• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බිරින්දෑවරු සටනේ: දොස්තරවරියක් කරළියේ: ලංකාව මැච් පරදියි: ක්‍රිකට්වලට අබසරණයි!!!

January 26, 2021
in Exclusive
Reading Time: 8 mins read
A A
බිරින්දෑවරු සටනේ: දොස්තරවරියක් කරළියේ: ලංකාව මැච් පරදියි: ක්‍රිකට්වලට අබසරණයි!!!
Share on WhatsAppShare on Facebook

දශක කිහිපයක් පුරාවට තම ජීවිතය මෙන් ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කළ බොහෝ දෙනකු දැන් එයින් ඈත් වෙමින් ඇත. ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ දිනෙන් දිනම දක්නට ලැබන කඩා වැටීමය. කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට හිමිව තිබූ ජාත්‍යන්තර ක්‍රිකට් තරග විරාමය පසුගිය දකුණු අප්‍රිකා සංචාරයෙන් අවසන් විය. නමුත් එම තරගාවලියේ සිටම නැවතත් වරක් ශ්‍රී ලංකා කණ්ඩායම අවතීර්ණ වී ඇත්තේ සුපුරුදු පරාජයේ මාවතටය.

ඕනෑම තරගයක ජයග්‍රාහකයෙකු මෙන්ම පරාජිතයෙකුද සිටිය යුතුමය. එය ක්‍රීඩාවේ ස්වභාවයය. නමුත් මෙරට ප්‍රේක්ෂකයන්ට ක්‍රිකට් ක්‍රීඩාව දිනෙන් දිනම එපා වීමට බලපා ඇත්තේ මේ පරාජයන්ම පමණක් නොවේ. ඊට බලපා ඇති තවත් කරුණු කාරණා බොහෝය. ඒ අතරින් ප්‍රධාන වන්නේ ක්‍රීඩකයන්ගේ විනය පිරිහීමය. ඒ සම්බන්ධ උදාහරණ රාශියක් පසුගිය කාලය පුරාම දැක ගත හැකි විය.

සාමාන්‍යයෙන් කණ්ඩායමක් තුළ පවතින අභ්‍යන්තර ගැටුම් ප්‍රසිද්ධියට පත් වීම සුදුසු දෙයක් නොවේ. එය ඕනෑම කණ්ඩායමකට අදාළය. මීට පෙරද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තුළද විවිධ අභ්‍යන්තර මත ගැටුම් පවතින බවට දූෂමාන්‍ය ආරංචි පැතිර ගිය නමුත් ඒ කිසිවක් නිල වශයෙන් තහවුරු වූයේ නැත. එම ආරංචිවල නම් සඳහන් වූ ක්‍රීඩකයන් කිසිවෙකු ඒවාට පිළිතුරු දුන්නේද නැත. එම ආරංචිවල කිසිම සත්‍යතාවයක් නොමැති බව හැඟී යන ආකාරයෙන් ඔවුන් පිටිය තුළදී කටයුතු කරන ආකාරයද දැක ගත හැකි විය. එබැවින් එම ආරංචි ගැන වැඩිදුර සොයා බැලීමට කිසිවකුට අවශ්‍ය වූයේද නැත.

නමුත් වර්තමානයේදී තත්ත්වය ඊට ඉඳුරාම වෙනස් වී ඇත. සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියේ එකිනෙකා විවේචනය කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පෙළේ ක්‍රීඩකයන් කටයුතු කරමින් ඇත්තේ සමස්ත ක්‍රීඩාවේම ගෞරවය විනාශ කරමිනි. මෙවැනි ආකාරයේ සිදුවීම් කිහිපයක්ම මෑත ඉතිහාසය තුළදී දැක ගත හැකි වූ අතර එහි ආසන්තම සිදු වීම වාර්තා වූයේ පසුගිය සතියේදීය. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ෂෙහාන් ජයසූරිය සඟරාවකට දුන් සාකච්ඡාවකට පිළිතුරු දීමට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නායකත්වය පවා දරා ඇති තිසර පෙරේරා කටයුතු කිරීමත් සමඟිනි.

