වසර හතරක සිර දඬුවමකට ලක්ව සිටින පාර්ලිමේන්තු මන්ත්රි රන්ජන් රාමනායක මහතා රදවා සිටින අඟුණුකොළපැලැස්ස බන්ධනාගාර සිර මැදිරියට පාතාලයේ ප්රකට චරිත වන ජුලම්පිටිය අමරේ සහ කළු තුෂාර යන අයද ඇතුළු කොට ඇති බව වාර්තා වේ.
අද දිනයේ රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් බැලීමට බන්ධනාගාරයට ගිය පාර්ලිමේන්තු මන්ත්රි දිලිප් වෙදආරච්චි මහතා මේ බව සදහන් කළේය.
ඒ අනුව රන්ජන් රාමනායක මහතාගේ ජීවිතයට තර්ජනයක් ඇති බවද මන්ත්රිවරයා සදහන් කර සිටියේය.










