අද උදෑසන 5.45 ට පමණ වැල්ලවත්ත, මැරීන් ඩ්‍රයිව්, රාජසිංහ මාවත අසළදී මෝටර් රථයකින් පුද්ගලයින් සිව් දෙනෙකු යට කර ගොස් ඇති අතර ඉන් එක් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.
සිද්ධියට සම්බන්ධ මෝටර් රථය සහ එහි සිටි පුද්ගලයින් දෙදෙනා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර අතර අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් දෙදෙනා අධික ලෙස බිමත්ව සිට ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
මෝටර් රථයේ ගමන් කළ දෙදෙනා පළමුව යතුරුපැදිකරුවෙකු යට කරගෙන ඉදිරියට ගමන් කර ඇති අතර ඉන් අනතුරුව තවත් තිදෙනෙකු යට කරගෙන ගොස් තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
ඔවුන් කොළඹ පිහිටි සමාජ ශාලාවකින් මත්පැන් පානය කර යළි පැමිණෙන අවස්ථාවේ මෙම අනතුර සිදුව තිබේ.
සිද්ධියෙන් මියගිය පුද්ගලයා දේහය මේ වනවිට කළුබෝවිල රෝහලේ තැන්පත් කර තිබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.