පසුගියදා පැවැති එල්. පී. එල්. තරගාවලියද නියෝජනය කළ ෂෙහාන් ජයසූරිය අනතුරුව ඇමෙරිකාවේ පදිංචියට ගිය අතර ඉදිරියේදී ජාතික කණ්ඩායමේ තෝරා ගැනීම් සඳහා තමන්ව නොසලකා හරින ලෙස ඔහු පිටත්ව යාමට පෙර ජාතික තේරීම් කමිටුවෙන් ඉල්ලීමක්ද කර තිබිණි.

ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් එක්දින තරග 12කට සහ වි/20 ජාත්‍යන්තර තරග 18කට සහභාගි වී ඇති ෂෙහාන් එම සාකච්ඡාවේදී පවසා ඇත්තේ තමාගේ ඉදිරි අරමුණ ඇමෙරිකානු ජාතික කණ්ඩායම නියෝජනය කිරීම බවය. තමන්ට ශ්‍රී ලංකාවේදී ලැබිය යුතු අවස්ථාව නොලැබුණු බවද සඳහන් කර ඇති ෂෙහාන් වැඩිදුරටත් පවසා ඇත්තේ මුල් පෙළ පිතිකරුවෙකු වූ තමන්ට අංක 07 ස්ථානයේ ක්‍රීඩා කිරීමට සිදු වීම දක්ෂතා අතරට පැමිණීමට බාධාවක් වූ බවය. ඒ සම්බන්ධයෙන් තේරීම් කමිටු සභාපතිවරුන් වගකිව යුතු බවද ෂෙහාන් සඳහන් කර ඇත. කෙසේ නමුත් එම සාකච්ඡාවේදී තිසර පෙරේරා සහ ඔහුගේ බිරිඳ පිළිබඳවද අදහස් දක්වා ඇති ෂෙහාන් පවසා ඇත්තේ තමන්ට ශ්‍රී ලංකාව එපා වීමට ඔවුන්ද බලපෑ බවය.

“ලංකාවේ ක්‍රිකට් එපාවෙන්න මොනවද අනිත් කාරණා?
කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් සහ ඔහුගේ බිරියත් තව හේතුවක් වුණා. කෙළින්ම කියන්නම් ඒ තිසර පෙරේරයි, එයාගෙ බිරිඳයි.
මොකක්ද ඒ කතාව?
වතාවක් කණ්ඩායම එක්ක ඩුබායි ගිය වෙලාවක මමයි, දසුන් ශානකයි, කසුන් රාජිතයි ආහාර ගනිමින් හිටපු මේසයට ඒ ක්‍රීඩකයාගේ බිරිඳ ඇවිත් මාත් එක්ක කතා කරන්න එපා කියලා එයාලට කිව්වා. මට සෑහෙන්න ප්‍රශ්න ඇති කළා. මාවයි ඇන්ජලෝ මැතිව්ස්වයි කොටවන්න බැලුවා. ඔය දේවල් දිගින් දිගටම සිද්ධ වුණා.
එතකොට ඔය කියන ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයා මොනවද කළේ?
ඔහුත් බිරිඳගේ පැත්ත තමයි ගන්න ඇත්තේ. එල්.පී.එල්. ආපු වෙලාවේ ඔහු මට ප්‍රශ්න ඇති කළා. එල්.පී.එල්. එක ක්‍රීඩකයන්ගේ බිරින්දෑවරුන්ට තහනම් කරලයි තිබුණේ. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ ඉන්න ක්‍රීඩකයන්ගේ බිරින්දෑවරුන්ට එන්න බෑ කියලයි තිබුණේ. නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයන්ගේ බිරින්දෑවරුන්ට එන්න බෑ කියලා තිබුණේ නෑ. විදේශ ගුවන්ගමන් බලපත් තියෙන අයට පුළුවන් කිව්වා. මගේ බිරියට ඇමෙරිකානු ගුවන්ගමන් බලපත්‍රයක් තියෙන්නේ. ඉතින් ඒ නිසා මම බිරිය එක්කරගෙන ආවා. ඒක අදාළ ක්‍රීඩකයා පැමිණිලි කළා. නමුත් ප්‍රශ්නයක් වුණේ නෑ. ඒත් ඒ ක්‍රීඩකයා නිතරම මගේ බිරිය ගැන අවධානයෙන් හිටියේ. එයා හදිසියේවත් එළියට ගියොත් මාවත් යවනවා කියන තැන තමයි ඒ ක්‍රීඩකයා හිටියේ. එයා අපේ කණ්ඩායමේ වෛද්‍යවරියකට කතා කරලා ඒ මාර්ගයෙන් අපි දෙන්නට සෑහෙන්න ප්‍රශ්න ඇති කළා.
ඇයි මේ ක්‍රීඩකයයි එයාගේ බිරියයි ඔබ පසුපස එළව එළවා පළිගත්තේ?
ඒක මම අදටත් දන්නෙ නෑ.”

