• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රජවරු ඉවර කරන වරාය (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

February 10, 2021
in Exclusive, Gurudawa, Uncategorized
Reading Time: 4 mins read
A A
රජවරු ඉවර කරන වරාය (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

‘ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ නැඟෙනහිර පර්යන්තය ඉන්දියාවට දීමේ තීරණය වෙනස් කළේ ඒකට එරෙහි විරෝධයෙන් ඔහුගේ ජනාධිපති පුටුව සෙලවෙන බව දැනුණු නිසයි…’

මේ නම නොකියන ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයෙක් ‘ඉන්දියන් එක්ස්ප්‍රස්’ පුවත්පතට කී කතාවය. හැබැයි ඒ නම නොකියන ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයා නොදත් කතාව නම් ලංකාවේ වරාය නිසා ජනාධිපතිවරුන්ගේ, අගමැතිවරුන්ගේ පමණක් නොව රජුන්ගේත් සිංහාසන සෙලවුණු හැටිය.

1505 පෘතුගීසි ලංකාවට එන්නේත් මේ කොළඹ වරායට ඇහැ ගහගෙනය. එවකට කෝට්ටේ රජ්ජුරුවෝ පෘතුගීසීන් සමඟ ගිවිසුම් ගහන්නේ වරාය ආක්‍රමණිකයන්ගෙන් බේරා ගන්නටය. ඉන්පසු ලන්දේසි එන්නේත්, ඉංග්‍රීසීන් එන්නේත් මේ වරායට ඇහැගහගෙනය.

1978 ඉංග්‍රීසීන්ගෙන් නිදහස දිනා ගත්තාට පසු 1956 බලයට එන බණ්ඩාරනායක කොළඹ වරාය ජනසතු කොට වීරයෙක් විය. කොළඹ වරාය රජයට පවරාගෙන ඔහුට වැඩි කලක් ජීවත් වෙන්න ලැබුණේ නැත. බණ්ඩාරනායකව බලයට ගෙන ආ කැලණි පන්සලේ මාපිටිගම බුද්ධරක්ඛිත හිමි කොළඹ වරායේ නැව් සමාගමක් පටන් ගන්න බණ්ඩාරනායකගෙන් සහාය ඉල්ලූහ. බුරුමයෙන් සහ තායිලන්තයෙන් සහල් ගෙන්වීමේ හවුල් ව්‍යාපාරයක් කරන්න බුද්ධරක්ඛිත හිමිගේ මිතුරු ව්‍යාපාරිකයෙක්ට අවශ්‍ය විය. එම ව්‍යාපාරිකයා බුද්ධරක්ඛිත හිමි හරහා බණ්ඩාරනායකගේ 1956 ඡන්ද ව්‍යාපාරයට මුදල් දී තිබුණි. ඒත් බණ්ඩාරනායක බුද්ධරක්ඛිත හිමිගේ හවුල් නැව් සමාගමට සහාය දීම ප්‍රතික්‍ෂේප කළේය. බණ්ඩාරනායක ඝාතනය කිරීමට බුද්ධරක්ඛිත සැලැසුම් සකස් කරන්නේ එතැන් පටන්ය.

ලංකාවේ කොළඹ වරාය පමණක් නොව ත්‍රිකුණාමල වරායද ජනාධිපති පුටු, අගමැති පුටු හොල්ලපු වරායකි. 1962 ඉන්දු – චීන යුද්ධය විසඳන්න එවකට ලංකාවේ අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැදිහත් වන්නේ බණ්ඩාරනායකවරු ඉන්දියාවේත්, චීනයේත් ආදරය සහ විශ්වාසය දිනා සිටි නිසාය. බණ්ඩාරනායක මැතිනියගේ මේ සාම දූත ප්‍රයත්නයෙන් ඇයගේ ආණ්ඩුව ඉන්දියාවට වඩා චීනයට සමීප විය. 1963 දී ඇය චීනය සමඟ නාවික ගිවිසුමක් අස්සන් කිරීමට කැමැත්ත පළ කළාය. ත්‍රිකුණාමලය වරාය කේන්ද්‍ර කර ගනිමින් අස්සන් කිරීමට නියමිත ගිවිසුම නිසා ඉන්දියාවේ පුටු රත් විය. එවකට විපක්‍ෂ නායක ඩඩ්ලි සේනානායක පාර්ලිමේන්තුවේදී කීවේ මැතිනිය ත්‍රිකුණාමල වරාය චීනයට දෙන්න හොර ගිවිසුම් ගහනවා කියාය. වැඩි කලක් ගියේ නැත. ඩඩ්ලි මැතිනියගේ ආණ්ඩුව පාර්ලිමේන්තුවේ පෙරළන්න සමත් විය. මැතිනියගේ ආණ්ඩුවේ ප්‍රබලයන් ඩඩ්ලිට එක් වූයේ 1964 ආණ්ඩු පෙරළියේදීය. 1965 මහ මැතිවරණයේ එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රධාන සටන් පාඨයක් වූයේ මැතිනිය ත්‍රිකුණාමල වරාය චීනයට විකුණා ලංකාව චීනයේ කොළනියක් කරන්න යනවා කියන එකය. මහනාහිමිවරු සිංහල බෞද්ධයන් රතු මකරා රට ගිලගෙන බෞද්ධාගම තහනම් කරයි කියා බයේ ඩඩ්ලිට පක්‍ෂ වූහ.

