පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ ජීවිතය අනතුරේ බවත්, වහාම රන්ජන් රාමනායක මහතා අගුණකොළපැලැස්සේ සිට වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන එන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලමේන්තුවේදී කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ඉල්ලා සිටියේය.
අභියාචනාධිකරණය මේ වනවිටත් රාමානයක මහතාගේ මන්ත්‍රී ධූරය ආරක්ෂා කරන ලෙස දැනුම් දෙමින් පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත නියෝගයක් එවා ඇති බවද විපක්ෂනායකවරයා කියා සිටියේය.
එමෙන්ම ප්‍රේමලාල් ජයසේකර මහතාට මරණ දඩුවම ලබා දී තිබියදීත් ඒ මහතා පාර්ලිමේන්තුවට කැදවීමට කතානායකවරයා පියවර ගත්තේ නම් රන්ජන් රාමනායක මහතා සම්බන්ධයෙන් එසේ කළ නොහැක්කේ මන්ද යන්න සම්බන්ධයෙන්ද විපක්ෂනායකවරයා කතානායකවරයාගෙන් ප්‍රශ්න කර සිටියේය.










