විදෙස් රටවල් කිහිපයක පැතිර යන වේගවත් ව්‍යාප්තියක් සහිත නව කොරෝනා වෛරස් ප්‍රභේදයක දිගුවක් ශ්‍රී ලංකාව තුළින් ද හඳුනාගත් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර පවසයි.
නිරෝධායන මධ්‍යස්ථානයකින් ලද වෛරස් සාම්පල් දෙකක් මගින් මෙම නව වෛරස් කාණ්ඩය හඳුනා ගත් බවත්, එම පුද්ගලයා විදේශගතව සිට මෙරටට පැමිණි අයෙකු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
එය ශ්‍රී ලංකාව තුළ මීට පෙර හඳුනාගත් වෛරස් ප්‍රභේදයට වඩා වෙනස් වන බවත් ස්වීඩනය, ජර්මනිය, ඩෙන්මාර්කය, අයිස්ලන්තය යන රටවල ව්‍යාප්ත වූ වෛරසයට සමාන ලක්ෂණ ඇති බවයි ඔහු ප්‍රකාශ කර සිටී.
මෙම වෛරසය සීඝ්‍රයෙන් ව්‍යාප්තවීමේ හැකියාව වැඩි බවත්, මෙය මේ දිනවල බහුලවට කතාබහට ලක්වන එංගලන්ත හා දකුණු අප්‍රිකාවවල ව්‍යාප්ත වූ ප්‍රභේදයට වඩා වෙනස් බවත් වෛද්‍ය ආචාර්ය චන්දිම ජිවන්දර වැඩිදුරටත් කියා සිටියේය.










