• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

පාට පිරුණු කරමල් බෝදිලිමා‌ගේ නවාතැන්පොළ

February 2, 2021
in News, Politics, Uncategorized
Reading Time: 4 mins read
A A
පාට පිරුණු කරමල් බෝදිලිමා‌ගේ නවාතැන්පොළ
Share on WhatsAppShare on Facebook

දකුණු පළාතට අයත්ව පිහිටි සිංහරාජ වැසි වනාන්තරයට නොදෙවැනි කන්නෙලිය වනාන්තරය පිළිබඳ අපි
පසුගිය සතියේදී බොහෝ කතා කළා. එහි තවත් දිගුවක් මේ විදියට ඔබ වෙත ගෙන එන්නයි මේ උත්සාහය.
අද අපි මුලින්ම කතා කරන්නේ කන්නේලියේ සංචාරය කරන ආධුනිකයෙකුට වැදගත් වන කාරණාවක්. කන්නෙලියට යන ඕනෑම කෙනකුට එහිදී ගමන් කළ හැකි මංපෙත් 6ක් වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් සකස් කරලා තියෙනවා. එම මංපෙත් 6 සංචාරක සැලසුම් 3ක් යටතේ ගමන් කරන්නත් ඔවුන් ක්‍රමවේද සකස් කරලා තියෙනවා. සංචාරකයෙකු කැමැති විදියට ගමන සැලසුම් කර ගන්න ඒ හරහා අවස්ථාව ලැබෙනවා.

ඒ අතරින් පළමු මංපෙත තමයි ගුහාව මංපෙත. මකුළු විශේෂ සහ වවුල් විශේෂ මෙන්ම මැඩි විශේෂ රාශියක් ජීවත් වන භූගත ගුහාවකින් තමයි ඒ මංපෙත කෙළවර වෙන්නේ. කන්නෙලියට ඇතුළුවන තැන සිට එයට ඇති දුර කිලෝමීටර් 1.5ක්. ඒ සඳහා වෙන් කර ඇති කාලය පැයක්.

කන්නෙලියේ දෙවැනි මංපෙත ලෙස සැලකෙන්නේ අනඟිමල ඇල්ල මංපෙත. එහි දුර කිලෝ මීටර් 2.5ක්. ඒ සඳහා පැය 3ක කාලයක් ගත වෙනවා. එහි තුන්වැනි මංපෙත සැලකෙන යෝධ පුස්වැල මංපෙතත් කිලෝ මීටර් 2.5ක දුරකින් යුක්තයි. ඒ සඳහාත් පැය 3ක කාලයක් වෙන් කර තිබෙනවා. ඊළඟ මංපෙත තමයි යෝධ නවද ගස මංපෙත. එහි මුළු දුර කිලෝ මීටර් 5.2ක්. ගත වන කාලය පැය 3ක් ලෙසයි දැක්වෙන්නේ. කිලෝමීටර් 5.2කින් යුතු නාරංගල ගස් ඇල්ල මංපෙතේ දුර ප්‍රමාණය කිලෝ මීටර් 5.2ක්. ඒ සඳහා පැය 6ක කාලයක් ගත වෙනවා. කබ්බලේගල කන්ද තමයි කන්නෙලිය වනෝද්‍යානයේ ඇති දිගම මංපෙත. එහි මුළු දුර ප්‍රමාණය කිලෝ මීටර් 5.5ක්. ඒ සඳහාත් පැය 6ක කාලයක් ගත වෙනවා. ඉහත සඳහන් කළ ආකාරයෙන්ම තමන් කැමැති පරිදි මෙම මංපෙත් 6 සැලසුම් 3ක් යටතේ ගමන් කිරීමට සංචාරකයෙකුට අවස්ථාව සැලසෙනවා. ඒ යටතේදී මංපෙත් දෙකක් හෝ තුනක් ආවරණය කිරීමට ඉඩ කඩ ලැබෙනවා.
ඔබ කුමන මංපෙතක ගමන් කළත් කන්නෙලියේ සැබෑ සුන්දරත්වය විඳ ගැනීමට නම් උදෑසන 6 පමණ වෙද්දී ඒ වෙත ළඟා විය යුතුයි. හිමිදිරි උදෑසන කන්නෙලියට යන කෙනකුට සමනල් විශේෂ රාශියක් වගේම කුරුලු විශේෂ රාශියකුත් දැක ගන්නවා. ඒ වගේම ප්‍රායෝගිකව බැලුවමත් මේ වගේ පයින් යන ගමනක් උදෑසනින්ම පටන් ගන්න එක තමයි හොඳ. මොකද ඝන වනාන්තරයක් තුළ වුවත් දිවා කාලයේදී දැනෙන වෙහෙස ඉතා වැඩියි.

