• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නාමල් හරි මල්ලි… (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

January 30, 2021
in Exclusive
Reading Time: 6 mins read
A A
නාමල් හරි මල්ලි… (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)
Share on WhatsAppShare on Facebook

ගෝඨාභය ඇමෙරිකාවේ පදිංචියට යෑමෙන් පසුව පළමුවරට ලංකාවට පැමිණියේ 2005 අවුරුද්දේදීය. ඒ ආවේ මහින්දගේ ජනාධිපතිවරණ කැම්පේන් එකට උදව් කරන්නටය. ඒ එද්දි ගෝඨාභය ප්ලෑන් කරගෙන ආවේ මහින්ද ජනාධිපතිවරණයෙන් දින්නායින් පසු ඊළඟ ගුවන් යානයෙන් යළි ඇමෙරිකාවට යන්නටය. නමුත් මහින්දගේ ඔළුවේ ඊට වඩා වෙනස් ප්ලෑන් එකක් වැඩ කළේය. ඒ යුද්ධය ඉවර කිරීම ගැනය. ඒ නිසා මහින්ද ජනාධිපතිවරණය දිනුවාට පසු ගෝඨාභයට කීවේ ආරක්‍ෂක ලේකම්කම භාරගන්න කියාය.

‘ඔයා හමුදාවේ හිටපු කෙනෙක්. මේ යුද්ධය ගැන ප්‍රභාකරන් ගැන ඔයා හොඳට දන්නවා. ඒ නිසා ඔයා ආරක්‍ෂක ලේකම් ධුරය බාර අරගෙන මට යුද්ධය ඉවර කරලා දෙන්න…’

මහින්ද එදා ගෝඨාභයට කීවේ එහෙමය.

මහින්දගේ ඉල්ලීමට අනුව ගෝඨා ඇමෙරිකා යන ගමන නවතා ආරක්‍ෂක ලේකම් ධුරය බාර අරගෙන යුද්ධය ඉවර කරන වැඩේට අත තිබ්බේය.

‘ඔන්න රාජපක්‍ෂ පවුල් බාලයා අපේ ආරක්‍ෂක අමාත්‍යාංශයට ඇවිල්ලා අපි ඡන්දෙ කාලෙදි කිව්වා මහින්ද දින්නොත් මේක රාජපක්‍ෂලාගේ ආණ්ඩුවක් වේවි කියලා…’

මහින්ද ගෝඨාට ආරක්‍ෂක ලේකම් කම දෙද්දී විපක්‍ෂය එදා චෝදනා කළේ ඒ විදියටය.

හැබැයි විපක්‍ෂය මෙහෙම චෝදනා කළත් එදා 2005දී මහින්ද ගත් තීන්දුව හරි කියලා ඔප්පු වුණේ ඊට අවුරුදු 15කට පසු 2020 ජනාධිපතිවරණයේදීය. මොකද 2020 ජනාධිපතිවරණයට රාජපක්‍ෂ පවුලේ විතරක් නෙවෙයි රාජපක්‍ෂ පවුලෙන් පිටතත් ඉන්න ජනප්‍රිය කිහිප දෙනකුගේ නම් කියැවුණත් ජනතාව ඉල්ලුවේ වෙන කවුරුවත් නොව ගෝඨාභයයි. වෙනකක් තියා මහින්ද වටේ සිටි අය පවා මහින්දගෙන් ඉල්ලුවේ ගෝඨාභය දැම්මොත් විතරක් ජනාධිපතිවරණය දිනන්න පුළුවන් කියාය. එහෙම නැති වුණොත් නියත වශයෙන්ම එක්සත් ජාතික පක්‍ෂ අපේක්‍ෂකයා ජනාධිපතිවරණය දිනනු ඇති බවට ඔවුහු මහින්දට බලපෑම් කළහ. මහින්ද ගෝඨාභයට කැමැත්ත දෙන්න මේ විදියෙන් ආ යෝජනත් විශාල බලපෑමක් කළේය.

