• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home CID

සුදු හිමිගේ අභිරහස් මරණින් පසු රත්ගම තවත් අභිරහස් ඝාතන දෙකක්!! CID SPECIAL

February 14, 2021
in CID, Exclusive
Reading Time: 2 mins read
A A
සුදු හිමිගේ අභිරහස් මරණින් පසු රත්ගම තවත් අභිරහස් ඝාතන දෙකක්!! CID SPECIAL
Share on WhatsAppShare on Facebook

රත්ගම පොල්දූව ආරණ්‍ය සේනාසනයේ භාවනානුයෝගීව වැඩ වාසය කළ නෙදර්ලන්තයේ ජිනවංශ හිමියන්ගේ අභිරහස් මරණය සිදුව මේ වන විට සැලකිය යුතු කාලයක් ගතවී හමාරය. එහෙත් එම මරණය ඝාතනයක්ද සියදිවි හානිකර ගැනීමක්ද එසේත් නැතිනම් වෙනත් සංසිද්ධියකින් සිදුවූවක්දැයි මෙතෙක් පැහැදිලිව හෙළිවී නැත. මෙම ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන සිදුවන්නේ රත්ගම පොලීසියෙනි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරීවරයෙකුගෙන් සැදුම් ලත් පොලිස් කණ්ඩායමක්ද අගමැති නියමයෙන් රත්ගම පොලීසියේ සහයට පත්කරනු ලැබීය. එම සහකාර පොලිස් අධිකාරීවරයා රත්ගම පැත්තේ සෑම අහුමුල්ලක් ගැනම හොදින් දන්නා නිලධාරියෙකි. ඒ ඔහුගේ උපන් ගම් පළාත ඇත්තේ ඒ කිට්ටුව පාත වූ බැවිනි. මාසයක් තිස්සේ ඔහු ඇතුළු කණ්ඩායමත් ජිනවංශ හිමින්ගේ මරණයේ අභිරහස විසඳීමට වෙහෙසක් ගත්තද තවමත් එම අභිරහස විසඳී නැත්තේ ජිනවංශ හිමියන්ගේ ඝාතනයත් මීගමුවේ අබා කොස්තා පියතුමන්ගේ ඝාතනය මෙන් කාලයේ වැලි තලාවේ සැඟවී යන අභිරහසක් බවට පත්වන පෙර නිමිති පෙන්වමිනි.

මෙම සිදුවීමේ ඇති එක් අභිරහසක් වන්නේ ජිනවංශ හිමියන්ගේ සිරුරේ ගැටගසා තිබූ ගල එම ප්‍රදේශයේ එකක් නොවීමය. අනෙක් අතට එම ගල බැඳගෙන පිහිනීමේ හැකියාවක් තිබීම තවත් ගැටලුවකි.

ජිනවංශ හිමියන්ගේ ඝාතනය පමණක් නොව, ඉකුත් 05 වෙනිදා රාත්‍රී කාලයේ රත්ගම සිදුවන තවත් ඝාතන දෙකකක්ම මේ වන විට ඇත්තේ නොවිසදුණු ඝාතනයන් ලෙසිනි. ඒ එක් ඝාතනයක් විශ්‍රාමික ගුරුවරියකගේය. දෙවැනි ඝාතනය පෙදරේරුවෙකුගේය. විශ්‍රාමික ගුරුවරිය ඝාතනය වන්නේ ඇය පදිංචිව සිටි නිවස තුළදීය. ඒ ගෙල මිරිකාය. පෙදරේරුවාගේ ඝාතනය සිදුවන්නේ මහමගය. ඒ ගුරුවරියගේ නිවසේ සිට මිටර් සියයක් පමණ දුරකිනි. පිහිපහරවල් තිහත් හතළිහක් එම සිරුරේ තිබී ඇත. පොලීසීය විශ්වාස කරන්නේ මෙම ඝාතන දෙක අතර යම් සම්බන්ධයක් ඇති බවය. ගුරුවරියගේ සැමියා ද කලකට පෙර මිය ගොසිනි. ඇයට දරු මල්ලන් නැත. ඇය යමක් කමක් ඇති තැනැත්තියකි. ඇගේ මරණින් පසු ඇයට හිමි දේපොළ බෙදෙන්නේ කෙසේදැයි ඇය නීතීඥවරියක් හමුවී අන්තිම කැමති පත්‍රය පවා ලියා තිබී ඇත. එම නීතීඥවරිය ඇගේ ඥාති පුතෙකුගේ බිරිඳකි. රත්ගම පැත්තේ ධීවර ව්‍යාපාරිකයින් දෙදෙනෙක් පැහැරගෙන ගොස් ඝාතනය කර හම්බන්තොට පැත්තේ කැලේකදී ගිනි තැබීමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් මාතර පොලිස් ඒකකයේ පොලිස් ස්ථානාධිපතිවරයා ඔහුය. තවමත් ගුරුවරියගේ අන්තිම කැමති පත්‍රය විවෘත කර නැත. නීතීඥවරිය පවා එහි ඇත්තේ කුමක්දැයි කියන්නේද නැත. ඒ ඇගේ අන්තිම කැමැත්ත වී ඇත්තේ මියගොස් සති දෙකකින් අන්තිම කැමති පත්‍රය ප්‍රසිද්ධ කරන්නට යැයි කීම නිසා බව නීතීඥවරිය සදහන් කරයි. ඒ අනුව ඇගේ අන්තිම කැමැත්ත ලියැවි ඇත්තේ කොයි ආකාරයෙන්දැයි දැන ගන්නට තවත් දින කිහිපයක් ඇගේ පවුලේ ඥාතීන්ට බලා සිටීමට සිදුවනු ඇත. ඇතැම් විට එම අන්තිම කැමති පත්‍රය ඇගේ ඝාතනයට හෝඩුවාවක් පවා පොලීසියට ලබාදෙනු ඇති බවට විශ්වාසයක්ද පවතී.

