• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විදුහල්පති උසාවි යයි: රාජකීය විදුහලේ ප්‍රශ්නය ආණ්ඩුව ඇතුළේ රාජකීය ප්‍රශ්නයක් වෙයි

February 18, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
විදුහල්පති උසාවි යයි: රාජකීය විදුහලේ ප්‍රශ්නය ආණ්ඩුව ඇතුළේ රාජකීය ප්‍රශ්නයක් වෙයි
Share on WhatsAppShare on Facebook

කොළඹ රාජකීය විදුහල්පති බී. ඒ. අබේරත්න මහතා එම තනතුරින් ඉවත් කිරීමේ ප්‍රශ්නය මේ වනවිට ආණ්ඩුව ඇතුළේ රාජකීය ප්‍රශ්නයක් බවට පත්ව ඇති ආකාරයක් දැකගන්නට තිබේ.

ඉකුත් සතියේ අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් රාජකීය විදුහලේ විදුහල්පතිවරයාට ස්ථාන මාරුවක් ලබා දෙමින් එවා ඇති ලිපිය ප්‍රතික්ෂේප කිරීමට අබේරත්න මහතා පියවර ගැනීමත් සමග මෙම අර්බූදය උත්සන්න වී ඇති බව පැවසේ.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා වෙත ලිපියක් යවා ඇති අබේරත්න මහතා තමන් තවදුරටත් රාජකීය විදුහල්පති ධූරයේ රැදී සිටින බව දැනුම් දී තිබේ.

මීට අමතරව ජනාධිපති නීතීඥ රොමේෂ් සිල්වා මහතා මාර්ගයෙන් සිය ස්ථාන මාරුවට එරෙහිව අධිකරණය හමුවේ නඩුවක් ගොනුකිරීමටද රාජකීය විදුහල්පතිවරයා පියවර ගෙන ඇත.

මීට මාස කිහිපයකට පෙර සිට රාජකීය විදුහල්පතිවරයා එම තනතුරින් ඉවත් කරන ලෙස පාර්ශව කිහිපයක්ම අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර තිබිණ.

විදුහල්පතිවරයාගේ පාර්ශ්වයෙන් චෝදනා කරන්නේ මේ පසුපස පොහොට්ටුවේ මහලේකම්වරයා මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුද වන සාගර කාරියවසම් මහතා සිටි බවකි.

නමුත් මුලදී අබේරත්න මහතා සිය තනතුරින් ඉල්ලා අස්වීමට සූදානම් වී නොතිබිණ.

කෙසේවෙතත් පසුව විවිධ බලපෑම් මත තමන් සිය තනතුරින් ඉල්ලා අස්වන බවට වූ ලිපියක් ලබා දීමට අබේරත්න මහතා පියවර ගෙන තිබිණ.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යංශය එම ලිපිය රාජ්‍ය සේවා කොමිසම වෙත යොමු කිරීමට පියවර ගෙන තිබිණ.

නමුත් ඉන් දින කිහිපපයකට පසු අබේරත්න මහතා යළිත් වතාවක් ලිපියක් අධ්‍යාපන අමාත්‍යංශයට යොමු කරමින් තමන් තනතුරින් ඉල්ලා අස්වීමට සූදානම් නැති බව දැනුම් දී තිබූණු නමුත් එම ලිපිය අධ්‍යාපන අමාත්‍යංශය මගින් රාජ්‍ය සේවා කොමිසම වෙත යවා නැති බව දැනගන්නට ඇත.

ඒ අනුව රාජ්‍ය සේවා කොමිසම මගින් අදාළ ස්ථාන මාරුව ලබා දීමට පියවර ගෙන ඇති බව පැවසේ.

කෙ‌සේවෙතත් තමන් යොමු කළ දෙවන ලිපිය රාජ්‍ය සේවා කොමිසමට යැවීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන නොතිබීම මත රාජකීය විදුහල්පතිවරයා තවදුරටත් සිය තනතුරේ කටයුතු කිරීමට තීරණය කර ඇති බව දැනගන්නට තිබේ.

මෙවන් සිදුවීමක් රාජකීය විදුහලේ සිදුව ඇත්තේ පළමු වතාවට බවත් දැනගන්නට ඇත.

කෙසේවෙතත් මේ වනවිට මෙම සිදුවීමට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ද මැදිහත් වී ඇති බවක් වාර්තා වේ.

ඒ අනුව සාගර කාරියවසම් මහතා කැදවා රාජකීය විදුහල්පති ධූරය සම්බන්ධයෙන් බලපෑම් නොකරන ලෙසට උන්වහන්සේ දැනුම් දීමක් කර ඇති බවද ආරංචි මාර්ග සදහන් කරයි.

SendShareShare
Previous Post

පෝලිමෙන් පිට පැනලා එන්නත විදගත් සෞඛ්‍ය ඇමැතියි-විදේශ ඇමැතියි ඉල්ලා අස්වෙයි

Next Post

මහින්ද ‘හොඳ හිත නෙළුම් බුදු කුලුන’ විවෘත කරයි

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.