හැබැයි මිනිස්සු මේ විදියට එදා හෙමිහිටි එළියට අරන් එද්දි පවුල්වාදය ගැන කියමින් විපක්‍ෂය මඩගැහුවා වගේම අද නාමල් ඉලක්ක කරගෙන පවුල්වාදය ගැන කියමින් සමාජ මාධ්‍ය ජාලවල විශාල මඩ කැම්පේන් එකක් යන ආකාරයක් දැකගන්නට තිබේ. ඒ ජෙරොම් ජයරත්න එළැඹෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස තාවකාලිකව පත්කිරීම මුල්කරගෙනය.

ජෙරොම් යනු රෝහිත රාජපක්‍ෂ විවාහ වී සිටින ටට්යානාගේ පියාය. හැබැයි ජෙරොම් අද ඉන්න තැනට ආවේ ඒ නෑකමේ පිහිටෙන් නොව කාලයක් පුරා ක්‍රිකට් ක්‍රීඩාවේ සිටිමින් විවිධ තනතුරු දරමින් ක්‍රීඩාව තුළ දස්කම් දැක්වීම නිසාය. ජෙරොම් ක්‍රිකට් ගහපු කෙනෙකි. ඒ නිසා ක්‍රිකට් ගැන ජෙරොම්ට අමුතුවෙන් කියා දෙන්නට දෙයක් නැත. ඒ විතරක් නොව ජෙරොම් පසුගිය කාලවලදී ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික පුහුණුකරුවා ලෙසද කටයුතු කළේය. ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකවරයා ලෙසද වැඩ කළේය. අදටත් ක්‍රිකට් මෙහෙයුම් ප්‍රධානී තනතුර දරන්නේ ජෙරොම්ය.

හැබැයි ජෙරොම්ට මුලින්ම තනතුරු ලැබුණේ රාජපක්‍ෂ ආණ්ඩුවෙන් නම් නොවේ. ජෙරොම් ක්‍රිකට් පරිපාලනයට මුලින්ම සම්බන්ධ වුණේ යූ.ඇන්.පී. ආණ්ඩු කාලයේය. වරක් ජෙරොම් ඒ කාලයේදී ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ප්‍රධාන විධායක නිධාරියා ලෙසද කටයුතු කළේය. ඒ කාලයේදී ජෙරොම්ට රාජපක්‍ෂ පවුල සමඟ කිසිම සබඳතාවක් තිබුණේ නැත.

ඒ නිසා රාජපක්‍ෂ පවුලත් එක්ක තියෙන සබඳකම මත ජෙරොම්ට නාමල් තනතුරු දුන්නා කියා නාමල්ට සමාජ මාධ්‍ය ජාලවල මඩ ගහන එක අසාධාරණයය. සමහරවිට එදා යුද්ධය දිගින් දිගටම පරදිද්දී මහින්ද ගෝඨාභය ආරක්‍ෂක ලේකම් කර යුද්ධයට ජයග්‍රාහී ආරම්භයක් ගත්තා සේ නාමල්ද ජෙරොම්ව ක්‍රිකට් කළමනාකරු කර දිගින්දිගටම පරාද වන ක්‍රිකට්වලට ජයග්‍රාහී ආරම්භයක් ගත්තා දැයි කියන්න දන්නේ නැත.

ක්‍රිකට්වල පාලකයන් පවුලේ අය දාගන්නවා කියන චෝදනාව අද ඊයේ ආ එකක් නොවේ. චන්ද්‍රිකාගේ කාලයේ සිටම මේ චෝදනාව එල්ල විය. එදා චන්ද්‍රිකා ජනාධිපති වීමෙන් පසු පැවැති මුල්ම ක්‍රිකට් සභාපති නිලවරණයට ඒකපාර්ශ්වීය තිලංග සුමතිපාල ඉදිරිපත් වෙද්දී චන්ද්‍රිකා අනෙක් පාර්ශ්වයෙන් ඉදිරිපත් කළේ තමන්ගේ මාමා කෙනකු වන ක්ලිෆර්ඩ් රත්වත්තේය. ක්ලිෆර්ඩ් යනු සිරිමාවෝගේ සහෝදරයාය.