අදාළ සඟරාව සමඟ පැවැති සාකච්ඡාවේදී ෂෙහාන් ජයසූරිය අදහස් දක්වා තිබණේ එසේය. එම සාකච්ඡාව වෙබ් අඩවි ඔස්සේ ප්‍රචාරය වූ සැණින්ම ඊට පිළිතුරු දීමට තිසර පෙරේරා කටයුතු කර තිබිණි. ඒ තම ෆේස්බුක් ගිණුම හරහාය.

“මාගේ සහෝදර ක්‍රීඩකයෙක් මා පිළිබඳව සඟරාවකට කර ඇති ප්‍රකාශයක් හේතුවෙන් මා පිළිබඳ වැරැදි වැටහීමක් ඇතිවිය හැකි බව පෙනීයන නිසා ඒ කාරණය පිළිබඳව සත්‍ය තත්ත්වය පැහැදිලි කිරීම සුදුසු බවට මා තීරණයට කළා.
ඔහු සඳහන් කළ කාරණය තරගාවලියක් අතරතුර සිදූවූ කාරණයක් නිසා එවැනි දේ පිළිබඳව ජනමාධ්‍ය ඉදිරියේ කතා කිරීම පිළිගත් සම්ප්‍රදාය නොවුණත් මාගේ සහෝදර ක්‍රීඩකයා සම්පූර්ණ වැරදි ප්‍රකාශයක් සිදුකිරීමෙන් පසුව ඒ පිළිබඳව සත්‍ය ප්‍රකාශ කිරීම හැර මට කිසිදු විකල්පයක් නොමැත.
2017 ඩුබායිහීදී මා නායකත්වය දැරූ සංචාරයකදී මාගේ සහෝදර ක්‍රීඩකයා යම් කාන්තාවක් (අද ඔහුගේ දෙවැනි බිරිය) සංචාරයට රැගෙන විත් ඇයව ඔහුගේ කාමරයේ තියාගැනීමට එවකට සිටි කළමනාකරුගෙන් අවසර ඉල්ලා තිබිණි.
එවිටත් ඔහු විවාහක එක්දරු පියෙක් බැවින් කණ්ඩායම් නායකයා ලෙස මම ඒ යෝජනාව තරයේ ප්‍රතික්ෂේප කළෙමි. එයට හේතුව කණ්ඩායමක් තුළ ආරක්ෂා කළ යුතු විනයයි. කණ්ඩායම සමඟ සංචාරයක යෙදී සිටියදී විනයගරුකව හා ගෞරවනීය ලෙස හැසිරීමට අප සැම බැඳී සිටී. මා එදා එයට එකඟ වූවේ නම් අද මා ඔවුන් දෙදෙනාගේ වීරයා වන්නට ඉඩ තිබිණි. නමුත් විවාහකයකුට දැන දැනම වෙනත් කාන්තාවක් තම හෝටල් කාමරය තුළ තබා ගැනීමට ඉඩ දීම ජෙෂ්ඨ ක්‍රීඩකයෙක් ලෙස මා විසින් නවකයින්ට ලබා දෙන වැරැදි ආදර්ශයක් මෙන්ම දැඩි විනය විරෝධී ක්‍රියාවකි. මේ කතාවේ සත්‍ය මෙපමණයි.

