• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

ඉම්රාන් බිත්තියටම හේත්තු වෙයි

March 12, 2021
in News, Politics
Reading Time: 3 mins read
A A
ඉම්රාන් බිත්තියටම හේත්තු වෙයි
Share on WhatsAppShare on Facebook

“පකිස්තානය දූෂණ සහ වංචාවට “කප් ගැසූ රටක් බව” අවදියෙන් සිටින ලෝකවාසීහු දනිති. දූෂණය වසංගතයක් මෙන් ව්‍යාප්ත වූවක් බව දන්නෝ දනිති. තමා එකින් එක ලබන කීර්ති ප්‍රශංසාව සංකේතවත් කිරීමට ඇතැම් නායකයින් සිය ශීර්ෂ පලඳනාවට එක එක පිහාටුව බැගින් එක් කැර ගැනීමද පිළිවෙතකි. ඒ අනුව පාකිස්තානය විසින් අලුතින්ම එකතු කර ගනු ලබන “පිහාටුව” අගමැති නවාස් ෂරීෆ් සහ ආඥාදායක ජෙනරාල් පර්වේස් මුසාරෆ්ගේ කාලයේ කෙරුණු අගති බව ද නිවුස් ඉන්ටර්නැෂනල් වාර්තා කරයි.

මුසාරෆ්ගේ කාලයේ විදේශවල සැඟවූ පාකිස්ථාන ජාතික ධනය කෙතෙක් දැයි යන්න සෙවීමට එරට ජාතික වගවීමේ කාර්යාංශය බ්‍රෝඩ්ෂීට් සමාගමට පවරනු ලැබිණි. අනාවරණය කර ගනු ලබන වත්කම්වලින් සියයට විස්සක් (20%) සමාගමට අයත්විය යුතු බවට කොන්දේසියක් වූ බව එම සමාගම කියයි. ඒ කර්ය සාධනය වෙනුවෙන් පාකිස්තානු ජාතික ගිණුම්දීමේ කාර්යාංශය සහ බ්‍රෝඩ්ෂීට් සමාගම අතර ගිවිසුමක්ද අත්සන් කර ඇතත් පසුව දෙදහස් තුනේදී (2003) කාර්ය අත්හැර දමා තිබේ. දූෂණ සෙවීම වෙනුවට කෙරී ඇත්තේ දූෂකයන්ට ගණන් දීමේ වගකීමෙන් මිදී වසංවී සිටින්නට එමගින් ඉඩ ප්‍රස්තා සලසාදීම මෙන්ම බෙනාසීර් භූතෝට සහ ඇගේ වල්ලභයා වූ ආඥාදායකත්වයට එරෙහි අසිෆ් අලි සර්දාරි දෙදෙනා ආණ්ඩු මට්ටු කිරීමට“අතේ රෝල්” සකස් කිරීම බව අනාවරණය වී තිබේ.

මියගිය අයගෙන් පවා පළිගැණුනු පළමු පියවර අගමැති නවාස් ෂරීෆ්ගේ අගමැති ධුර කාල දෙක තුළ ඔහුගේ (අගමැතිගේ) “චක් ගෝලයකු වූ” ජාතික ගිණුම් දීමේ කාර්යාංශ ප්‍රධානියාවූ යසිෆර් රෙහමාන් විසින් අරම්භ කරන ලද්දකි. ඒ යටි කූට්ටු වැඩ නිසා බෙනාසීර් භූතෝගේ සැමියා වූ අසිෆ් අලි සර්දාරිට එකොළොස් වසරක් කිසිදු අධිකරණයකින් චෝදනාවක් පවා නොමැතිව නිකරුණේ “හිරේ විලංගුවේ” තපින්නට සිදු වූවේය. බොරු චෝදනා මත පැවරුණු නඩුවලින් ගැලවෙන්නට බෙනාසීර් භූතෝට ඒ කාලය තුළ අධිකරණයක් අධිකරණයක් ගානේ යන්නට සිදු විය. කිසිදු වංචාවක් කළ බවට කවර අන්දමකින් හෝ තහවුරු කළ නොහැකි බවට තීන්දුවක් අන්තිමේ දී අධිකරණයෙන් ඇයට ලැබුණු බව “ද නිවුස් ඉන්ටර්නැෂනල්” පුවත් පතේ සඳහන් කර තිබේ.