යළිත් වරාය මාතෘකාව කරළියට එන්නේ 1977 බලයට ආ ජේ. ආර්.ගේ ආණ්ඩුව ත්‍රිකුණාමල වරාය ඇමෙරිකානු සම්බන්ධතා සහිත සිංගප්පූරු සමාගමකට බදු දීමට සාකච්ඡා ආරම්භ කිරීමත් සමඟය. ඉන්දියාව මෙය තම රටට බරපතළ ආරක්‍ෂක තර්ජනයක් ලෙස සලකා උතුරේ කලකිරීමට පත් දමිළ තරුණ, තරුණියන් ජේ. ආර්.ගේ ආණ්ඩුවට එරෙහිව දියත් කළ කැරැල්ලට සහාය දක්වන්න තීරණය කරනු ලැබීය. කැරැල්ල යුද්ධයක් දක්වා වර්ධනය වන්නේ ඉන් පසුවය. අවසානයේදී ඉන්දියාව උතුරට ගුවනින් පරිප්පු දමා ජේ. ආර්.ගේ ආණ්ඩුව බයකර ඉන්දු – ලංකා ගිවිසුම අස්සන් කර ගැනීමට සමත් විය. ගිවිසුමේ සඳහන් වන්නේ ත්‍රිකුණාමල වරාය ගැන තීන්දු, තීරණ ගැනීමේදී ලංකා ආණ්ඩුව ඉන්දියාවෙන් විමසන්න බැඳී සිටිනා බවය.

ඉන්දු – ලංකා ගිවිසුමෙන් ජේ. ආර්.ගේ ආණ්ඩුව විනාශ විය. වරාය ප්‍රශ්නය මත නිර්මාණය වූ යුද්ධයෙන් ප්‍රේමදාස ඝාතනය විය. ලලිත් සහ ගාමිණී ඝාතනය විය. චන්ද්‍රිකා අනූනවයෙන් දිවි ගලවා ගත්තාය.

2002 රනිල්ගේ ආණ්ඩුව බලයට ආ විට යළිත් මේ වරාය ප්‍රශ්නය එන්නේ ත්‍රිකුණාමල වරාය අවට එල්.ටී.ටී.ඊ. කඳවුරු ශක්තිමත් කරද්දීය. එල්.ටී.ටී.ඊ.ය ඒ අවස්ථාව ලබා ගන්නේ සටන් විරාමය නිසා බව එවකට ජනාධිපති චන්ද්‍රිකා සහ විපක්‍ෂ මන්ත්‍රී ලක්‍ෂ්මන් කදිරගාමර් ඉන්දියාවට පෙන්වා දෙන්නේ රනිල්ගේ සටන් විරාමයෙන් ඉන්දු – ලංකා ගිවිසුම උල්ලංඝනය වන බව අවධාරණය කරමිනි. 2004දී චන්ද්‍රිකා රනිල්ගේ ආණ්ඩුව පෙරළන්නේ ඉන්දියාවේ ආශීර්වාදයෙන් බව අදටත් රහසක් නොවේ.

