මේ වනවිට ආරම්භ වී ඇති ජිනීවාහි මානව හිමිකම් කොමිසමේ රැස්වීමේදී මෙතෙක් අදහස් දැක්වූ රටවල්වලින් 21ක් ලංකාවට පක්ෂවත්, 15ක් විරුද්ධවත් අදහස් දක්වා ඇත.
මීට අමතරව ඉන්දියාව සහ ජපානය මධ්‍යස්ථ ස්ථාවරයක සිටීම විශේෂ සිදුවීමකි.
එක්සත් රාජධානිය, නෝර්වේ, කැනඩාව, අමෙරිකාව සහ යුරෝපා කොමිසම මෙසේ ලංකාවට එරෙහි ස්ථාවරයක සිට අදහස් දක්වා ඇති රටවල් අතර ප්‍රධානය.
රුසියාව, චීනය, පාකිස්තානය, ඉරානය, වියට්නාමය, මාලදිවයින, කියුබාව, නිකරගුවා, එරිත්‍රියා, නේපාලය, කාම්බෝජය, ලාඔසය,අසර්බයිජානය, බෙලාරුස්, උතුරු කොරියාව, ගැබොන්, පිලිපීනය, සිරියාව සහ ඊජිප්තුව ලංකාවට පක්ෂව අදහස් දක්වා ඇති රටවල් අතර ප්‍රමුඛය.