වරදක් කර ඇති බවට තීන්දුවක් ලැබී ඇත්තේ “කොටෙක්නා” නමැති නඩුවකින් පමණි. එය විභාග කෙරුණේ “වගවීම පිළිබඳ අධිකරණයෙනි” නඩුව අසාධාරණ එකක් බවට විශාල මහජන විරෝධයක් නැගිණි. විනිසුරුවරයා අන්තගාමිව ක්‍රියා කළ බවට දැඩි විවේචනද ආවේය.

පළිගැනීමේ දෙවැනි පියවර මුසාරෆ්ගේ ධුර කාලයේ ජාතික ගිණුම්දීමේ කාර්යාංශ ප්‍රධානියා වශයෙන් ජෙනරාල් අම්ජාද් පත් කර ගත් පසුවය. ජාතික වගවීමේ කාර්යාංශයේ හිටපු ප්‍රධානියා ඒ අවස්ථාවේ පැවසුවේ පාකිස්තානයෙන් කොල්ල කා විදේශ ගත කළ වත්කම් යළි පකිස්තානයට ගෙන ඒම වෙනුවෙන් බ්‍රෝඩ්ෂීට් සමාගම කිසිවක් නොකළ බවය.

ජෙනරාල් අම්ජාද් පවසන පරිදි පකිස්තාන වත්කම් විදේශයේ ඇතිබව සනාථ කිරීම සඳහා පවා බ්‍රෝඩ්ෂීට් ආයතතනය කිසිම සාධකයක් ලිඛිත සාක්‍ෂියක් ඉදිරිපත් කළේ නැත. විදේශවල සැඟවූ පාකිස්ථාන ජාතික ධනය පිළිබඳව පරීක්‍ෂණය බ්‍රෝඩ්ෂීට් සමාගමට පැවරීම සම්බන්ධ කොන්ත්‍රාත් ගිවිසුම ජාතික ගිණුම්දීමේ කාර්යාංශය වෙනුවෙන් අත්සන් කළේද ජෙනරාල් අම්ජාද් බව සඳහන් කළ යුතුය. ඒ ගිවිසුම සම්බන්ධයෙන් ඔහු පැවසුවේ එම ගිවිසුම ඊට අදාළ අමාත්‍යාංශවල අනුමැතියකින් තොරව අත්සන් කළ බවය.

පාකිස්තානු මුස්ලිම් සමගි සන්ධානයේ උප සභාපති මාර්යන් නවාස් පසුගියදා පැවසුවේ ඇන්ඩෲ බ්‍රෝඩ්ෂීට් පරීක්‍ෂණ සිද්ධිය පකිස්තානු රජයට සහ වංචනික ක්‍රියා සම්බන්ධයෙන් නිරන්තර වෙස් මුහුණු බැඳ නටන ඉම්රාන් ඛාන්ගේ කන හරහා හොඳවැයින් දුන් කම්මුල් පහරක් බවයි.

ඔහු එසේ කී පුවත ගැන හොඳ ප්‍රසිද්ධියක්ද නිවුස් ඉන්ටර්නැෂනල් පත්‍රයෙන්ද දී තිබිණි.

අගමැති නවාස් ෂරීෆ්ට සහ අසිෆ් අලි සර්දාරි යන දෙදෙනාට එරෙහිව ඇන්ඩෲ බ්‍රෝඩ්ෂීට් බළල් අතක් සේ යොදා ගැනීමට මුශාරෆ්ගේ පාලනය අදහස් කළ සැලැස්ම අසාර්ථක විය. පාකිස්තානු මුස්ලිම් සමගි සන්ධානයේ නායක ෂාබාස් ශරීෆ් මෙන්ම හම්සා ෂාබාස් යන දෙනො තමන්ගේ එදිරිවාදීන් බවට මතයක් අගමැති ඉම්රාන් ඛාන්ගේ හිතේ පැසවමින් තියෙන බව පාකිස්තානු මුස්ලිම් සමගි සන්ධානයේ උප සභාපති මාර්යන් නවාස්ගේ අදහසය.

