විවිධ දුෂ්කරතා හේතුවෙන් මව්බිමට යෑමට නොහැකිව ඩුබායිහි අවතැන්ව සිටින ලාංකිකයින් පිරිසක් මුණගැසී ඇති ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඔවුන්ට ලංකාවට පැමිණිමට අවශ්‍ය පහසුකම් සපයා දීමට පියවර ගෙන ඇත.
මෙම අවස්ථාවට අමාත්‍ය ප්‍රසන්න රණතුංග හා රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක දීනුෂාන් යන අමාත්‍යවරුන්ද එක්ව තිබේ.
මේ සම්බන්ධයෙන් ඩුබායිහි අවතැන්ව සිටි ජනතාව නාමල් රාජපක්ෂ මහතාට විශේෂ ස්තූතියක් පිරිනමන ආකාරයද දැකගත හැකි විය.










