• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජවිපෙ ‘හැප්පිලා බලමු’ අභියෝගයට ප්‍රමිත කවියකින් උත්තර දෙයි

February 23, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
ජවිපෙ ‘හැප්පිලා බලමු’ අභියෝගයට ප්‍රමිත කවියකින් උත්තර දෙයි
Share on WhatsAppShare on Facebook

පසුගිය දිනෙක ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ආණ්ඩුවට අභියෝගයක් කරමින් ‘හැප්පිලා බලමු’ යනුවෙන් කළ ප්‍රකාශයට අද (23) දින පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ මන්ත්‍රීවරයකු වන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා කවියකින් පිළිතුරු ලබා දීම විශේෂ සිදුවීමකි.

සමහර පුරුදු පොත දස්සනවාද
කටපාඩිමින් කියමින් දහවල් රෑ ද
එනු ඇත වැපරුමට ඇදකුද බේද
ගංවතුරකට බියවේවිද මහ මුහුද
…. යනුවෙන් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසා සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.

කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් රජයේ වැඩපිළිවෙල පිළිබඳවත්, අපිට සතුටු විය හැකි කරුණක් පිළිබඳවත් රට දැනුවත් කිරීමටත් මෙහිදි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් රටවල් 195 අතරින් එකඳු එන්නතක්වත් අද වෙනකොට ලබා නොගත් රටවල් 130 ත් තිබෙනවා. එවැනි පසුබිම යටතේ අපේ රටට අද වෙනකොට එන්නත් ලක්ෂ 03 ක් භාවිතා කර තිබෙනවා. හෙට දිනයේද තවත් එන්නත් ලක්ෂ 5 ක් අපේ රටට ඇනවුම් කර තිබෙන අතර ඒ වගේම මිලියන 11 ක් ලක්ෂ 110 ක් එන්නත් ලබා ගැනීම සඳහා ඊයේ දිනයේදි කැබිනට් අනුමැතිය මේ සඳහා ලබා ගෙන තිබෙනවා. ලෝකයේ රටවල් අතර එන්නත ලබා ගැනීමට සම්බන්ධයෙන් ඉදිරියෙන්ම තියෙන රටක් විදිහට අපේ රට පත් කරන්න වර්තමාන රජය හැකියාව ලැබීම සම්බන්ධයෙන් අපි සතුටට පත් වෙනවා. අපි සෞඛ්‍ය අංශයට සහ අපේ ත්‍රිවිධ හමුදාවට උත්තමචාරය පුද කරනවා.

අපි දකිනවා වී මිල සම්බන්ධයෙන් මේ දවස්වල කථිකාවක් ඇති වි තිබෙන බව. අපේ රජය ගොවියාට ප්‍රමුඛත්වය දි තිබෙනවා. එකි ගොවි ජනතාව වෙනුවෙන් අපි විශාල මහන්සියක් දරන රජයක්. අපි වි වගාව වෙනුවෙන් රුපියල් බිලියන 100ක් පමණ වියදම් කරනවා. බිලියන 4 ක් පමණ කෘෂි රක්ෂණය වෙනුවෙන් ද තාක්ෂණය වෙනුවෙන් බිලියන 60 ක් පමණ ද පොහොර සඳහා බිලියන 20 ක් පමණ අපේ රජය ගොවි ජනතාවට සහන ලබා දි තිබෙනවා. එවැනි තත්වයන් උඩ අද අපි සහතික මිලක් ලබා දි තිබෙනවා රු. 50 ක. පසුගිය කාලයේ රුපියල් 28 න් ඉහළ වී මිල ගිය කාල තිබුණේ බොහෝම අඩුවෙන්. අද වෙනකොට වි ගොවියාට සාර්ථකව වී ගොවිතැන් කරන පරිසරයක් සකස් කර දී තිබෙනවා. එසේ අපේ අභිප්‍රාය තමයි ගොවියාට සහන මිලක් ලබා දෙන ගමන්ම පරිභෝගිකයාට හොඳ මිලක් ලබා දීමයි.

