පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලූ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව ඊයේ (22) දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත.
එහිදී ජනාධිපතිවරයා දැනුම් දී ඇත්තේ එම වාර්තාව අද (23) දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසටය.
එය පාර්ලිමේන්තුවේ සභාගත කරන දිනය සම්බන්ධයෙන් ඉදිරියේදී තීන්දු කිරීමට නියමිතය.