එදා ඇගේ ඝාතනය සිදුවූ දින අවසානයට ඇගේ නිවසට පැමිණ ඇත්තේ හික්කඩුව පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාය. ඔහුත් ඇගේ ඥාතියෙකි. ඔහු පවසන්නේ නිවසේ විදුලි බල්බයක් ක්‍රියාත්මක නොවන බවට නැන්දනිය විසින් කළ දැනුම් දීමකට අනුව ඒ ගැන සොයා බැලීමට තමා එදින නිවසට පැමිණි බවය. නිවසින් තමා පිටවූයේ රාත්‍රී 7.00 පමණ බවද ඔහු කියයි. ඝාතනය සිදුවන්නේ ඊට පසුවය. එදා රාත්‍රියේ ඝාතනයට ලක්වූ පෙදරේරුවා කෙලින් සිට ගන්නට බැරි තරමට මත්පැන් පානය කර පාපැදියකින් වැනි වැනී ගමන් කර ඇති බවටද පොලීසියට තොරතුරු ලැබී ඇත. ගුරුවරියගේ නිවස ඔහු පසුකර ගොස් ඇතැයි අනුමන කෙරෙන්නේ රාත්‍රී 8.30 ත් 9.00 ත් අතර කාල පරාසය තුළදීය. සැකකරනුයේ ගුරුවරියගේ ඝාතකයාව මෙම පෙදරේරුවා හදුනා ගැනීම නිසා ඔහුව මරා දමන්නට ඇති බවය. මේ සියල්ලක්ම අනුමානයන් පමණි. තවමත් පොලීසිය සිටින්නේ මෙම ඝාතනයේ කොනක් හරියටම සොයා ගන්නට බැරිවය. ඇතැම් විට මෙම ගුරුවරිය ඝාතනය කරන්නට ඇත්තේ ඇගෙන් නිතරම මුදල් ඉල්ලාගෙන කරදර කරන ගමේම වෙනත් පුද්ගලයෙක් වන්නට පුළුවනි. එසේම මෙම ගුරුවරියගේ ඥාති පුතා වන පොලිස් ස්ථානාධිපතිවරයා අතින් සිදුවුණු ද්විත්ව ඝාතනය හා මෙම ඝාතනයන් බැඳී තිබෙන්නටද පුළුවනි. මේවායින් මෙම ඝාතනයට මුල්වූයේ කුමක්දැයි වැඩි කල් යන්නට මත්තෙන් හෙළිකර ගැනීමට පොලීසිය අසමත් උවහොත් සිදුවන්නේ මෙම ද්විත්ව ඝාතන විමර්ශනයන්ද නෙදර්ලන්තයේ ජිනවංශ හිමියන්ගේ ඝාතන විමර්ශනයන්ට සිදුවී ඇති දේමය.

රුවන් වෙඩිවර්ධන

SendShareShare
Previous Post

තත්ත්වය භයානකයි: යළි රටම ලොක්ඩවුන්ද? තීන්දුව හෙට

Next Post

එන මාස කීපය අමාරුයි: ආණ්ඩුවෙන් නිල නිවේදනයක්

MORE NEWS

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News
Exclusive

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

දැන් ඡන්දයක් තිබ්බොත් මාලිමාවට 65%යි! ඉතින් තියන්නකෝ පළාත් සභා ඡන්දේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණගේ විශ්වාසභංගය අද එනවා! I Sri Lanka Latest News

Load More
හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News
Exclusive

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News

එක්සත් ජාතික පක්ෂයේ සෙංකඩගල ආසන සංවිධායක ආචාර්ය චමින්ද මලලසේකර මහතා එම පක්ෂයෙන් ඉල්ලා අස්වීමට පියවර ගෙන ඇත.Sri Lanka Latest News...

Read more
අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper