තරුණියකගේ ගෙල කපා බෑගයක අසුරා කොළඹ වැල්ලවීදියේ දමා යාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී සිය දිවි නසාගත් උප පොලිස් පරික්ෂකවරයාගේ අවමගුලේදී පොලිසිය කිසිදු ගෞරවයක් නොලැබෙන බවත්, උප පොලිස් පරීක්ෂකවරයාගේ දේහයට ඔහුගේ නිල ඇඳුම ඇන්දවීම ද සිදු නොකරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
යම් පොලිස් නිලධාරියෙක් කිසියම් සිද්ධියක සැකකරුවෙක් බවට පත්ව සිටිය දී මියගිය පසු හෝ සිය දිවිනසා ගැනීමක් සිදුකරගතහොත් එවැනි නිලධාරියකුට පොලිස් ගෞරවාචාර දැක්වීමක් හෝ ඔහුගේ නිලයට හිමි නිල ඇඳුම ඇන්දවීමක් හෝ සිදු නොකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
තරුණියක ඝාතනය කර සිය දිවිනසාගත් මෙම උප පොලිස් පරික්ෂකවරයාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට කිසිදු පොලිස් නිලධාරියකුව සහභාගි නොකරන බව මොණරාගල ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් කළ විමසීමක දී කීය.
තරුණිය ඝාතනය කර සිය දිවිනසාගත් බඩල්කුඹුර වේරගොඩ පහේ කණුව ප්‍රදේශයේ පදිංචිව සිටි උප පොලිස් පරීක්ෂක ඒ.එච්. ප්‍රේමසිරි (52) නමැත්තාගේ සිරුර මේ වන විට මොණරාගල රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත. ප්‍රේමසිරි නමැත්තාගේ සිරුර පීසීආර්. පරික්ෂණයකට පෙරේදා ලක්කර ඇති අතර එම වාර්තාව ලැබෙන තෙක් සිරුර මෘත ශරීරාගාරයේ තබා තිබේ.