ඊයේ අමාත්‍ය මණ්ඩල තීන්දුවක් අරගෙන තිබෙනවා සහතික මිලට වඩා තරඟකාරි මිලට වී මිලදි ගැනීමට. අපිට සහල් මාෆියාව පරද්දවන්නට හැකියාව ඇතැයි විශ්වාස කරනවා. රජය විසින් ලබා දෙන සහයෝගය අපිට නැවත පෙරලා පාරිභෝගිකයාට දෙන්න අවශ්‍ය වටපිටාව සකසා දීමටයි ජනතාවගෙන් සහය බොහෝම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. පසුගිය දවසක ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ විදිහට පිළිතුරු වශයෙන් ලබා දීමට අවශ්‍ය කරුණක් තියෙනවා.

ජනතා විමුක්ති පෙරමුණ රටේම පොස්ටර් ගහලා ලොකු ප්‍රචාරණයක් යවලා ආණ්ඩුවට අභියෝගයක් කර තිබෙනවා අපිත් සමඟ හැප්පිලා බලමු කියලා. අපි හිතුවා හොඳ පණිවිඩයක් දෙයි කියලා. අවසානයේ තටමලා තටමලා කිව්වේ බලාගමු කියලා. එතුමන්ලට කවියකින් පිළිතුරු දෙමු කියලා කල්පනා කරා. මේ කවිය 1956 පාර්ලිමේන්තුවේ කියපු කවියක්. එදාට වඩා අදට වලංගු කියා විශ්වාස කරනවා. එය ජනතා විමුක්ති පෙරමුණ කේන්ද්‍ර කරගෙන ප්‍රකාශ කළ දෙයක් ද කියලා හිතෙනවා.

සමහර පුරුදු පොත දස්සනවාද
කටපාඩිමින් කියමින් දහවල් රෑ ද
එනු ඇත වැපරුමට ඇදකුද බේද
ගංවතුරකට බියවේවිද මහ මුහුද

පාර්ලිමේන්තු මන්ත්‍රි සුදර්ශන දෙනිපිටිය මැතිතුමා

අපේ රටට තියෙන බලපෑමක් ලෙස ජිනිවා මානව හිමිකම් ප්‍රශ්නය මේ මොහොතේ දකිනවා. මේ ප්‍රශ්නය පිළිබඳව ලෝකයම කතා කරනවා. විශේෂයෙන්ම අපේ රටට ආදරය නොකරන පිරිස. මම හමුදාවේ ඉඳන් පැමිණි කෙනෙක්. අපි මේ යුද්ධය කළ විදිහ හොඳටම දන්නවා හමුදාවේ ඉඳලා ආබාධවෙලා පැමිණි කෙනෙක් ලෙස. අපි කළ යුද්ධ කෙතරම් මානූෂීය ද කියලා. රටට ආදරය නොකරන පිරිසක් ගිහින් ජිනිවා මානව හිමිකම් කවුන්සලයේ කරන මේ ප්‍රකාශයන් එක්ක තමයි ගැටෙන්නේ. අපි නොයෙකුත් ආකාරයෙන් හිර කරන්න උත්සහ කරනවා. මේ වෙලාවේ ජිනිවා මානව හිමිකම් කවුන්සිලය දැන් රැස්වෙලා කොමසාරිස්වරිය පණිවිඩයක් නිකුත් කර තිබෙනවා, මොන යෝජනා ආවත් ආරක්ෂක කවුන්සිලයට එන්න ඕන. අපි මේක හොඳ සත්භාවයෙන්ය සිදු කළ, ත්‍රස්තවාදයෙන් බේර ගත්ත රටක් ලෙස හැදින්විය හැක. මෙය දෙමළ ජනතාව, සිංහල ජනතාව අතර ප්‍රශ්නයක් නෙවේ.මෙය හොඳට අවබෝධ කර ගන්න ඕන. අපි කෙතරම් අමැරුවෙන් දෙමළ ජනතාව සිවිල් ජනතාව බේරගත්ත ද කියලා. අපි ඉතා සංවේදිව ජනතාව බේරගනු ලැබුවේ. LTT ඩයස්පෝරාව එලියේ ඉඳන් කරන ක්‍රියාමාර්ග විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඔවුන් අදාල එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සලයේ නිලධාරින් හම්බෙලා නොයෙකුත් රටවල් හම්බෙලා නොයෙකුත් චෝදනා එල්ල කර තිබෙනවා. අපිට මේකෙන් ගැලවෙන්න පුළුවන්. අපිට තියෙන ප්‍රශ්නය අපේ රටේ රටට ආදරය නොකරන පිරිස මේ ආකාරය ක්‍රියා කිරීම පිළිබඳවයි. රණවිරුවන් කෙතරම් දුක් මහන්සි වුණාද මේ රට බේර ගන්න.

