන්තර විශේෂඥයන් දැනටමත් අනාවැකි පළකොට ඇත්තේ තව අවුරුද්දක් පමණ යද්දී කොරෝනා අර්බුදය ලෝකයෙන් සදහටම තුරන් වනු ඇතැයි කියාය. ඒ අනුව 2024 ජනාධිපතිවරණයට දින ළං වීමට කලින් ගුවන් සේවා යළිත් ආරම්භ වී සංචාරක කර්මාන්තය පරණ තිබූ තත්ත්වයටම පත්වනවා නිසැකය. ඒ කියන්නේ 2024 වෙද්දී ලංකාවත්, ලෝකයත් පරණ තිබ්බ තැනටම පත්වෙනවා කියන ඒකය.

එතකොට ජනාධිපතිවරණය පවත්වද්දී වරාය නගරය වැඩ අවසන් වී කොරෝනාත් නිමාවී ලංකාව ආර්ථික, දේශපාලන වශයෙන් දැවැන්ත පිම්මක් පැන අවසන්ය.

අනෙක් අතට කවුරු කොහොම කිව්වත් පසුගිය ජනාධිපතිවරණවලදී වුණා වගේම 2024 ජනාධිපතිවරණයේදීත් අපේක්ෂකයා කවුරුන්ද යන්න කියා තීරණය කරන්නේ වෙන කවුරුත් නොව රාජපක්ෂ පවුලය. රාජපක්ෂවරු පරදින්න බලාගෙන අපේක්ෂකයෝ සටනට දාන පවුලක් නොවේ. ඒ නිසා 2024 වෙද්දී විශාල ආර්ථික පිම්මක් පැන රාජපක්ෂවරුන් ජනාධිපතිවරණයේ අපේක්ෂකයා නම් කරද්දී විපක්ෂයට වෙන්නේ තව අවුරුදු පහක් විපක්ෂයේම ඉන්න හිත හදාගෙන තරගයට එන්නටය.

විමලසිරි ජයලත්

SendShareShare
Previous Post

මහින්ද-බැසිල්ගේ බලපෑම ගැන-රාජපක්ෂ පවුල ගැන ගෝඨා පළමුවරට ප්‍රසිද්ධියේ කතා කරයි (VIDEO)

Next Post

රන්ජන් හිරගෙදර ඇතුළෙ කෑම වර්ජනයක

MORE NEWS

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රැඳවුම්...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.