ඒ වගේම මේ ගමනට අපිට කිසිම ආහාර ද්‍රව්‍යයක් රැගෙන යන්න අවසර නැහැ. පානීය ජලය විතරයි රැගෙන යන්න පුළුවන් වෙන්නේ. ඒ හින්දා ඇති තරම් පානීය ජලය මේ ගමනට රැගෙන යන එක ඉතාම වැදගත්. ඒ වගේම මේක ඉතාම නිශ්ශබ්දව සන්සුන්ව යා යුතු ගමනක්. කතාබහ කර කර රංචු ගැහී ගමන් කරන්න පුළුවන් තැනක් නෙවෙයි. මොකද මේ වනාන්තරයේ ඉතාම සංවේදී සත්ව විශේෂ රාශියක් ජීවත් වෙනවා. උන් දැක ගන්න නම් අපි ඉතාම නිහඬව ගමන් කිරීම ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම එම සතුන්ගෙ ජීවන රටාවට අවහිර නොකිරීමත් අපේ වගකීමක් බව මතකයේ තබා ගත යුතුයි.

පසුගිය සතියේදී අපි කන්නෙලියෙදි දැක ගත හැකි ශාක විශේෂ පිළිබඳව කතා කළා. කන්නෙලියේදී දැක ගත හැකි සුවිශේෂී සත්ව විශේෂ පිළිබඳවයි දැන් අපි කතා කරන්න හදන්නේ.

අපි සිංහරාජයේදී කතා කළ ශ්‍රී ලංකාවට ආවේණික සත්වයෙකුවන කළු වඳුරා මෙහිදීත් දැක ගන්න පුළුවන්. ඒ වගේම වඳ වී යාමේ දැඩි තර්ජනයට මුහුණ පා සිටින මී මින්නා, කැහි බෙල්ලා වැනි සත්ව විශේෂත් කන්නෙලියේ ජීවත් වෙනවා. ඒ වගේම ගැට හුඹ කටුස්සා හෙවත් කරමල් බෝදිලිමාත් මෙහිදී දැක ගත හැකි විශේෂ සත්වයෙක්. වර්ණ සංයෝගය අතින් ඉතාම ඉහළ කරමල් බෝදිලිමා දැක ගැනීම කන්නෙලියේ සංචාරය කරන සංචාරකයෙකුගේ ප්‍රධාන ඉලක්කයක් ලෙස හඳුන්වන්න පුළුවන්. පරිසරයට අනුකූලව තම පාට වෙනස් කරන පිනුම් කටුස්සාත් මෙහිදී දැක ගන්න පුළුවන්.

