• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හිතාගන්න බැරි විදිහට ඇත්ත වුණු ලෝකෙටම මැජික් පෙන්නපු ෆිල්ම්

January 20, 2021
in Exclusive
Reading Time: 6 mins read
A A
හිතාගන්න බැරි විදිහට ඇත්ත වුණු ලෝකෙටම මැජික් පෙන්නපු ෆිල්ම්
Share on WhatsAppShare on Facebook

ජීවිතේ චිත්‍රපටියක් වගේද? අපිට සමහර වෙලාවට හිතෙනවා අපේ ජීවිතේ චිත්‍රපටියක් වගේ ලස්සන නම් කොච්චර හොඳයිද කියලා. එහෙම ජීවිතයක් සමහරු ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සමහර වෙලාවට එහෙම ජීවිතයක් ලැබෙයිද කියලා හීන දකිනවා. සමහර වෙලාවට අපි නළුවෝ වගේ ජීවත් වෙන්න හදනවා. සමහර වෙලාවට නිළියෝ වගේ ලස්සන වෙන්න හදනවා. ඒගොල්ලෝ අඳින විදිහට අඳින්න උත්සහ කරනවා. ඉස්සර කතාවක් තියෙනවා චිත්‍රපටි ශාලාවට ගිහිල්ලා මිනිස්සු එළියට බහින්නේ ප්‍රධාන නළුවගේ චරිතය තමන් කියලා හිතාගෙන කියලා. මේ විදිහට චිත්‍රපටිත් එක්ක ජීවත් වෙන මිනිස්සු ලෝකේ හැමතැනම ඉන්නවා. ලෝකේ හැම රටකම වගේ චිත්‍රපටි තියෙනවා. සමහර රටවල චිත්‍රපටි ලෝකෙම ප්‍රසිද්ධ වෙනවා. බොක්ස් ඔෆිස් වාර්තා බිද හෙළමින් චිත්‍රපටි ලෝකේ පුරා යනවා. චිත්‍රපටි අපි ආදරෙන් වැළඳ ගන්නවා. අපිට චිත්‍රපටි මුළු ජීවිත කාලේ පුරා මතක හිටිනවා.

සමහර චිත්‍රපටි සත පහක වැඩක් නැති වුණත් ඒ චිත්‍රපටිත් මිනිස්සු බලනවා. මේ විදිහට චිත්‍රපටි ගැන කතා කරන්නේ මව්රට විශේෂාංග තීරයේ චිත්‍රපටි ගැන ලියන නිසා නෙමෙයි. මං හිතන්නේ අපිට මේ විදිහට චිත්‍රපටි ගැන විශේෂාංග ලිපියක් ලියන්න වෙන්නේ ටිකක් කලාතුරකින්. ඒකට හේතුව තමයි අපේ රටේ චිත්‍රපටි කර්මාන්තය අපි හිතන තරම් ලොකු තැනක නොතිබීම. චිත්‍රපටි කර්මාන්තයේ යෙදෙන්න අවශ්‍ය කරන පහසුකම් මොන තරම් තිබුණත් නිර්මාණාත්මක හිඟකම නිසා දැන් හොඳ නිර්මාණ බිහි වෙන්නේ නෑ කියලා ලියුම්කරු පුද්ගලිකව හිතනවා. හැබැයි ඒ හිතීම මේ කතාවට අදාළ නොවෙන නිසා ඒක අපි හිතින් අමතක කරලා මේකේ ඊළඟ කොටසට යමු. ඊළඟ කොටස තමයි චිත්‍රපටිවල කියපු ජීවිතේ හැබෑ ලෝකෙදී සිද්ධ වෙනවද කියන එක. හුඟක් වෙලාවට අපි කියන්නේ චිත්‍රපටිවල තියෙන දේවල් හැබෑ ලෝකෙදි සිද්ධ වෙන්නේ නෑ කියලා. හැබෑ ලෝකෙදී සිද්ධ වෙන සමහර දේවල් අතිශය සුවිශේෂී වුණාම අපි කියනවා ඒක හරියට චිත්‍රපටියක් වගේ කියලා.

මේ විදිහට චිත්‍රපටි නිර්මාණය වෙද්දී ලෝකයේ සමහර චිත්‍රපටකරුවෝ ඉන්නවා ඔවුන්ගේ නිර්මාණ ඉතාම අතාත්වික නිර්මාණ බවට පත් වෙන ඒවා. ඒවා සමහර වෙලාවට විද්‍යා ප්‍රබන්ධ. කවදාවත් මේ ලෝකේ ඇත්ත නොවෙයි කියලා හිතන දේවල්. ඒ චිත්‍රපටිය බලන අතරතුරේ පවා අපි හිතන්නේ “අපෝ මේවා නම් කොහෙද වෙන්නේ, මේවා බොරුනේ” කියලා. එහෙම ‘බොරුනේ’ කියලා කියපු චිත්‍රපටි කීපයක් පහුගිය කාලේ ඇතුළත අපිට හිතාගන්න බැරි විදිහට ඇත්ත වෙච්ච හැටි අපි මේ කතා කරන්න උත්සහ කරන්නේ.