කිසිවෙකු සමඟ පෞද්ගලික තරහක් මා හට කිසිසේත්ම නැත. විනය යනු කණ්ඩායමක් තුළ තිබිය යුතුම දෙයකි. වගකිව යුතු ක්‍රීඩකයෙකු ලෙස විනය රැකීම ඉතා වැදගත් මෙන්ම එය ඕනෑම කණ්ඩායමකට හෝ ක්‍රීඩකයෙක්ට සාර්ථකත්වය කරා යෑම පහසු කරයි.
හැමදේම දක්ෂතාව මත පමණක්ම තීරණය නොවේ. මා එදා ඉටු කළේ මාගේ යුතුකම හා වගකීමයි. අපගේ ජ්‍යෙෂ්ඨයින්ගෙන් අප ආදර්ශයට ගත් දේ වගේම බිරිඳ, දරුවන් හැර වෙනත් පිටස්තරයින් සංචාරයක් තුළ හෝටල් කාමරයේ තියාගැනීමද අපගේ නීති සහ රෙගුලාසිවලට මෙන්ම සදාචාරයටද පටහැනිය.

ඒ වගේම කිසිම පිටස්තරයෙකුට පමණක් නොව පවුලේ සාමජිකයෙකුට වුවද ක්‍රීඩා විවේකාගාරයට ඇතුල්වීමට කිසිම අවසරක් නැත. එය වෙන්වන්නේ ක්‍රීඩකයින්ට හා කණ්ඩායමේ කළමනාකාරිත්වයට පමණයි. අප හැම දන්නා හා ගරුකරන නීතිය එයයි. මේ තීරණ මා හා කණ්ඩායම් කළමනාකාරිත්වය එක්ව ගත් තීරණ මිසක කිසිසේත්ම මාගේ බිරිඳ විසින් ගත් තීරණ නොවේ. ඔහු විසින් නම් කර ඇති ක්‍රීඩකයින් ගෙන් මාගේ බිරිඳ එවැන්නක් ඔවුන් හට පැවසුවාද නැද්ද යන්න දැන ගන්න පුළුවන්. හොඳම පිළිතුර ඇත්තේ ඒ ක්‍රීඩකයින් ළඟයි. ක්‍රීඩාව හා පෞද්ගලිකත්වය මිශ්‍ර කර නොගන්නේ නම් කිසි දින අනවබෝධයක් ඇති නොවනු ඇත. එසේම පුද්ගලික කාරණාවක් පිළිබඳව අදහස් ප්‍රකාශ කිරීමට අකමැත්තෙන් පෙලඹීමට සිදුවීම ගැන මා සමාව ඉල්ලා සිටිමි.
මොහු පවසන පරිදි, මාගේ මේ සහෝදර ක්‍රීඩකයා අප නිසා රට හැර ගියේ නම් එය බලවත් කනගාටුවට කරුණකි. නමුත් එය කිසිසේත් එලෙස සිදු නොවූවකි. කෙසේ වෙතත් මා ඔහුට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමි.”

ඒ තිසරගේ සටහනය.

අනතුරුව ඊට පිළිතුරු දීමට නැවත වරක් ෂෙහාන් කටයුතු කර තිබිණි. ඒද තම ෆේස්බුක් ගිණුම හරහාය.