පක්ෂි විශේෂ ගැන කතා කළොත් දුර්ලභ ඒක දේශික පක්ෂියෙකු වන බට ඇටිලා මෙහිදී දැක ගන්න පුළුවන්. සිංහරාජයට අමතරව මේ දුර්ලභ පක්ෂියා දැක ගත හැකි එකම ස්ථානය වෙන්නේ කන්නෙලිය පමණක් වීමත් විශේෂ කාරණයක්. ඊට අමතරව වලි කුකුලා, මැඩි මුහුණු බස්සා, හබන් කුකුළා සහ පුල්ලි වල් අවිච්චියා වැනි දුර්ලභ සත්ව විශේෂ රාශියක් කන්නෙලියේ සැරිසරනවා. මෙහිදී දැක ගත හැකි විශේෂම උරග විශේෂය ලෙස පලා පොලඟා හඳුන්වන්න පුළුවන්. විචිත්‍රවත් වර්ණ රටාවලින් යුතු පලා පොලඟා කලක් උග්‍ර විෂ සහිත සත්වයෙකු ලෙස සැලකුණත් දැන් එම ලැයිස්තුවෙන් ඒ නම ඉවත් කර ඇති බවත් මෙහිදී සඳහන් කළ යුතුයි. ඒ වගේම දුර්ලභ මකුළු සහ මැඩි විශේෂ රාශියකුත් කන්නෙලියේදී දැක ගන්න පුළුවන්.

විවිධ වර්ණ රටා සහ හැඩතලවලින් යුතු හතු විශේෂ කන්නෙලියේ වටිනාකම වැඩි කරන තවත් එක් සාධකයක්. ශ්‍රී ලංකාවේදී මෙවැනි හතු විශේෂ දැක ගත හැකි වන්නේ සිංහරාජයේදී සහ කන්නෙලියේදී පමණයි. එක් එක් කාලයට පරිසරයට අනුකූල වන පරිදි පැහැය වෙනස් කිරීම හේතුවෙන් මේ හතු වනාන්තරයට එකතු කරන සුන්දරත්වය ඉතාම ඉහළයි. සදාහරිත වැසි වනාන්තරයක් වන හෝර්ටන්තැන්නේදී පවා මෙවැනි හතු විශේෂ දැක ගත නොහැකි වීමත් විශේෂ කාරණයක්. මේ සියල්ලට අමතරව ලංකාවේ ආවේණික මත්ස්‍ය විශේෂ සෑහෙන ප්‍රමාණයක් කන්නෙලියට අයත් දිය දහරා ආශ්‍රිතව ජීවත් වෙනවා. එමෙන්ම පාද 1000කට ආසන්නව පිහිටා ඇති හකරැල් විශේෂ කන්නෙලියේ වටිනාකම තවත් වැඩි කරනවා.

පසුගිය සතියේදී පැවසූ ආකාරයෙන් සිංහරාජයට පසුව ඉතාම කුඩා ඉඩ කඩක් තුළ වැඩිම ජෛව විවිධත්වයක් ඇති වනාන්තරය ලෙස කන්නෙලියේ සැලකෙන්නේ මේ කරුණු කාරණා නිසයි.

කන්නෙලිය, දෙදියගල සහ නාකියාදෙණිය එක්ව සෑදුණු වනාන්තර පද්ධතිය තුළ දිය ඇලි දෙකක් දැක ගන්න පුළුවන්. ඒ තැනි කිත්ත සහ උඩුගම හෝම දාළ ගලි බැඳි දොල.

මේ සියල්ල හොඳින් අත් විඳීමට නම් ඔබ කන්නෙලියේ සංචාරය කළ යුතුමයි. ඒත් මේ සුවිශේෂී කලාපය අනාගත පරපුර වෙනුවෙන් රැක ගැනීම අපේ යුතුකම වන බව ඒ සංචාරය පුරාම සිහියේ තබා ගත යුතුයි.

සමන් හල්ලොලුව

SendShareShare
Previous Post

බටහිර පර්යන්තයෙන් 85%ක් ඉන්දියාවේ අදානිට: අධිකාරියට 15%යි: කැබිනට් පත්‍රිකාව සම්මතයි

Next Post

රන්ජන් අවුරුදු 4ක සිර දඬුවම අහෝසි කරන ලෙස ඉල්ලයි

MORE NEWS

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Uncategorized

හෝමාගම කර්මාන්ත ශාලාවේ ගින්නෙන් 5ක් මරුට! හිරවී සිටින අය සොයා තවදුරටත් මෙහෙයුම්! I Sri Lanka Latest News

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News
Uncategorized

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.