ඔබ දන්නවද දන්නේ නෑ “2012” කියන චිත්‍රපටිය. මේ “2012” කියන චිත්‍රපටියේ එන්නේ 2012 ලෝකය විනාශ වෙනවා කියලා හදාගත්තු යම් මිථ්‍යා මතයකුත් එක්ක. සමහරවිට මේක මේ සිනමාපටය ලෝකේ ප්‍රචලිත කරන්න හදපු “ ටීසර්” ක්‍රමය දැන්වීම් විශේෂයක් වෙන්නත් පුළුවන්. හැබැයි මේ ලෝක විනාශය ගැන, මායන්වරු ගැන විවිධ සංකල්ප ලෝකෙට එද්දී අපි මේ චිත්‍රපටිය බැලුවේ ඒ කිසිම දෙයක් විශ්වාස කරමින් නෙමෙයි. ඒ අතර ඔබට මතකද දන්නේ නෑ ‘ඩේ ආෆ්ට ටුමාරෝ’ මේ චිත්‍රපටයෙ සුනාමිය ගැන තිබුණු සමහර ඉගි මේ නිර්මාණය සුනාමිය ගැන කියන එකක් නොවුණත් මේකෙදි ලෝකේ විනාශ වෙන හැටි ඔවුන් පෙන්නුවා. මේ ලෝකේ විනාශ වෙන හැටි පෙන්නනකොට සමහර තැන්වල තිබුණා නැව් නගරයට පැමිණෙන ආකාරය. මෙහෙම නැව් නගරයට එන්නේ මුහුද ගොඩ ගලලා. මෙහෙම මුහුද ගොඩ ගැලීම ගැන මේ සිනමා පටියේ අපි බැලුවට අපි කවදාවත් විශ්වාස කළේ නෑ ඒ විදිහට නැවක් නගරයට එන තරමට මුහුද ගොඩට ගලයි කියලා. ඒ වගේම ප්‍රධාන මට්ටමේ ගොඩනැගිලි මුහුදු ජලයෙන් පිරී යන ආකාරය මේ සිනමා පටයේ දකින්න ලැබුණා. මේක චිත්‍රපටියක් විතරක් කියලා හිතන් හිටපු අපිට ඉතාම ඉක්මනට සුනාමි අත්දැකීම විඳින්න ලැබුණා. එදා ඇත්තටම නැව් ගොඩබිමට ආවා. කෝච්චි පෙරලුණා. විශ්වාස කරන්න බැරි විදිහේ මුහුදු රළ ප්‍රධාන මට්ටමේ ගොඩනැගිලි ඇතුළට කඩා පැන්නා. මිනිස්සු ලක්ෂ ගාණක් මිය ගියා. මේ මියයාම මීට කලින්, වසර ගණනකට පෙර සිනමාකරු තමන්ගේ නිර්මාණ ඇතුළේ පෙන්නලා තිබුණා. ඒ නිසා විශ්වාස කරන්න බැරි දෙයක් විදිහට ඒක පහුකාලීනව අපිට විශ්වාස කරන්න සිද්ධ වුණා. ඒ වගේම විශේෂම දෙයක් තමයි මේ කොවිඩ් අර්බුදය.

කොවිඩ් අර්බුදය ලෝකෙට එන්නේ කිසිසේත්ම විශ්වාස නොකළ විදිහට.හැබැයි මේ විදිහටම කොවිඩ් වගේ රෝගයකින් මුළු ලෝකයම බිලිගන්න හැටි, ඒ මිනිස්සුන්ට මාස්ක් දාගෙන පාරෙ තොටේ යන්න වෙන හැටි, එකිනෙකාගෙන් ඈත් වෙලා ඉන්න සිද්ධ වෙන හැටි, මිනිස්සු පාරේ මැරි මැරී වැටෙන හැටි, මිනිස්සුන්ගේ ජීවිතවලට දැඩි තර්ජනයක් වෙන වෛරසයක් මුළු ලෝකේ පුරාම පැතිරෙන හැටි එක්තරා සිනමාකරුවෙක් මීට වසර ගණනකට පෙර තමන්ගේ නිර්මාණෙදී පෙන්නලා තිබුණා.

