කැලණිය සහ වනවාසල අතර තෙලගපාත ප්‍රදේශයේ පිහිටි දුම්රිය හරස් මාර්ගය අසලදී මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ සෙංකඩගල මැණිකේ ශීඝ්‍රගාමි දුම්රියේ යුද හමුදා බස් රථයක් ගැටීමෙන් අද උදෑසන අනතුරක් වී ඇත.
හේකිත්ත ප්‍රදේශයේ සිට පනාගොඩ යුද හමුදා පාලන කඳවුර වෙත මෙම යුද හමුදා බස් රථය ධාවනය වෙමින් තිබී ඇති අතර එම අවස්ථාවේදී එහි හමුදා සාමාජිකයින් සිව්දෙනෙකු ගමන් කරමින් සිට ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න ප්‍රකාශ කළේය.
අනතුරෙන් යුද හමුදා සාමාජිකයින් කිසිවෙකුට තුවාල සිදුවී නොමැති අතර බස් රථයට හානි සිදුවී ඇත.










