• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුවේ පළමු පරාජයද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

February 27, 2021
in Exclusive, Gurudawa, Uncategorized
Reading Time: 4 mins read
A A
ආණ්ඩුවේ පළමු පරාජයද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

2012 අග එවකට අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහිව මහින්දගේ ආණ්ඩුව දෝෂාභියෝගයක් ගෙන එන විට රටේ විපක්‍ෂයක් තිබුණේ නැත. එවකට විපක්‍ෂ නායක රනිල් ශිරාණිට එරෙහි දෝෂාභියෝගයට විරුද්ධ නොවිය යුතු යැයි එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රසිද්ධියේම කීවේය. ඔහු එසේ කියා විදේශගත විය.

එහෙත් එවකට එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස සහ කරු ජයසූරිය ශිරාණිට එරෙහි දෝෂාභියෝගයට එරෙහිව කතා කළහ. රනිල්ගේ නියෝග නොතකා ඔවුන් සහ රැඩිකල් එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රිවරු ශිරාණිගේ දෝෂාභියෝගයට එරෙහි නඩුව අහන වේලාවේ ඇයට සහායට උසාවි ගියහ. උසාවි නියෝග නොතකා ශිරාණිට එරෙහි දෝෂාභියෝගය පාර්ලිමේන්තුවට ගෙන ආ වේලාවේද විපක්‍ෂ නායක රනිල් දෝෂාභියෝගයට පක්‍ෂව කතා කරමින් පාර්ලිමේන්තුවට නියෝග දෙන්න උසාවියට අයිතියක් නැතැයි කීවේ විපක්‍ෂයම ලැජ්ජාවට පත්කරවමිනි.

මේ වේලාවේ ප්‍රධාන විපක්‍ෂය ලෙස රට හමුවේ පෙනී සිටියේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයය. ශිරාණි වෙනුවෙන් රට හමුවේ කරුණු ඉදිරිපත් කළේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයය. ඇය වෙනුවෙන් රට පුරා විරෝධතා ව්‍යාපාර සංවිධානය කළේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයය. රට පුරා පිහිටි නීතිඥ සංගම් ශාඛා දවසින් දවස දෝෂාභියෝගයට එරෙහිව නගරයක්, නගරයක් ගානේ විරෝධතා රැස්වීම් පවත්වද්දී මහින්දගේ ආණ්ඩුවට එරෙහි පළමු වෙඩි මුරය පත්තු විය. ඇත්තටම ඒ වෙලාවේ විපක්‍ෂයට ඔක්ෂිජන් දුන්නේ නීතිඥ සංගමයය. නීතිඥ සංගමය ආණ්ඩු විරෝධී ප්‍රධාන විපක්‍ෂය බවට පත්විය. එහි ප්‍රතිඵලය දෝෂාභියෝගය ජයගෙන ශිරාණි බණ්ඩාරනායකව අගවිනිසුරු ධුරයෙන් ඉවත් කළත් නීතිඥ සංගම් නිලවරණයේදී ශිරාණි වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් ජයසූරිය රාජපක්‍ෂවාදී නීතිඥ ටිරන්ත වළලියද්ද පරාජය කොට වැඩි ඡන්ද 1,700ක වාර්තාගත ජයක් ලැබීමය.

‘ආණ්ඩුවේ පළමු පරාජය…’

2013 පෙබරවාරි ‘ගුරුදා විග්‍රහයේදී’ මෙම ලියුම්කරු උපුල් ජයසූරියගේ ජයග්‍රහණය නිර්වචනය කළේ එසේය. ඉන්පසු ආණ්ඩුව පළාත් සභා ඡන්ද පැවැත්වීය. ඒ පළාත් සභා ඡන්ද ආණ්ඩුව දින්නේය. ඒත් 2015 ජනාධිපතිවරණය ආණ්ඩුව පරාජය විය. ඒ එක්සත් ජාතික පක්‍ෂයේ හයියෙන් නොව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ශිරාණිට එරෙහි දෝෂාභියෝගය වෙලාවේ ආණ්ඩුවට එරෙහිව ගහපු පළමු වෙඩි මුරයෙන් මෙරට සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු බලවේග අවදි වූ නිසාය.