පාර්ලිමේන්තු මන්ත්‍රි ලලිත් එල්ලාවල මැතිතුමා

වමේ ආණ්ඩුවක් හැමදාම අභියෝග ජයගත්ත ආණ්ඩුවක්. පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සමයේ මේ රටේ කුරිරු යුද්ධයක් තිබුණා. එක්සත් ජාතික පක්ෂය පැවසුවේ මෙය අවසන් කිරීමට නොහැකි බව සහ මෙහි කොටසක් දිලා හරි මෙයින් ගැලවෙන්න ඕන කියලා. ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා යුද්ධය අවසන් කර මහා සංවර්ධනයක් ද කළා. මෙම යුද්ධය අවසන් කිරීමට දායකත්වය හා නායකත්වය ලබා දුන්නේ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාය. එතුමාටත් මේ කාලය තුළ අභියෝග රාශියක් මතු වී තිබෙනවා. එක පැත්තකින් කොවිඩ් 19 වසංගතය නිසා ආර්ථිකය කඩා වැටීම , ජිනිවා මානව හිමිකම් ප්‍රශ්නය ඒ වගේ අභියෝග රැසක් තිබෙනවා. එදත් මේ රටේ අභියෝග ජයගත්තේ මේ රටේ සහෝදරයෝ 4 දෙනා. පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාත් එවක ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් එවක ආර්ථික කටයුතු ඇමතිව සිටි බැසිල් රාජපක්ෂ මැතිතුමත් හිටපු කථානායක හැටියට හිටපු චමල් රාජපක්ෂ මැතිතුමත්. නැවත එම සහෝදරයෝ 4 දෙනා අභියෝගය භාරගෙන තියෙනවා රට ගොඩනගන්න. ඒ රට ගොඩනගන්න භාර ගත්තේ බැසිල් රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියලා පක්ෂයක් නිර්මාණය කරමින්. එසේ මාස ගානකදි පළාත් පාලන මැතිවරණය ද ජනාධිපතිවරණය විශිෂ්ඨ ලෙස ජයග්‍රහණය කළ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ අභියෝග ජය ගන්නවා කියා අපි දන්නවා. පාස්කු ප්‍රහාර කොමිෂන් වාර්තා ඇවිත් තියෙනවා.කොමිෂන් වාර්තා නැවත අධ්‍යනය කරන්න දේශපාලන මණ්ඩලයට, කැබිනට් ඇමතිවරු පත්කරලා තිබෙනවා. පැහැදිලිව කියනවා නම් ඡන්දයට ඉස්සර දුටු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා තමයි දැන් සිටින්නෙත්. දඩුවම් ලැබිය යුතු සියලුදෙනාට දඩුවම් දෙනවා. පාස්කු ප්‍රහාරයට රනිල් වික්‍රමසිංහ මැතිතුමා විතරක් නෙවේ වර්තමාන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා ඇතුළු සමගි ජනබලවේග පක්ෂයම වගකියන්න ඕන.දඩුවම් දිය යුතු සියලු දෙනාට ගෝඨාභය රාජපක්ෂ කාලයේ දඩුවම් දිලා අභියෝග සියල්ල ජයගෙන ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ඨ කරනවා කියලා අපි මතක් කරනවා.

SendShareShare
Previous Post

40ක් එක්ක ඉම්රාන් ඇවිත්

Next Post

රන්ජන් අනතුරේ: සජිත් සටනේ: කතානායක අමාරුවේ (VIDEO)

MORE NEWS

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.