“තිසර පෙරේරා කියන එක්කෙනා මම ටුවර් යද්දි නම් කැප්ටන් වෙලා ඉඳලා නැහැ. මේ කියන ටුවර් එකේ කැප්ටන් කළේ ඇන්ජලෝ මැතිව්ස් අයියා. ඒක නිසා තමයි මාවයි ඇන්ජි අයියවයි කොටවන්න බැලුවේ. ඇන්ජි අයියා හොඳ නිසා හොඳයි. මට අද වෙනකම් සහෝදරයෙක් වගේ උදව් කරගෙන ඉන්නවා.
මෙයාට අමතකයි මේ කියන ටුවර් එකේ කැප්ටන් එයා නෙවෙයි කියලා. එතනින්ම ඔහු කියන බොරුව ඔබට තේරෙනවා ඇති. අවුරුද්දත් වැරැදි. 2017 නෙවෙයි. 2018. 2018 ඒසියා කප්. කමක් නැහැ ඉතිං කැප්ටන් කරන්න මෙයා හුඟක් ආස නිසා. මං ටීම් මැනේජර්ගෙන් ඇහුවලු රූම් එකට ගේන්න. හෙ හෙ. මේ ගොල්ලෝ තමයි ටීම් මැනේජර්ට බොරුවට ඉන්ෆෝර්ම් කළේ මගේ ගර්ල් මගේ රූම් එකේ ඉන්නවා කියලා. ඒ වගේ චීත්ත වැඩ තමයි මේ සීනියර් කියන එක්කෙනයි එයාගේ වයිෆුයි කළේ. ඊට පස්සේ මේ දෙන්නම මීඩියාවලට කියලා තිබුණා මගේ ගර්ල් මගේ රූම් එකේ හිටියා කියලා.
තවද මොහු සඳහන් කරලා තියෙනවා විනය තමයි අංක 1 කියලා. මමද එය පිළිගන්නවා. මම ක්‍රිකට් ගහපු අවුරුදු 5ට මට කිසිම විනය කඩ කිරීමේ වරදක් දැනුම් දී නොමැති බවත් මට මෙතැනදී කියන්න ඕනෑ.
මා මෙපමණ දුරක් පැමිණියේ මාගේ දක්ෂතාවයෙන් වන අතර නැතිව මම කාගෙවත් පස්සේ ගිහින් මිනිස්ටර්ලට කේක් ගිහින් දීලා නොවන බව කරුණාවෙන් දැනුම් දෙන්න ඕනෑ. සහෝදරයා කියලා කිහිප වතාවක් කියලා තිබුණා. මගේ මූණ බලලා හිනා වෙලාවත් කතා කරලවත් නැහැ මේ අවුරුදු පහටම. මම කියන දේ බොරු නම් අනෙක් ක්‍රීඩකයන්ගෙන් අහලා දැන ගන්න පුළුවන්. මං දේවල් කියන්නේ මිනිස්සු දැන ගන්න මිසක් වෙන කිසිම හේතුවකට නෙවෙයි.”

ඉංග්‍රීසි අකුරින් ෂෙහාන් පළ කර තිබූ සටහන එසේය.

ප්‍රධාන පෙළේ ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනකු මේ ආකාරයෙන් ප්‍රසිද්ධියේ එකි නෙකා විවේචනය කර ගනිද්දී, මෙරට ක්‍රිකට් ක්‍රීඩාව බැබළවූ එමෙන්ම අදටත් ප්‍රේක්ෂක ආදරය එලෙසම රඳවා ගෙන සිටින සුපිරි තරු දෙකක් ක්‍රීඩකයන්ගේ හැසිරීම විවේචනය කර තිබීම කැපී පෙනෙන කරුණක් විය. ඒ සනත් ජයසූරිය සහ කුමාර් සංගක්කාරය.

අන්තර්ජාලය හරහා ජාත්‍යන්තර මාධ්‍ය සමඟ සාකච්ඡාවකට එක් වූ සංගක්කාර පවසා තිබුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව දැඩි අගාධයකට ඇද වැටී ඇති බවය. ටෙස්ට් තරගාවලිය අතරතුර ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා විලාශය සම්බන්ධයෙන් තමන් පුදුම වන බවද සංගක්කාර පවසා තිබිණි. එහිදී ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා විලාශය සම්බන්ධයෙන් අදහස් දැක් වූ සංගක්කාර පවසා තිබුණේ ඔවුන් ක්‍රීඩා කළේ කිසිදු තාක්ෂණයක් යොදා නොගනිමින් වගකීම් විරහිත ආකාරයෙන් බවය.