ශිරාණිට එරෙහි ඒ දෝෂාභියෝගය වෙලාවේ ඇය වෙනුවෙන් උසාවියේ පෙනී සිටි ප්‍රබල නීතිඥ චරිතයක් විය. ඔහු සාලිය පීරිස්ය. සාලිය පීරිස් ශිරාණි වෙනුවෙන් පමණක් නොව සරත් ෆොන්සේකා වෙනුවෙන්ද පෙනී සිටි රැඩිකල් නීතිඥයෙක් විය. එකල ෆොන්සේකාට පක්‍ෂව, ශිරාණිට පක්‍ෂව කතා කරන්න නීතිඥයන් සොයා ගැනීම ලෙහෙසි නොවීය. මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් සන්ඩේ ලීඩර් පුවත්පතට එරෙහිව පවරපු නඩුවේදී ලීඩර් පුවත්පතට පක්‍ෂව කතා කරන නීතිඥයන් කොටි ලෙස හංවඩු ගසා තිබුණි. එලෙස හංවඩු ගැහුවේ ආණ්ඩුවේ ආරක්‍ෂක අමාත්‍යාංශ වෙබ් අඩවියේය. සාලිය පීරිස් ෆොන්සේකා වෙනුවෙන් කතා කරන්න ඉදිරියට ආවේ එවැනි වටපිටාවකය. ඔහු ශිරාණි බණ්ඩාරනායක වෙනුවෙන් කතා කරන්න ඉදිරියට ආවේ ජීවිතය පරදුවට තියලාය.

එහෙව් සාලිය පීරිස් තමන් ශිරාණිට පක්‍ෂව පටන්ගත් සටනේ ප්‍රතිඵලයක් ලෙස 2015 රාජපක්‍ෂවරු පරාජය වූ විට ආණ්ඩුවේ සහායෙන් නීතිඥ සංගම් සභාපති ධුරයට තරග වදින්න හිතුවේ නැත. ඔහු යළි රාජපක්‍ෂලා බලයට ආ විට නීතිඥ සංගම් සභාපති ධුරයට තරග කරන්න තීරණය කළේ 2015ට පෙර ඉටුකළ ඓතිහාසික කාර්යභාරය යළි ඉටුකරන්න වෙලාව පැමිණ ඇති බව දැනගෙන විය යුතුය. 2015ට පෙර ඔවුන් දියත් කළ සටන අපතේ ගියේ නැත.
මෛත්‍රි – රනිල් ආණ්ඩුව ගෙන ආ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු විය. ගෝඨාභය අද ජනාධිපති ධුරයේ ඉන්නේ ඒ නිසාය. මෛත්‍රි – රනිල් ආණ්ඩුව අධිකරණය මෙහෙයවූවා නම් ගෝඨාභය හිරේ යන්න ඉඩ තිබුණි. ඇමෙරිකානු පුරවැසිභාවය නිසා ඔහුට නාම යෝජනා නොදිය හැකි තත්ත්වයක් ඇති වීමට ඉඩ තිබුණි.

එහෙත් රාජපක්‍ෂලා බලයට ඇවිත් ගෙන ආ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඒ අධිකරණ ස්වාධීනත්වයට ප්‍රබල තර්ජනයක් එල්ල වී ඇත.

සාලිය පීරිස් නීතිඥ සංගම් නිලවරණයට එන්නේ එවැනි පසුබිමකය. ඔහුත් සමඟ තරගයට එන්නේ කුවේරා ද සොයිසාය. කුවේරා ද සොයිසා රාජපක්‍ෂලාට සමීප නීතිඥයෙක් ලෙස ප්‍රකටය. ඔහු ඇවන්ට්ගාර්ඩ් සභාපති නිශ්ශංක සේනාධිපතිගේ නඩුවල ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයාය. ඔහු වෙනුවෙන් කැම්පේන් කරන්නේ ආණ්ඩුවට කඩේ යන ප්‍රධාන පෙළේ පුද්ගලික මාධ්‍ය ආයතනයන්ය. ඔහු වෙනුවෙන් සාලිය පීරිස්ට මඩ ගහන කැම්පේන් කරන්නේත් ආණ්ඩු හිතවාදී මාධ්‍ය සහ මාධ්‍යවේදීන්ය. ශ්‍රී ලංකා නීතිඥ සංගම් නිලවරණ ඉතිහාසයේ පළමුවරට මඩ ප්‍රචාරක කැම්පේන් කරළියට එන්නේ මෙවරය. ඒත් සාලිය පීරිස් ඒවාට බය වූයේවත් සලිත වූයේවත් නැත. අවසානයේ ආණ්ඩු හිතවාදී වෙබ් අඩවි සාලිය පීරිස්ව හඳුන්වන්නේ කොටි වෙනුවෙන් පෙනී සිටි නීතිඥයෙක් ලෙසය. සාලිය කොටියෙක් යැයි දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් වන්නේ නිලවරණය කට ළඟ තිබියදීය. ආණ්ඩුව කොටි හංවඩු ගහල ජනාධිපතිවරණය දින්නේය. මහ මැතිවරණය දින්නේය. 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය තුනෙන් දෙකෙන් සම්මත කර ගත්තේය. හැබැයි නීතිඥ සංගම් නිලවරණය කුජීත ලෙස පරාජය විය. සාලිය පීරිස් ඡන්දය දින්නේ ඓතිහාසික තුනෙන් දෙකක වරමකිනි. ඔහු ප්‍රතිවාදියාට වඩා ඡන්ද 2,386ක් ලබා ගෙන ඇත. මෙය 2013 උපුල් ජයසූරිය ලබාගත් වැඩි ඡන්ද ප්‍රමාණයට වඩා ඇති විශිෂ්ට ජයකි.