ඒ චිත්‍රපටයෙ නම contagion. තිරගත වුණේ 2011. චිත්‍රපටය ලියලා තිබුණෙ ස්කොට් බර්න්ස්. අධ්‍යක්ෂණය කළේ ස්ටීවන් සොඩර්බර්ග්. ඒ නිර්මාණය අදහාගන්න බැරි විදිහට අද වෙනකොට සත්‍ය බවට පත්වෙලා තියෙනවා. එදා ඔහු කියන්න හදපු දේ ඉතාම සාමාන්‍ය ප්‍රබන්ධයක් වුණත් අද වෙනකොට ඒ නිර්මාණය ප්‍රබන්ධයක් නොවෙන තැනට පත්වෙලා. අද විශ්වාස කළ යුතු තැනට පත්වෙලා. ඒ සිනමාකරු සමහරවිට එදා සිහිනෙකින්වත් නොහිතපු විදිහට ඔහු තමන්ගේ සිනමාපටය සදහා නිර්මාණය කරගත්තු පසුතලයම සමහර රටවල අපිට පහුගිය වකවානුවේ දකින්න ලැබුණා. ඒ වගේම ඒ සිනමාපටයට අදාළ වෙච්ච සමහර දර්ශන අපේ නගරවලදී හම්බවුණා. මේක තමයි ලෝක සිනමාව විසින් අපිට උගන්නපු තවත් එක පාඩමක් වෙන්නේ.

ලෝකයෙම ඉතාම ප්‍රකට වෙච්ච චිත්‍රපටයක් තමයි ඔය 2012 කියන චිත්‍රපටය. රෝලන්ඩ් එමාරිච් කියන ප්‍රකට සිනමාකරු තමයි මේ සිනමා පටය නිර්මාණය කරන්නෙ. මේ සිනමාපටය එළිය එන්නෙ 2009දි. මේ නිර්මාණය ඇතුළෙ පෙන්වන ප්‍රධානතම දෙයක් වෙන්නෙ විශාල කාලගුණ විපර්යාස. ඒවා අතර තියෙන බොහෝමයක් ඒවා අදවෙන කොට ලෝකය පුරාම ඇත්ත වෙමින් යනවා. මේ සිනමාකරු කියන්නෙම ලෝකය විශාල කාලගුණ වෙනසකට සූදානම් වෙනවා කියලා. ඒ වෙනස වෙන්නෙ ශීත කලාප උණුසුම් වෙන එක, උණුසුම් කලාප ශීත වෙන එක කියන සරල දේක ඉඳලා ගංවතුර අනතුරු වගේ විශාල දේවල්. අද වෙනකොට මේ සියල්ලම අදහාගන්න බැරි විදියට ඇත්ත වෙමින් යනවා.

කිංග්ස්මන් ච්ත්‍රපට මාලාව සකස් වෙන්නෙ විශේෂ රහස් පරීක්ෂක කණ්ඩායමක කතාව අළලා.මේ චිත්‍රපටි පෙළ නිර්මාණය කරන්නෙ මැතිව් වෝග්න්. මේ නිර්මාණ ඇතුළෙ කතා කරන්නෙ විශාල වස්ංගතයක් පැතිරිලා මුලු ලෝකෙම අර්බුදයකට යන හැටි. ඒකෙ එකතැනක නගරෙන් නගර රතුපාටින් සළකුණු කරනවා. ඒ භයානක කම මුලු ලෝකෙටම දැනෙනවා. රටවල්වල නායකයො ඒකෙන් කලබල වෙනවා. අද මේ සිනමා නිර්මාණ බලනකොට අපිට දැනෙන්නෙ හරියටම කොවිඩ් ප්‍රශ්නය ලෝකෙට දැනෙනවා වගේමයි.

කාප්පන් කියන්නෙ ඉන්දියාවෙ නිෂ්පාදනය වුණ චිත්‍රපටිය. මේ චිත්‍රපටිය අධ්‍යයනය කරන්නේ කේ.වී. ආනන්ද්. මේක අයිති වෙන්නෙ දෙමළ සිනමාවට. හැබැයි මේක සාම්ප්‍රදායික ප්‍රේම කතාවකට, සාම්ප්‍රදායික සටන් ජවනිකාවලට එහා ගිය එකක්. මේකෙ පෙන්නන්නෙ ගොවිබිම් විනාශ කරන්න එන කෘමි උවදුරක් ගැන. ඒ කෘමීන්ව පර්යේෂණාගාර මට්ටමින් හදන හැටි මේ නිර්මාණයේ දී කතාබහ කෙරෙනවා. අද වෙන කොට අපිට මුහුණ දෙන්න වෙලා තියෙන සේනා දළඹු උවදුරත් හරියට මේ නිර්මාණය ඇතුළෙ කතා බහ කෙරෙන කතාව වගේමයි.