ජාත්‍යන්තර මාධ්‍ය සමඟ අදහස් දැක්වූ සනත් ජයසූරියද විවේචනාත්මක ස්වරයෙන් ප්‍රකාශ කර තිබුණේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ විනය පිරිහීම ඉතා බරපතළ තත්ත්වයට පත් වී ඇති බවය. ශ්‍රී ලංකා එංගලන්ත පළමු ටෙස්ට් තරගය අතරතුර ශ්‍රී ලංකා ක්‍රීඩකයන් විවේකාගාරයේදී කාඩ් ගැසීමේ නිරත වීම පිළිබඳවද ජයසූරිය දැඩි විවේචනයක් එල්ල කර තිබිණි. ක්‍රීඩකයන් කිහිප දෙනකු එලෙස කාඩ් ක්‍රීඩා කරන ආකාරය සජීවී දර්ශන හරහා විකාශනය විය.

කොවිඩ් 19 වෛරසය පැමිණීමට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම පසු වුණේ ජාත්‍යන්තරයේ බොහෝ පරාජයන්ට මුහුණ දෙමිනි. කොවිඩ් තත්ත්වය හමුවේ ලැබූ මාස කිහිපයක විරාමයෙන් අනතුරුව නැවත ජාත්‍යන්තරයේ ක්‍රීඩා කිරීමේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ජයග්‍රාහී මාවතට අවතීර්ණ වනු ඇතැයි යන්න සැම දෙනාගේම බලාපොරොත්තුව විය. එහෙත් දකුණු අප්‍රිකාව හමුවේ 2-0ක් ලෙස පරාජය වූ ශ්‍රී ලංකාව එංගලන්තය සමඟ ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් තරගයේදීද දැවැන්ත පරාජයකට ලක් විය.

එම පරාජයන් මධ්‍යයේ මෙවැනි ආකාරයේ සිදුවීම් අසන්නට ලැබීමෙන් සිදු වන්නේ ජනතාව තුළ ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ පවතින ආදරය තව දුරටත් හීන වී යාමය. රටේ නම ජාත්‍යන්තරයේ ඉහළින් ඔසවා තැබූ ජයසූරිය, සංගක්කාර වැනි ක්‍රීඩකයන්ද කනගාටුවෙන් යුතුව අදහස් දක්වන්නේ එම තත්ත්වය තවත් බලා සිටීමට ඔවුන්ටද නොහැකි නිසා විය යුතුය.

මෙවැනි පසුබිමක ශ්‍රී ලංකා එංගලන්ත ටෙස්ට් තරගාවලිය අතරතුර ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයෙකු විනය විරෝධීව හැසිරුණේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍ය උණුසුම් වී ඇත. එලෙස සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වූයේ වර්තමානයේ දක්ෂතා අතර ඉදිරියේ සිටින ක්‍රීඩකයෙකු ශ්‍රී ලංකා කණ්ඩායමේ වෛද්‍යවරියක සමඟ විනය විරෝධී ආකාරයෙන් හැසිරී ඇති බවය. වෙනදා එක්වරම සමාජ මාධ්‍ය හරහා පැතිර යන මෙවැනි තොරතුරු විශ්වාස කිරීමට සාමාන්‍ය ජනතාව නොපෙලෙඹෙනු නමුත් විශේෂයෙන් ක්‍රිකට් ක්‍රීඩකයන් සම්බන්ධයෙන් පැතිර යන එවැනි ආරංචි එක්වරම විශ්වාස කරන තැනට දැන් ජනතාව පත් වී ඇත. එයට හේතු වී ඇත්තේ එවැනි පුවත් දැන් කෙමෙන් සාමාන්‍යකරණය වෙමින් තිබීමය. කෙසේ නමුත් මෙම සිදුවීම අදාළ ක්‍රීඩකයා සහ අදාළ වෛද්‍යවරිය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව ජාතික තේරීම් කමිටු සභාපති අසන්තද මෙල් මහතා පසුව මාධ්‍යයට පවසා තිබිණි.

