එළැඹෙන සිකුරාදා (29 වැනිදා) සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යෑමට වරාය නැගෙනහිර පර්යන්තය සුරැකීමේ ජාතික සභාව තීරණය කර ඇත.
ඊයේ (26 වැනිදා) එම සභාව රැස් වූ අවස්ථාවේ දී ඔවුන් මෙම එකඟතාවට පැමිණ තිබේ.
වරාය වෘත්තීය සමිති කියා සිටින්නේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය කිසිසේත්ම ඉන්දියාවේ අදානි සමාගමට ලබා නොදිය යුතු බවකි.
නමුත් ආණ්ඩුවේ පාර්ශ්වයන් කියන්නේ කවුරු විරුද්ධ වුවත් නැගෙනහිර ජැටිය අදානි සමාගමට ලබා දෙන බවකි.