කේ.එස්. රවිකුමාර් අධ්‍යක්ෂණය කරන ‘දසඅවතාරම්’ චිත්‍රපටිය බලගතු ජීව අවියක් ගැන කතාවක්. ඒත් පුදුමය කියන්නෙ මේ චිත්‍රපටියෙන් කතා කරන්නෙ හරියටම කොවිඩ් 19 අර්බුදය වගේම එකක්. මිනිස්සු ඒකට මුහුණ දෙන විදිය එදා මේ දිහා බලපු කෙනෙක්ට අද දැනෙන්නෙ හරියට ඒක සාමාන්‍යකරණය වෙලා වගේමයි.

බෝරි ඇට් මිඩ්නයිට් කියන්නෙ 1942 දී තිරගත වුණ සොම්බි අත්දැකීම් සහිත සිනමා පටයක්. විශ්වාස කරන විදියට මේ තමයි පළමු සොම්බි චිත්‍රපටය. අධ්‍යක්ෂණය කරන්නෙ වෝල්ස් ෆොක්ස් කියන නිර්මාණ කරු.

ඩවුන් ඔෆ් ද ඩෙඩ්, ලිට්ල් මොන්ස්ටර්ස්, පැරනෝමන්, 1943 දී සෑම් නිව්ෆීල්ඩ් විසින් ඩෙඩ් මෑන් වෝක් කියලා සිනමාපටයක් නිර්මාණය කරනවා. එතැන් සිට මේ දක්වා “සොම්බි” චිත්‍රපටි විශාල ප්‍රමාණයක් නිර්මාණය වෙනවා. සොම්බි අත්දැකීම තවම අපිට නැතත්, ඉතාම ඉක්මනින් ඒ වගේ විපතකට මුහුණ දෙන්න වෙන්න පුලුවන් කියලයි අද ලෝකය ඒ ගැන කතාවෙන්නෙ.

මොකද දැන් වෛද්‍යවරු වගේම ලෝක ප්‍රකට අනාවැකිකරුවොත් අනතුරු අඟවලා තියෙනවා. ඉදිරියෙදි හම ගැලවලා යන වෛරස් එකක් ලෝකෙට එයි කියලා. ඒ කියන්නේ හරියටම ඒ වෛරසය හැදුනම ‘සොම්බි’ කෙනෙක් වගේ වේවි කියලා.

ඒ වගේම කෘමි උවදුරු සම්බන්දවත් සිනමා නිර්මාණ විශාල ප්‍රමාණයක් හදලා තියෙනවා. හැබැයි ඒ හැම එකකම කියවෙන්නෙ අද සේනා දළඹුවා ඇවිල්ලා අපිට කරන කරදරයට සමාන එකක් ගැන. මේ විදියට වගා විනාශ වෙලා ජීවිත අර්බුදයට පත්වෙන හැටි මේ සිනමා නිර්මාණවල කියන්නෙ. මේ සම්බන්දව කතා කරන නිර්මාණ විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒවා The Strength and Agility of Insects නිර්මාණ තියෙනවා.

කොහොම නමුත් අද වෙන කොට මේ නිර්මාණ හුඟාක් ඒවා ඇත්ත වෙලා. එතකොට ඉන්ඩිපෙන්ඩන්ට් ඩේ වගේ ඒවත් ඇත්ත වෙයිද? පිටසක්වල ජීවියො අපිව ආක්‍රමණය කරයි? ගොඩ්සිලා ස්පයිඩර් වගේ නිර්මාණවල ඉන්න සත්තු මතුවෙයිද? ඒ නිසා අද ඉඳන් චිත්‍රපටි බලන ගමන් කල්පනාවෙන් ඉන්න. මොකද ෆිල්ම් කියන්නෙම සෙල්ලමක් නෙමේ. හුඟාක් වෙලාවට
“සිනමා කාරයො කියන්නෙ බොරු…”
කියලා අපි හිතුවට මේ වෙනකොට මේ හැම එකක්ම ඇත්ත වෙලා. නිර්මාණ අස්සෙ ජීවිතේ හොයන්න පුළුවන් තරමට සිනමා නිර්මාණ එකින් එක ඇත්ත වෙමින් යනවා.

“බැට් මෑන්
ස්පරයිඩර් මෑන්
හල්ක්
අයන් මෑන්”
වගේ අයත් හෙට අනිද්දට අපේ ගෙවල් වලට උඩින් අහසෙ ඉන්නෙ බැරි කමක් නෑ. සමහර විට ජනේලෙකින් එබිලා බලන්නත් පුළුවන්. ඒ වගේම “ඩේ ආෆ්ටර් ටුමාරෝ” වගේ ඒවයෙ තියෙන විදියට හෙට ලෝකෙම හිමෙන් වැහෙන්නත් බැරිද?

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

අමේසන් සරි සිංහරාජේ සිරි

Next Post

වරාය සටන ඇල්ලේ හිමි අතට ගනී

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.