1963 සිට 2009 දක්වා රජ ගෙවල් මළ ගෙවල් කළ ත්‍රිකුණාමල වරාය ප්‍රශ්නය 2009 යුද්ධය අවසන් වීමත් සමඟ අවසන් විය. ඒත් 2009ට පසු යළි කරළියට එන්නේ වරාය ප්‍රශ්නයක්මය. ඒ බණ්ඩාරනායක ඝාතනයට හේතු වූ කොළඹ වරාය හරහාය. 2010න් පසු මහින්දගේ ආණ්ඩුව කොළඹ වරායේ පර්යන්තයක් චීනයට පවරන්න තීරණය කළේය. ඒ වගේම කොළඹ වරායට චීන සබ්මැරීන්වලට එන්න ඉඩ දුන්නේය. කොළඹ වරාය නගරයක් කිරීම චීනයට බාර දුන්නේය. ඒ වරාය නගරයේ අහසත්, පොළොවත් චීනයට පවරා දෙමිනි. ඒ මදිවට මහින්දගේ ආණ්ඩුව චීන ණය මුදල්වලින් හම්බන්තොට වරායක්ද ඉදිකළේය. චීනය හම්බන්තොට වරායට ණය දුන්නේ ඉන්දියාව ඉන්දියානු සාගරයෙන් කොන් කොට චීනය බිහි කරන වරාය සිතියමේ තවත් එක් වරායක් බවට පත්කර ගන්නටය. ඉන්දියාව මෙයට කලබල වන්නේ දැඩි කෝපයකින්ය. චීන සබ්මැරීන්වලට ලංකාවේ කොළඹ වරායට එන්න දෙන්න එපා යැයි ඉන්දියාව එවකට ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂව දිල්ලියට කැඳවා අනතුරු ඇඟවුවත් ගෝඨාගේ ඉන්දීය සංචාරයට පසුවත් චීන සබ්මැරීන් යානයක් කොළඹ වරායට පැමිණියේය. වැඩි කලක් ගියේ නැත. ඉන්දීය රහස් ඔත්තු සේවා තමාව ජනාධිපති පුටුවෙන් ඉවත් කරන්න කුමන්ත්‍රණය කළා යැයි මහින්ද ප්‍රසිද්ධියේ කීවේය.

මෛත්‍රි ජනාධිපති විය. රනිල් අගමැති විය. චීන ව්‍යාපෘතියක් වන කොළඹ වරාය නගරය අත්හිටුවන්න 2015 ජනාධිපතිවරණයට පෙර රනිල් පොරොන්දු විය. ඒත් ගිවිසුම වෙනස් වූවා මිස ව්‍යාපෘතිය අත්හිටුවූයේ නැත. ඒ මදිවාට හම්බන්තොට වරායේ ණය ගෙවාගන්න බැරිව රනිල්ගේ ආණ්ඩුව හම්බන්තොට වරාය චීනයට 99 අවුරුද්දකට බදු දුන්නේය. ඉන්දියාව නොසන්සුන් විය. ඒ නොසන්සුන්තාවය නැති කරන්න රනිල් ඉන්දියාවට කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය දෙන්න ගිවිසුම් ගැහුවේය. මෛත්‍රිපාල එයට එරෙහි විය. ඔහු රනිල්ගේ කැබිනට් පත්‍රිකාවත් වීසි කොට රනිල්ව අගමැති ධුරයෙන් ඉවත් කොට මහින්දව අගමැති කළේය. රනිල් යළි අගමැති වුවත් නැඟෙනහිර පර්යන්ත ගිවිසුම ක්‍රියාත්මක කිරීමට නොහැකි විය. මෛත්‍රිටත් ගෙදර යන්න සිදුවිය. රනිල්ද ගෙදර ගියේය. මෛත්‍රිට – රනිල්ට දෙන්න බැරි වූ නැඟෙනහිර පර්යන්තය දීමට තමන්ට පුළුවන් යැයි කියා ගෝඨාභය 2019 ජනාධිපතිවරණ අපේක්‍ෂකත්වයට ඉන්දියාවේ ආශීර්වාදය ලබා ගත්තේය.

1988 ජනාධිපතිවරණයේදී අනුර බණ්ඩාරනායක ජනතා විමුක්ති පෙරමුණ භීෂණය සම්බන්ධයෙන් මේ වගේ කතාවක් කීවේය. තමන්ගේ මව බණ්ඩාරනායක මැතිනිය ජනාධිපති කරවන්න ජනතා විමුක්ති පෙරමුණ කැප වෙන බවත් මව ජනාධිපති වූ විට ජනතා විමුක්ති පෙරමුණ අවි බිම තබන බවත් කීවේය. ජනාධිපතිවරණ කැම්පේන් එක පටන්ගෙන වැඩි කලක් ගියේ නැත. ජනතා විමුක්ති පෙරමුණ මැතිනියගේ රැස්වීම්වලට බෝම්බ ගහන්න පටන් ගත්තේය. අනුරට කටඋත්තර නැති විය.