‘සාලියගේ ජය ආණ්ඩුවේ පළමු පරාජයද..?’

පේන්නේ ඒ වගේය. ජයග්‍රහණයම අහල පුරුදු ආණ්ඩුවට දැනුණු පරාජයේ පළමු වේදනාව ගෙන දුන්නේ නීතිඥ සංගමයය. ආණ්ඩු විරෝධී රැල්ල පටන්ගෙන ඇත්තේ අලුත්කඩේ හරහාය. මේ රැල්ලේ උණුසුම විනිසුරුවන්ගේ ආසන රත් කරයිද කියා ආණ්ඩුව දෙගිඩියාවෙන් සිටිනවා විය යුතුය. සාලිය පීරිස් උදිත දේවප්‍රියගේ වෙබ් අඩවියට දුන් සම්මුඛ සාකච්ඡාවක අපූරු කතාවක් කියා ඇත. සාලිය ශාන්ත ජෝශප් විදුහලේ ආදි ශිෂ්‍යයෙකි. ඔහු එහි ශිෂ්‍ය නායකයා විය. රණසිංහ ප්‍රේමදාස ද ශාන්ත ජෝශප් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. මේ සාලිය කියන ඒ කතාවය.

‘ප්‍රේමදාස මහතා ප්‍රධාන අමුත්තා ලෙස පාසලට පැමිණි විටදී මා කතාවක් කළා. ප්‍රේමදාස මහතා මට පණිවුඩයක් එවා තිබුණා ඔහුට මා හමුවීමට ඕනෑ කියා. මට ඔහු හමුවීමට යෑම අතපසු වුණා. තවත් දවසක ප්‍රේමදාසට මගේ පියාව හමු වූ විට ඔහු පියාගෙන් අහල තිබුණ ඇයි ඔබේ පුතා මා හමුවීමට ආවේ නැත්තේ කියල. තමාව හමුවීමට පාර්ලිමේන්තුවට එන ලෙස ප්‍රේමදාස මහතා මගේ පියා හරහා මට පණිවුඩයක් එවා තිබුණා. ප්‍රේමදාස මහතා හමුවීම මගේ ජීවිතයේ එක් සන්ධිස්ථානයක්…’

මේ සාලිය කී ඒ අපූරු කතාවය. එම හමුවේදී ප්‍රේමදාස සාලිය පීරිස් පාසලේදී කළ කතාව ඉහළින් වර්ණනා කළ බවත්, 1956ට පෙර හැන්සාර්ඩ් වාර්තා කියවන ලෙස ප්‍රේමදාස සාලියට උපදෙස් දුන් බවත් ලේඛකයා සඳහන් කොට ඇත. එහෙත් සාලිය පීරිස් පුදුමයට පත්වී සිටියේ තමන්ට 56ට කලින් හැන්සාර්ඩ් වාර්තා කියවන්න යැයි ප්‍රේමදාස කීවේ ඇයි කියා නොතේරුණ හින්දා බව ලේඛකයා සඳහන් කර ඇත.

එහෙව් සාලිය පීරිස් අද නීතිඥ සංගම් සභාපතිවරයාය. රණසිංහ ප්‍රේමදාසගේ පුතා සජිත් ප්‍රේමදාස අද රටේ විපක්‍ෂ නායකයාය. මේ දෙදෙනා යන ගමන දිහා අද රටම බලා සිටී.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

‘මේ සැරේ ගල් ලෙන බිඳගෙන එළියට යනකම් අපි බලන් ඉන්නෙ නෑ: ඊට කලින් එලවල දානවා:’ බැසිල්ගෙන් විමල්ලාට අනතුරු ඇගවීමක් EXCLUSIVE

Next Post

කටකාරියක් වුණත් මං අහිංසකයි

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.