පරිසර විනාශය දිනෙන් දින ඉහළ යමින් පවතින බවත්, අද වනවිට ආණ්ඩුවේ මැදිහත්වීමෙන්ම දැවැන්ත පරිසර විනාශයක් සිදුවන බවත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.
සමන්ත විද්‍යාරත්න මහතා මේ බව සඳහන් කළේ දැරණියගල ප්‍රදේශයේ පැවති ‘ඩෝසරයට එරෙහිව’ සම්මන්ත්‍රණය අමතමිනි.
ඒ නිසා, පරිසර විනාශයට වැට බැඳීමට, පරිසරය විනාශ කරන්නන්ට එරෙහිව අවශ්‍ය පියවර ගැනීමට සිටින ආණ්ඩුවෙන්ම පරිසරය ආරක්ෂා කර ගැනීමට ජනතාවට අද සිදුව ඇති බවද ඔහු පවසයි.
පරිසරය විනාශ කරන ආණ්ඩුවේ ඩෝසර් ටික අරලියගහ මන්දිරයේ සහ ජනාධිපති මන්දිරයේ ගාල්කර තබා ගන්නැයි ආණ්ඩුවේ නායකයන්ගෙන් ඉල්ලා සිටින බවත්, එසේ නොමැතිව තවදුරටත් පරිසරය ඩෝසර් කිරීමට කටයුතු කරන්නේ නම් ජනතාව සමග එක්ව ආණ්ඩුව ඩෝසර් කිරීම සඳහා ජනතාව විමුක්ති පෙරමුණ මූලිකත්වය ගන්නා බවත් සමන්ත විද්‍යාරත්න මහතා සදහන් කළේය.
සොබාදහම ආරක්ෂා කිරීම වෙනුවෙන් පරිසරවේදීන් සමග එක්ව ජනතා මතයක් නිර්මාණය කිරීමටත්, ඒ සඳහා පුළුල් පෙරමුණක් සැදීමටත් තම පක්ෂය කටයුතු කරන බවද විද්‍යාරත්න මහතා පැවසීය.