ක්‍රීඩකයන් දිගින් දිගටම මේ ආකාරයෙන් හැසිරෙන්නේ ඔවුන්ගේ විනය පාලනය කිරීමට කිසිවකු නොමැති වීම නිසාදැයි යන පැනය දැන් ජනතාව අතරින් මතු වෙමින් ඇත. එකල ක්‍රීඩකයන්ගේ විනය පාලනය කිරීම බොහෝ විට සිදු කළේ කණ්ඩායම් නායකයා විසිනි. ඊට හොඳම උදාහරණය අර්ජුන රණතුංගය. රණතුංග කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන කාලයේදී අඩුම තරමේ තමන්ට කැමැති ආකාරයෙන් හිස කෙස් පවා සකස් කිරීමේ හැකියාවක් ක්‍රීඩකයන්ට නොතිබුණු බව රහසක් නොවීය.

ලොවම මවිත කරවමින් 96 ලෝක කුසලාන දිනා ගන්නට හැකි කණ්ඩායමක් අර්ජුන රණතුංග විසින් නිර්මාණය කළේ ඒ විනය හරහාය. එතරම් තදින්ම නැතත් සනත්, මාවන්, මහේල සහ සංගක්කාරද තම නායකත්වය යටතේ ක්‍රීඩකයන්ගේ විනය රැක ගැනීමට කටයුතු කරන ආකාරය දැක ගත හැකි විය. නමුත් දැන් එම තත්ත්වය පැහැදිලිවම වෙනස් වී ඇති බව දක්නට ඇත. කණ්ඩායම් නායකත්වය තියා කළමනාකරුවන් හෝ පුහුණුකරුවන්ද ක්‍රීඩකයන්ගේ විනය පිළිබඳ තැකීමක් කරන ආකාරයක් දක්නට නැත. හොර රහසේ සිදු වුණා යැයි කියන සිදුවීම් පමණක් නොව තරගය අතරතුර ක්‍රීඩකයන් ක්‍රීඩාගාරයේ කාඩ් ගසන ආකාරය සජීවීව ජාත්‍යන්තරයට විකාශනය වීමට ඉඩ කඩ සැලසී ඇත්තේ ඒ අනුවය.

ක්‍රීඩාව නැමැති සංකල්පය සමාජයට පැමිණ ඇත්තේ යහපත් විනය ගරුක පුද්ගලයෙකු සමාජයට බිහි කිරීමේ පරමාර්ථය පෙරදැරිවය. එලෙස බිහි වූ ක්‍රීඩාව එතැනින් එහා ගොස් බොහෝ දෙනකුගේ වෘත්තිය බවට පත් වී ඇති බවත් සැබෑවය. නමුත් එම වෘත්තිය සිදු කළ යුත්තේ එහි මූලික සිද්ධාන්තයන් රැක ගනිමින් බව සැම දෙනාම මතකයේ තබා ගත යුතුය. ප්‍රසිද්ධියේ එකිනෙකා විවේචනය කර ගැනීම ප්‍රසිද්ධියේ නිරුවත් වීම හා සමාන දෙයක් බව ක්‍රීඩකයන්ද තේරුම් ගන්නවා නම් වඩාත් හොඳය. ජයග්‍රහණයේදී පමණක් නොව පරාජයේදීද ක්‍රීඩකයන් සමඟින් එක්ව සිටීමට ක්‍රීඩාවට ආදරය කරන ප්‍රේක්ෂකයන් සූදානම්ය. නමුත් එම ආදරය රැක ගැනීමේ වගකීම ඇත්තේ ක්‍රීඩකයන් අතේය.

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

කොටුගොඩ හිමිට-ආනන්ද හිමිට සුබ පතන්න ජනපති පන්සලටම යයි

Next Post

ගෝඨාට එරෙහිව සජිත්: දෙන්නාම තැන තැන තියන් යන මොකද්ද මේ ජංගම සේවාව?