රාජපක්‍ෂලාත් 2019 ජනාධිපතිවරණයට කලින් ඉන්දියාවට කියන්න ඇත්තේ රනිල්ගේ ආණ්ඩුව නැඟෙනහිර පර්යන්තය ඉන්දියාවට දීමට එරෙහි වූ වෘත්තීය සමිති, මාධ්‍ය, බෞද්ධ බලවේග ඉන්නේ තමන් සමඟ බවත් තමන් බලයට ඇවිත් පර්යන්තය ඉන්දියාවට දෙන්න තීරණය කළොත් ඔවුන් එයට එරෙහි නොවනු ඇතැයි කියා විය යුතුය. ඒ කතාව අහල ඉන්දියාවත් ජනාධිපතිවරණයේදී මධ්‍යස්ථ වී යළි රාජපක්‍ෂලා රජගෙදරට යනවා බලා සිටියේය. ගෝඨාභය ජනාධිපති වී නැඟෙනහිර පර්යන්තය ඉන්දියාවට දීමට කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේය. ගෝඨාව ජනාධිපති කළ හාමුදුරුවරු, වෘත්තීය සමිති, සිංහල බෞද්ධ බලවේග යකා නටන්න පටන්ගත්හ. ගෝඨාභය පර්යන්තය ඉන්දියාවට පැවරීමේ තීරණය අකුළා ගත්තේය.

‘ඉන්දියාව මොනවා කරයිද…’

1988 ජනාධිපතිවරණයේදී ප්‍රේමදාස ජනතාවට පොරොන්දු දෙකක් දුන්නේය. පළමු වැන්න ඉන්දීය හමුදාව පිටමං කරන බවය. දෙවැන්න ඉන්දු – ලංකා ගිවිසුම මිත්‍ර ගිවිසුමක් කරන බවය. පළමු පොරොන්දුව ප්‍රේමදාස ඉටු කර ගත්තේය. දෙවැන්න ඉටු කරන්න කොයි තරම් උත්සාහ කළත් ඉන්දියාව ප්‍රේමදාසව මායිම් කළේ නැත. ඉන්දියාවත් එක්ක ගිවිසුම් වෙනස් කරන එක ලේසි නැත. මෙහි වරද ඉන්දියාවේ නොවේ. මහින්දගේ ආණ්ඩුව චීනයට වරායේ පර්යන්තයක් දීමය. ජේ. ආර්. ත්‍රිකුණාමල වරාය සිංගප්පූරු සමාගමකට දෙන්න ගොස් ඉන්දියාව ළඟ දණ ගැසීය. රාජපක්‍ෂලාත් 2015 පරාජයට පසු යළි බලයට එන්න ඉන්දියාව ළඟ දණගැසූහ. ජේ. ආර්. වගේම වරායේ පර්යන්තයක් චීනයට දීමේ වරද නිවැරැදි කරන්න පොරොන්දු විය.

රාජපක්‍ෂලා ඒ වරද නිවැරැදි කරයිද..?

අනෙක රාජපක්‍ෂලා අද පැටලී ඉන්නේ ඉන්දියාව සමඟ පමණක් නොවේ. නැඟෙනහිර පර්යන්තය සංවර්ධනය කරන්න ගිවිසුම් ගහල ඇත්තේ ඉන්දීය – ජපාන හවුල් ව්‍යාපෘතියක් ලෙසය. ජපානය ලංකාවේ පරණතම මිත්‍රයෙකි, ආධාරකරුවෙකි. මෛත්‍රි – රනිල් ආණ්ඩු සමයේ ජපානය සමඟ අස්සන් කළ ‘මොනෝ රේල්’ ව්‍යාපෘතියද අත්හිටුවීමට රාජපක්‍ෂ ආණ්ඩුව තීරණය කළේය. මේ නිසා ජපානය ඉන්නේ කේන්තියෙන්ය. නැඟෙනහිර පර්යන්තය ඉන්දු – ජපාන හවුලට දෙන්න යැයි මෙරට ඇමෙරිකානු තානාපතිනියද ප්‍රකාශයක් කළේය. මිලේනියම් ගිවිසුම අස්සන් නොකිරීමෙන් ඇමෙරිකාවද ඉන්නේ නොසන්සුන්වය. ඉන්දියාව, ජපානය, ඇමෙරිකාව සහ ලොව බලවත්ම රටවල් ත්‍රිත්වය අද ඉන්නේ ඇස් රතුකර ගෙනය. වරායේ පර්යන්තයක් චීනයට දීමෙන් කළ වරද නිවැරැදි කරනතාක් රාජපක්‍ෂලාගේ ආණ්ඩුව රාත්‍රියට සැනසිල්ලේ නින්දට යනවා බොරුය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

පාස්කු වින්දිතයන්ට මෛත්‍රීපාලට වන්දි ගෙවන්න වෙයිද?

Next Post

මහින්ද තමයි මහින්ද (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

MORE NEWS

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

Load More
අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් සම්බන්ධයෙන් සිරස නාළිකාවේ පුද්ගලයකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නවීන් දිසානායක මහතා සිරසට දුන්...

Read more
හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.