වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හලවල් කැලය, පිටොස්කන්ද ප්‍රදේශයේ අන්තර්ජාල සබඳතාව නොමැතිවීමෙන් ඔන්ලයින් අධ්‍යාපනය ලැබීමට බාධා එල්ල වී ඇත.
මෙම ප්‍රදේශයේ වනාන්තරයක් මැද පිහිටා තිබෙන පර්වතයක් මතට පමණක් අන්තර්ජාල සංඥා ලැබෙන බවද, එම පර්වතය මත පැලක් ඉදිකර දරුවන්ට ඔන්ලයින් අධ්‍යාපනය දීමට කටයුතු කළ බවත් මවුපියෝ පවසති.
මෙම ප්‍රදේශයට ආසන්න, උතුම්ගම, fඳාඩම්පාපිටිය යන ප්‍රදේශවලද පැවැති මෙම ගැටලුව හේතුවෙන් නව දුරකතන සංඥා කුලුනක් ඉදිකළද, එහි සංඥා නිසියාකාරව නොලැබෙන බව ප්‍රදේශවාසීහු පවසති.
මේ සම්බන්ධයෙන් අදාළ බලධාරීන් හා තාක්‍ෂණික නිලධාරීන්ගේ අවධානය කඩිනමින් යොමු කරන ලෙස මවුපියෝ ඉල්ලා සිටිති.










