අද (28) දිනයේදී තවත් කොවිඩ්-19 ආසාදිතයින් 852ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.
ඒ අනුව, මෙරටදී හඳුනාගත් සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 61,586ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අද (28) කොවිඩ් මරණ 7ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
ඒ අනුව, මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 297කි.