අන්තිමේදී මාමාද පරදින බව දැනගත් නිලවරණය පැවැත්වෙන තැනට ජනාධිපති ආරක්‍ෂක අංශයේ නිලධාරීන් යැවීමට කටයුතු කළාය. එසේ ගිය ජනාධිපති ආරක්‍ෂක අංශයේ නිලධාරීහු නිලවරණය පැවැත්වෙද්දී මහා කලබලයක් ඇති කිරීමට පියවර ගත්හ. ඒ කරලත් මාමාව දිනවන්නට චන්ද්‍රිකාට නොහැකි විය. නිලවරණයෙන් දින්නේ තිලංගය. චන්ද්‍රිකාගේ බලයෙන් රත්වත්තේ එදා දින්නා නම් ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති වෙන්නේ චන්ද්‍රිකාගේ මාමාය.
අනෙක රාජපක්‍ෂවරුන් ආණ්ඩුව ඇතුලේ පවුල් ගස් හදනවා කියලා විපක්‍ෂයේ අය කොච්චර මඩ ගැහුවත් මේ රටේ ජනතාව පහුගිය මැතිවරණ දෙකේදීම රාජපක්‍ෂවරුන්ව ඉහළින්ම ඔසවා තැබීමට කටයුතු කළහ.

ජනාධිපතිවරණයේදී ගෝඨාභය දින්නේ ලක්‍ෂ 69ක ජනවරමක් ලබාය.

මහ ඡන්දයේදී මහින්ද දිනුවේ තුනෙන් දෙකක විශේෂ බලයක් අරගෙනය. කුරුණෑගල ජනතාව ලක්‍ෂ 5 ඉක්මවන ඡන්ද ප්‍රමාණයක් ලබාදී වාර්තාගත විදියට මහින්දව දිනෙව්වේය.

නාමල් හම්බන්තොටින් ඉදිරිපත් වෙද්දී පළමුවැනියට අරන් ආවේය.

බැසිල් ගම්පහින් එනකොට වාර්තාගත මනාප ප්‍රමාණයක් ලබාදී ඉහළින්ම දිනෙව්වේය.

චමල්ව හම්බන්තොටින් දිනෙව්වේය.

චමල්ගේ පුත් ශෂීන්ද්‍ර මොනරාගලින් එකට අරන් ආවේය.

අලුතින්ම මාතරින් ඉල්ලපු නිපුණ අංක එකට දිනෙව්වේය. ඒ පක්‍ෂය ඇතුළෙන්ම තිබුණට ආ කැපිළි, කෙටිලි සතපහකට මායිම් නොකරමින්ය.

මේකෙන් පස්සේ වෙන මොකක්වත් නොව විපක්‍ෂය කොච්චර මඩ ගැහුවත් රාජපක්‍ෂලා ගැන මේ රටේ ජනතාව විශාල විශ්වාසයක් තියාගෙන ඉන්නවා කියන එකයි. ‘රාජපක්‍ෂලාගේ ඥාතීන් තනතුරුවලට දානවා’ කියමින් විපක්‍ෂය අද නඟන මඩ වැඩ කරන්නේ නැත්තේ ඒකය.

ඒ වගේම මේ මඩ නොවදින එකෙන් තවත් එකක් පැහැදිලිය.

ඒ හරියට වැඩක් කරන්න නම් රාජපක්‍ෂ කෙනෙක් එතැන මූලිකත්වය ගන්න ඕනෑ කියන එකය.

එහෙම රාජපක්‍ෂලා කෙනෙක් මුල්තැන ගද්දි විපක්‍ෂය වටකරගෙන ගහන්නේ වැඩ කරලා පෙන්නයි කියන බයටය.

විමලසිරි ජයලත්

SendShareShare
Previous Post

සජිත් හදන්නේ ඩී.එස්.-ඩඩ්ලිගේ UNPයද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Next Post

සුද්දා රෝහල් ගැන අහලවත් නැති කාලෙ සේන රජ්ජුරුවො මිහින්තලේ හදපු සුපිරි රෝහල

MORE NEWS

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

Load More
අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් සම්බන්ධයෙන් සිරස නාළිකාවේ පුද්ගලයකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නවීන් දිසානායක මහතා සිරසට දුන්...

Read more
හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.