දකුණු පළාතේ ප්‍රධාන බන්ධනාගාරයක උසස්ම නිලධාරියකුගේ බිරිය විසින් සැමියාගේ පෙම්වතිය යැයි සැලකෙන තවත් බන්ධනාගාර නිලධාරීනියකට ගාලු නගරය මධ්‍යයේ පහර දී ඇති බව දැනගන්නට ඇත.
පහර කෑ නිලධාරිනිය මේ වනවිට රෝහල්ගත කොට ඇති අතර ඒ සම්බන්ධයෙන් පොලිසියේ පැමිණිල්ලක්ද කර ඇති බව දැනගන්නට තිබේ.
මෙම සම්බන්ධය මුල්කරගෙන අදාළ නිලධාරිනිය බන්ධනාගාරය තුළ ප්‍රබල චරිතයක් ලෙස කටයුතු කරන බවත්, ඉහළ නිලධාරීන් ගණන් නොගෙන කටයුතු කරන බවත් වාර්තා වී ඇත.
මෙම නිලධාරිනිය හා බන්ධනාගාර උසස් නිලධාරිය අතර ඇති සම්බන්ධය පිළිබදව නිලධාරීන් කොතෙක් පැමිණිලි කොට තිබුණද කිසිදු විනය ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවද දැනගන්නට තිබේ.










