කොවිඩ් ආසාදිතයකු වන සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි ඊයේ (28 වැනිදා) රාත්‍රියේ අයි.ඩී.එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව මාධ්‍ය වාර්තා කොට ඇත.
ඇය ඊයේ රාත්‍රියේ අයි.ඩී.එච්. රෝහලට මාරු කළේ රත්මලාන ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.
කොවිඩ් ආසාදිතයකු ලෙස හඳුනා ගැනීමෙන් පසු ඇය හික්කඩුව ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබමින් සිටි අතර පසුව ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලට ඇතුළත් කරනු ලැබුවේ ඊයේ (28වැනිදා) පෙරවරුවේය.
අනතුරුව ඇය මෙසේ අයි.ඩී.එච් රෝහලට මාරු කර යවා ඇත.