ඒ නිසා ෂාබාස් ශරීෆ් සහ හම්සා ෂාබාස් දෙදෙනා දේශපාලනික වශයෙන් නැති භංගස්ථාන කිරීමට අගමැති ඉම්රාන් ඛාන් ක්‍රියාකරන බව හම්සා ෂාබාස් කියයි. තමාගේ ධූරයට අභියෝගයක් වූ ෂාබාස් ශරීෆ් අගමැතිවරයා විසින් සිරගත කරවන ලද බව කියයි. ෂාබාස් ශරීෆ් සහ හම්සා ෂාබාස් හිරෙන් මිදී පැමිණි වහාම පවත්නා පාලනය උඩු යටිකුරු කරන බවද නිවුස් ඉන්ටර්නැෂනල් පුවත්පත පසුගියදා සඳහන් කෙළේය.

කොල්ල කා විදේශයේ සඟවා ඇතැයි කියන බිලියන ගණනාවක් වටිනා පාකිස්තානු වත්කම් සෙවීමේ බ්‍රෝඩ්ෂීට් සමාගමේ අසාර්ථක ව්‍යාපෘතියද මේ වන විට මහ වණයක් (තුවාලයක්) ඔඩු දුවමින් තිබේ. ඒ හේතුවෙන් රජයත් අගමැති ඉම්රාන් ඛානුත් දැඩි විවේචනයට පාත්‍රව ඇත.

හිටපු මහාධිකරණ විනිසුරු අස්මත් සයීඩ්ගේ ප්‍රධානත්වයෙන් අධිකරණ කොමිසමක් ස්ථාපනය කර එමගින් පිහිටුවනු ලැබෙන මණ්ඩලයක් ලවා රජයේ ඉහළපෙළේ ප්‍රභූන් විසින් කරන ලද දූෂණ සහ මූල්‍ය වංචා පිළිබඳව පරීක්‍ෂණ පවත්වන ලෙසට බලකරමින් රටේ ප්‍රධාන පක්‍ෂ විසින් අගමැති ඉම්රාන් ඛාන් බිත්තියටම හේත්තු කරනු ලැබ ඇත. හිටපු මහාධිකරණ විනිසුරු අස්මත් සයීඩ් එවන් අධිකරණ කොමිසමකට පත් කර ගැනීමද බ්‍රෝඩ්ෂීට් ක්‍රමයම වැනි වංචා වසං කරගැනීමේ තවත් උපක්‍රමයක්ද බවද මතයකි. හිටපු විනිසුරු අස්මත් සයීඩ් එසේ පත් කිරීම විවාදාත්මක බව පාකිස්තානු මුස්ලිම් සමගි සන්ධානය කියයි.

පාකිස්තානු වත්කම් කොල්ලය පරීක්‍ෂා කිරීම සඳහා පාකිස්තානු ජාතික වගවීමේ කාර්යාංශය බ්‍රෝඩ්ෂීට් සමාගම සමග කොන්ත්‍රාත් පැවරීමේ ගිවිසුම අත්සන් කරන සමයේ විනිසුරු අස්මත් සයීඩ් කටයුතු කර ඇත්තේ වගවීමේ කාර්යාංශ පාර්ශ්වය වෙනුවෙන් හෙයින් ඔහුගේ පත් කිරීම එසේ විවාදාතත්මක වන බව මුස්ලිම් සන්ධානය කියයි.

පරිවර්තනය චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

ජාතික රෝහලේ හෙදියක් අභිරහස් ලෙස මරුට: අනියම් සබධතාවක ප්‍රතිපලයක්!

Next Post

පාස්කු ප්‍රහාරයේ රහස් වාර්තා සියල්ල නීතිපතිට බාර දෙයි

MORE NEWS

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

Load More
අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරන ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය (JSA) විනිසුරුවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස දීර්ඝ කිරීම...

Read more
රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.