MORE NEWS

දරුවන් පාසලට දාගන්න ඉල්ලා ඉසුරුපායට ඇවිත් සත්‍යග්‍රහ කරපු ගුරුවරුන්ට අගමැති හරිනි සැර පාඩමක් උගන්වයි! ඉල්ලන දේ දෙන්න බැරි හේතුව තේරෙන බාසාවෙන්ම කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඡන්ද කාලෙ නම් හරිනි කිව්වේ දේශපාලඥයන්ට ඉස්කෝලවල උත්සවවලට එන්න දෙන්නෙ නෑ කියලා! දැන් කියනවා ප්‍රදේශයේ මන්ත්‍රීවරයාට පාසලේ උත්සවවලට යන්න පුළුවන් කියලා..! VIDEO I Sri Lanka Latest News

බද්ද 14%කින් අඩු කරගැනීම හොඳයි! හැබැයි 30%ක් වැඩියි! අපනයන කඩාවැටීමේ අවදානමක් තියෙනවා! ඒ වගේම අමෙරිකාව අපේ ආයෝජකයන්ට කතාකරනවා! ඒ ආයෝජකයො අමෙරිකාවට ගියොත් අපේ ආර්ථිකය කඩන් වැටේවි! රස්සා නැතිවේවි! ඒ නිසා ආයෝජකයන්ට සහන දෙන්න වේවි! ඒ වගේම අපි චීනය-ඉන්දියාව-රුසියාව එක්ක වැඩිපුර ගනුදෙනු කරන්න ගියොත් තවත් 10%ක අමතර බද්දක් වැටෙනවා! ඒ නිසා ආණ්ඩුව රාජ්‍යතාන්ත්‍රිකව කටයුතු කරන්න ඕනෑ! IMF එකත් එක්ක වහාම කතා කරන්න! මහාචාර්ය අමින්ද මෙත්සිල 30%ක බද්දේ කවුරුත් නොදකින පැත්ත පෙන්වා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මහබැංකුවේ තීරණයෙන් රට තවත් අමාරුවේ? VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

Load More
දරුවන් පාසලට දාගන්න ඉල්ලා ඉසුරුපායට ඇවිත් සත්‍යග්‍රහ කරපු ගුරුවරුන්ට අගමැති හරිනි සැර පාඩමක් උගන්වයි! ඉල්ලන දේ දෙන්න බැරි හේතුව තේරෙන බාසාවෙන්ම කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඡන්ද කාලෙ නම් හරිනි කිව්වේ දේශපාලඥයන්ට ඉස්කෝලවල උත්සවවලට එන්න දෙන්නෙ නෑ කියලා! දැන් කියනවා ප්‍රදේශයේ මන්ත්‍රීවරයාට පාසලේ උත්සවවලට යන්න පුළුවන් කියලා..! VIDEO I Sri Lanka Latest News

වැසිකිළියකට මුල්ගල තැබීම ගැන කියපු අගමැතිනි. ''ප්‍රදේශයේ මන්ත්‍රීවරයකුට අවට පාසලක උත්සවයකට යන එක අපි තහනම් කරලා නෑ'' Sri Lanka Latest...

Read more
බද්ද 14%කින් අඩු කරගැනීම හොඳයි! හැබැයි 30%ක් වැඩියි! අපනයන කඩාවැටීමේ අවදානමක් තියෙනවා! ඒ වගේම අමෙරිකාව අපේ ආයෝජකයන්ට කතාකරනවා! ඒ ආයෝජකයො අමෙරිකාවට ගියොත් අපේ ආර්ථිකය කඩන් වැටේවි! රස්සා නැතිවේවි! ඒ නිසා ආයෝජකයන්ට සහන දෙන්න වේවි! ඒ වගේම අපි චීනය-ඉන්දියාව-රුසියාව එක්ක වැඩිපුර ගනුදෙනු කරන්න ගියොත් තවත් 10%ක අමතර බද්දක් වැටෙනවා! ඒ නිසා ආණ්ඩුව රාජ්‍යතාන්ත්‍රිකව කටයුතු කරන්න ඕනෑ! IMF එකත් එක්ක වහාම කතා කරන්න! මහාචාර්ය අමින්ද මෙත්සිල 30%ක බද්දේ කවුරුත් නොදකින පැත්ත පෙන්වා දෙයි! VIDEO I Sri Lanka Latest News

මහබැංකුවේ තීරණයෙන් රට තවත් අමාරුවේ? VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.